වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 16 වැනිදා අඟහරුවාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්

සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්

ටැමී ඕල්ඩ්හම් සහ ඇයගේ පෙම්වතා රිචඩ් ෂාර්ප් මුහුදු ගමනකට එක් වෙන්නේ බෝට්ටුවක් ප්‍රවාහනයකර දීම වෙනුවෙන්. මේ අනුව ඔවුන් දෙදෙනා හසානා නැමති බෝට්ටුව දකුණු පැසිෆික් මුහුදේ සිට කැලිෆෝනියාවේ සිටින එහි හිමිකරුවන් වෙත යන්නේ සුළි සුළං අධික කාලයකදීයි. කෙසේ නමුත් මේ දෙදෙනා තමන් ලද මෙම අවස්ථාව පැහැර නොහරින්නේ මුහුදේ යාත්‍රා කිරීම බෙහෙවින් ප්‍රිය කිරීම හේතුවෙන්. තවත් අතකින් මුදල් පවා යහමින් හිමිවන මෙම අවස්ථාව ඔවුන්හට කදිම ව්‍යාපාරික කටයුත්තක්ද වේ.

දරුණු රේමන්ඩ් සුළි සුළඟ හමා වන්නේ ටැමී සහ රිචඩ් හසානා යාත්‍රාව රැගෙන යන මෙම ගමන අතරතුරදීයි. එම සුළි සුළඟට මුහුණ දෙන හසානා යාත්‍රාව යාත්‍රා කළ නොහැකි තත්ත්වයකට පත් වන්නේ එහි පණිවුඩ හුවමාරු පද්ධතිය ද අක්‍රිය කරමින්. මෙම අනතුරෙන් පැය 27කට පසු පියවි සිහියට පැමිණෙන ටැමී එතැන් පටන් කුමක් සිදු කරනු ඇති ද? ඇගේ පෙම්වතා රිචඩ්හට කුමක් සිදුවීද?

ටැටී ඔල්ඩ්හම් සහ රිචඩ් සත්‍ය ලෙසින්ම මෙම සිදුවීමට මුහුණ දුන්නේ 1983 වසරේදීයි. එදා ඔවුන් බෝට්ටුව දියත්කර තිබුණේ රේමන්ඩ් නම් සුළි කුණාටුව දෙසටයි. මෙම දරුණු සිදුවීම ටැමී ඕල්ඩ්හම් සහ සුසී මැක්ග්‍රෙහාර්ට් විසින් පසුව Red Sky in Mourning: A True Story of Love, Loss, and Survival at Sea නමින් කෘතියක් ලෙසින් රචනා කෙරුණා. අහිමි වීම සහ ජය ගැනීම සමඟින් ටැමී එදා දිවි රැක ගැනීමට කළ සටන දැන් රිදී තිරයේ සිනමා ලෝලීන්හටත් දැකබලා ගැනීමට අවස්ථාව සැලසී අවසන්. ඒ බැල්තසාර් කොර්මකූර් විසින් අධ්‍යක්ෂණය කළ Adrift සිනමාපටයෙන්.

මීට 35 වසරකට පෙර සිදු වූ මෙම අනතුරට මුහුණු දුන් ටැමී සහ රිචඩ්ගේ චරිත ද්විත්වයට පණ පොවන්නේ 26 හැවිරිදි අමෙරිකානු නිළියක වන ෂයිලීන් වූඩි සහ බ්‍රිතාන්‍ය ජාතික නළු සෑම් ක්ලැෆ්ලින් විසින්. ජෙෆ්‍රි තෝමස් සහ එළිසබෙත් හව්ත්‍රොර්න් ද මෙහිදී ඔවුන් සමඟින් රංගනයෙන් එක් වෙනවා. Adrift තිරරචනය කර තිබෙන්නේ, ආරෝන් කැන්ඩෙල්, ජෝර්ඩ්න් කැන්ඩේල් සහ ඩේවිඩ් බ්‍රැන්සන් ස්මිත් විසින්. ජූනි 01 වැනිදා සිට Adrift ලොවපුරා තිරගත කිරීමට නියමිතයි.