වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
HALLOWEEN

 

සෑම වසරකම ඔක්තෝබර් 31 වැනිදා ලොව පුරා බොහොමයක් රටවල් සමරනු ලබන හැලෝවීන් උත්සවය දැන් අපේ රටටත් ආගන්තුක වූ එකක් නොවෙයි. බටහිර ජාතීන් විසින් දුෂ්ට ආත්ම පළවා හැරීම වෙනුවෙන් පවත්වන්නට යෙදුණු මෙම උත්සවය වර්තමානය වන විට විලාසිතාවක් බවට පත් වී අවසන්. ‘හැලෝවීන්’ හෙවත් ‘මළවුන්ගේ රාත්‍රිය’ සැමරීම වෙනුවෙන් බොහෝ දෙනා සාද පවත්වන අතර ඒ වෙනුවෙන් විශේෂ ඇඳුම් පැලඳීම්වලින් සැරසෙන ආකාරය ද දැකිය හැකියි. මෙය කුඩා දරුවන්ට විනෝදය ගෙන දෙන්නක් බවට පත් වී ඇති අතර ඔවුන් විවිධාකාර ඇඳුම් ඇඳ රාත්‍රිය එළඹෙත්ම මල්ලක් රැගෙන රසකැවිලි එකතු කිරීමට නිවෙසෙන් නිවෙසට යන අතර සෑම නිවෙසෙක් ඉදිරිපිටම වට්ටක්කා ගෙඩියකින් සකසා ආලෝකමත් කළ සැරසිල්ලක් තැබීමට ද අමතක නොකරයි.

ගිම්හානයේ අවසානය සමඟ පුරාණ යුරෝපීයයන්ගෙන් පැවතෙන කෙල්ටික්වරුන් විසින් සමරනු ලබන සාවින් උත්සවය ඇසුරෙන් හැලෝවීන් බිහිවුණු බව කියවෙයි. සෑම වසරකම නොවැම්බර් 01 වැනිදා සාවින් සමරනු ලබන අතර මෙම දිනයේදී මළවුන් තමා වෙත පැමිණෙන බවට විශ්වාස කළ කෙල්ටික්වරු ඊට පෙර දින (ඔක්තෝබර් 31) මළවුන් ගෙන් ආරක්ෂා වීම පිණිස ආහාර පාන තම නිවෙස් ඉදිරිපිට තැබීමට පියවර ගෙන තිබුණි. එපමණක් නොව මළවුන්ට හඳුනාගත නොහැකි වනු පිණිස එදින විවිධ විකාර රූපි ඇඳුම් ආයිත්තම්වලින් සැරසීමට ද ඔවුහු අමතක නොකළහ. හැලෝවීන් උත්සවයේ අතීතය දෙස හැරී බැලුවහොත් එය ක්‍රිස්තු පූර්ව පස්වන සියවස දක්වා දිවෙන්නක්. විසිවන සියවන පමණ වන විට හැලෝවීන් අමෙරිකාවේ නිවාඩු දිනයක් බවට පත්වන අතර විසිඑක්වන සියවස වන විටදී එය ලොවපුරා ව්‍යාප්තව ඉහළින් සමරනු ලබන විනෝදකාමී උත්සවයක් බවට ද පත් වී අවසන්.

මෙම හැලෝවීන් සැමරුම පාදක කොට ගනිමින් චිත්‍රපට, චිත්‍රකතා, නවකතා සහ පරිගණක ක්‍රීඩා රැසක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා. මේ අතරින් හැලෝවීන් චිත්‍රපට මාලාව ආරම්භ වූයේ 1978 වසරේදීයි. 1978 වසරේ ඔක්තෝබර් 25 වැනිදා Halloween නමින් තිරගත කළ එය අධ්‍යක්ෂණය කෙරුණේ අමෙරිකානු සිනමාකරු ජෝන් කාපෙන්ටර් විසින්. 1963 වසරේ හැලෝවීන් රාත්‍රියේදී හය හැවිරිදි මයිකල් මයර්ස් ඔහුගේ 17 හැවිරිදි සහෝදරිය ජූඩිත් දරුණු අන්දමින් ඝාතනය කරනවා. අත්අඩංගුවට ගැනෙනා කුඩා මයිකල් මානසික ප්‍රතිකාර වෙනුවෙන් මානසික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව වසර 15ට පසුව නිදහස් වී පැමිණ කුඩා දරුවන් බලාගන්නා තරුණ සේවිකාවන් සොයා ගොස් දරුණු ලෙස ඝාතනය කරයි. අවසානයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වන මයිකල්ගේ සිරුර අතුරුදන් වීම සමඟින් Halloween II  චිත්‍රපටය 1981 වසරේදී තිරගත කෙරුණා. මයිකල් දරුණු ඝාතකයකු බවට පත් වෙමින් Halloween III: Season of the Witch (1982),Halloween 4: The Return of Michael Myers (1988),Halloween 5: The Revenge of Michael Myers (1989),Halloween: The Curse of Michael Myers (1995), Halloween H20: 20 Years Later (1998),Halloween: Resurrection (2002), Halloween (2007), Halloween II (2009) චිත්‍රපට තිරගත කෙරුණා.

මේ වසරේ ඔක්තෝබර් මාසය එළඹෙත්ම රිදී තිරයේ දී වසර නවයකට පසුව යළිත් හැලෝවීන් චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එය හැලෝවීන් චිත්‍රපට මාලාවේ 11 වැන්න ලෙසින් තිරගත කිරීම ආරම්භ කළේ ඔක්තෝබර් 19 වැනිදා සිටයි. සුපුරුදු හැලෝවීන් චිත්‍රපට මාලාවෙන් බැහැරව මෙවර කතාව තරමක් වෙනස් අන්දමෙන් ආරම්භ කෙරෙනවා. එනම් එහි ආරම්භය, 2009 වසරේ අවසන් වූ තැනින් නොව Halloween (1978) චිත්‍රපටයේ දෙවැන්න ලෙස 1978 වසරේ අවසන් වූ තැනින් ආරම්භ වීම විශේෂත්වයක්. එනම් හතළිස් වසරකට පසු මයිකල් කුමක් කරන්නේද යන්න Halloween (2018) චිත්‍රපටයෙන් ගෙන එනවා. වසර හතළිහකට පෙර මයිකල් විසින් ලුහුබැඳී සිසුවිය ලෝරී ස්ට්‍රෝඩ් ඝාතනය කරන්නට කරන්නා වූ සැලසුම සාර්ථක වේවි ද? නැති ද? යන්න දැක ගත හැකි වෙනවා.

මේ වන විට ලෝරි මිත්තණියකි. මෙහි ලෝරිගේ චරියට පණ පොවන්නේ එදා ඇයගේ තරුණ වියට ද පණ පෙවූ ජෙමී ලී කර්ට්ස් විසිනි. 1950 - 1960 දශකවල අතිශය ජනප්‍රිය අමෙරිකානු නළුවකු වූ ටෝනි කර්ට්ස් සහ නිළියක, ගායිකාවක, නර්තන ශිල්පිණියක මෙන්ම ලේඛිකාවක වූ ජැනට් ලීගේ දියණිය වූ ජෙමීගේ කුලුඳුල් සිනමා රංගනය වූයේද 1978 වසරේ හැලෝවීන් චිත්‍රපටය යි. හැලෝවීන් චිත්‍රපට මාලාවේ චිත්‍රපට පහකට ඇයගේ රංගන දායකත්වය ලැබී ඇත. මයිකල්ගේ චරිතයට පණ පොවන්නේ නික් කාසල් විසිනි. The Last Starfighter, The Boy Who Could Fly, Dennis the Menace, Mr. Wrong  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නික්ගේ රංගනය කැපී පෙනුනේ 1978 වසරේදී හැලෝවීන්හි වෙස්මුහුණ පැලඳී මයිකල්ගේ චරිතයෙනි. 1986 වසරේදී The Last Starfighter, The Boy Who Could Fly, Dennis the Menace, Mr. Wrong චිත්‍රපටයෙන් පසු ඔහු සිය රංගන දායකත්වය ලබා දෙන්නේ 2018 වසරේ හැලෝවීන් චිත්‍රපටයට වීමත් විශේෂයි. 1978 වසරේ හැලෝවීන් චිත්‍රපටයේ වෙස් මුහුණ රහිත මයිකල්ගේ චරිතයට පණ පෙව්වේ අමෙරිකානු නළු ටෝනි මොරන් විසිනි. ජෙමී සහ නික් සමඟින් ජූඩි ගියර්, ඇන්ඩි මැතිචැක්, විල් පැටන්, වර්ජිනියා ගාඩ්නර්, ඇතුළු පිරිසකගේ රංගනයෙන් හැඩවුණු මෙවර Halloween 2018 චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේ යුනිවර්සල් පික්චර්ස් විසින්. අමෙරිකානු අධ්‍යක්ෂ ඩේවිඩ් ගෝර්ඩ්න් ග්‍රීන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු එය රචනා කර තිබෙන්නේ ඔහු ද ඇතුළුව ජෙෆ් ෆ්‍රෙඩ්ලි සහ ඩැනි මැක්බ්‍රයිඩ් විසින්.

නව හැලෝවීන් චිත්‍රපටය ප්‍රේක්ෂක මෙන්ම විචාරක මනාපයද ඉහළින් දිනා ගන්න සමත් වී තිබෙනවා. එය IMDb  දර්ශකයේ 7.9/10ක් සහ රොටෙන් ටොමැටෝස්හි 86%ක් වාර්තා කර සිටිනවා. මේ වසරේ හැලෝවීන් චිත්‍රපටය, පසුගිය කතාවල තිබූ මිත්‍යාදෘෂ්ටික බව බැහැර කරමින් කළ ඵලදායි නිර්මාණයක් ලෙසින් විචාරකයන් පෙන්වා දෙනවා. ඔවුන් එය දකින්නේ, සාර්ථක පළමු චිත්‍රපටයකින් පසු දශක ගණනාවක් පුරා අපිරිසිදු වී තිබූ චිත්‍රපට මාලාව පිරිසිදු කළ චිත්‍රපටයක් ලෙසින්. විචාරකයන් පවසන්නේ, හැලෝවීන් චිත්‍රපට මාලාවට ඉතා හොඳ කොටසක් එක් වෙන්නට වසර හතළිහක් ගත වූ බවයි.