වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 26 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
බිහිසුණු හෝරාවක දකින අමුතු චිත්‍රය

ඉසුරු වීරසිංහ මුදලිගෙන් තවත් අත්දැකීමක්

බිහිසුණු හෝරාවක දකින අමුතු චිත්‍රය

සීතල පළාතක පිහිටි පැරැණි බංගලාවකි. එය පපාස් හවුස් නමින් නම් කෙරුණකි. එය චාරිකා සඳහා පැමිණෙන සංචරකයින්ට තාවාකාලිකව නවාතැන් දෙන නිවාඩු නිකේතනයකි. පාසල් ළමුන් පිරිසක් මෙම බංගලාවෙහි නතර වෙයි. රාත්‍රී ආහාරයෙන් පසුව නින්දට යන දරුවන්ගෙන් එක් දැරියක නින්දෙන් නැගිට ඇවිදින්නට පටන් ගනියි. ඇගේ නම එමාය. පසුදා උදෑසන දැරිය අතුරුදන් වී ඇත. සියලු දෙනා ඇයව සොයයි. එහෙත් ඇයව නැවත හමු නොවෙයි. මාස කිහිපයක් ගත වී යයි. මවක් සහ දියණියන් දෙදෙනකු මෙම නිවසේ නිවාඩුවක් ගත කිරීමට පැමිණෙති.

මෙම බංගලාවේ නිතර වසා දමා ඇති කාමරයකි. දැරියන් දෙදෙනාගෙන් බාල දියණිය මෙම නිවසෙහි කාමරයක නිදා සිටින අතර යම් ශබ්දයක් ඇසී නින්දෙන් නැගිට පිට වෙයි. එක වරම ඇගේ කාමරයේ දොර වැසෙන අතර ඇය බිය වී නැවත නිදා ගනියි. මෙම බංගලාවේ මෙහෙකරුවාගේ කුඩා පිරිමි දරුවකු ඇය හා කුලුපඟ වෙයි. දෙදෙනා සෙල්ලම් කරති. පසුදා රාත්‍රියේ ද පෙර පරිදිම ශබ්දයක් ඇසී දරුවා නින්දෙන් කාමරයෙන් පිටව යයි. ඇය කෙළින්ම වසා දමා ඇති කාමරය දෙසට ගමන් කරයි.

ඇය එතැනට යනවිට එම කාමරයේ දොර විවෘතව ඇත. ඉන් තද ආලෝක කදම්බයක් විහිදෙයි. දැරිය කාමරයට ඇතුළු වන්නට සැරසෙත්ම කිසිවකු ඇයව නවත්වයි. ඒ ඇගේ අම්මාය. අම්මා පසුදා පිටත්ව යන්නේ තාත්තා කැඳවාගෙන එන්නටය. තනිව සිටි සැරිය බංගලාවෙහි ඇවිදියි. වසා දමා ඇති කාමරයෙහි දොර යළිත් විවෘතව පවතියි. ඇය ඊට ඇතුළු වෙයි. එතුළ පැරැණි චිත්‍ර රාශියකි. ඇය ඒවා දෙස ඉතා ඕනෑකමින් බලයි. ඉන් එක චිත්‍රයක විශේෂත්වයක් ඇය දකියි. එය බංගලාවෙහි ඇති රහස් සිතුවමය. පෙර ගැහැනු ළමයා වූ එමා අතුරුදන්වීිමෙහි පිටුපස ඇත්තේ ද මෙම චිත්‍රයය.

මෙම කතා පුවත අන්තර්ගත සිනමා සිතුවම නම් කොට ඇත්තේ පපාස් හවුස් යනුවෙනි. කලර් සිනමාපටය ඔස්සේ අධ්‍යක්ෂවරයකු ලෙස කල එළියට ආ ඉසුරු වීරසිංහ මුදලි පපාස් හවුස් හි අධ්‍යක්ෂවරයාය.

පපාස් හවුස් රංගනයෙන් හැඩ කරන්නෝ :

හේමසිරි ලියනගේ, රිචඩ් මානමුලි, ඕෂධී හේවාමද්දුම, ත්‍රිකලා ධරණි, ජානවී අප්සරි අබේවර්ධන, ප්‍රභාෂ් දිලීපන්, මල්කා චන්චරා, නිමල් ජයසිංහ

කැමරා අධ්‍යක්ෂණය - ගයාන් ශානක මුහන්දිරම්

සංස්කරණය - ශාන් අල්විස්

සහාය අධ්‍යක්ෂණය - ඉඳුනිල් දැරණියගල

කලා අධ්‍යක්ෂණය - කසුන් රජීව

අංග රචනය - තාරක අධිකාරි

තිර රචනය - ඉසුරු වීරසිංහමුදලි

නිෂ්පාදනය - ඉනෝකා පෙරේරා