වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්

ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්

පාපන්දුවට සිහින මැව් අපූරු දරු පෙළක්

මේ දරු ජීවිත ගැන සොයාබැලීම යුතුකමක්

මේ දිනවල බොහෝ දෙනෙකුගේ ජන ප්‍රසාදය මැද තිරගත වන රොහාන් පෙරේරා ගේ 'ගෝල්' චිත්‍රපටයෙන් හමුවන ළමා නළු නිළියන් රැසකි. 70 ට ආසන්න දරු දැරියන් පිරිසක් සහභාගි කරගෙන රොහාන් 'ගෝල්' නිර්මාණය කළ හැටි අපූරු අත්දැකීමකි. අපේ ප්‍රවිෂ්ටය ඒ ගැන කියන්නට නොවේ. මේ චිත්‍රපටය සඳහා රොහාන් තෝරාගත් ළමා නළු නිළියන් අතරින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන ළමා නළුවන් සත්දෙනෙකු පසුගිය දිනක අපට හමුවුණා. සිනමාව පිළිබඳ ජීවිතයේ කිසිදු දිනක කුඩා හෝ අත්දැකීමක් නොවිඳි මේ දරුවන් ගෝල් හි රඟපානුයේ අත්දැකීම් සපිරි පරිණත රංගන ශිල්පියන් මෙනි. මේ ඇරඹුම ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂ කඩඉමක් විය හැකිය. මතු දිනක මේ රටේ සිනමාව බබළවන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් මේ අතරින් බිහිවිය හැකිය.

පළමුව අප හමුවට පැමිණියේ මොහොමඩ් ෂාමිය. ඔහු ගෝල් චිත්‍රපටයේ 'ජබුස්' ගේ චරිතය නිරූපණය කරයි. එසේත් නොමැති නම් ඔහු ෆුට් බෝල් කණ්ඩායමේ ගෝල් කීපර්ය. මොහොමඩ් ෂාම් ගේ ගම වැල්ලම්පිටියය. ඉගෙන ගනිමින් සිටියේ වැල්ලම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයේය.

"මම නිතරම කැම්බල් පිටියට එනවා ෆුට්බෝල් සෙල්ලම් කරන්න. දවසක් සෙල්ලම් කර කර ඉන්නකොට කට්ටියක් ආවා. අපි සෙල්ලම් කරන විදිය වීඩියෝ කළා. ඡායාරූප ගත්තා. ඒ අතරින් කට්ටියක් තෝරාගෙන චිත්‍රපටයකට ළමයෙක් තෝරනවා කිව්වා. අන්තිමට මාව ඒකට තේරුණා. ඊට පස්සෙ දිගටම ෆුට්බෝල් ප්‍රැක්ටිස්වලට ආවා. රොහාන් සර්ව අඳුරගෙන එහෙම තමයි චිත්‍රපටයට තේරුණේ."

මොහොමඩ් ගේ පියා එම්. එස්. එම්. මර්සූය. මව සිංහල කාන්තාවක් වන චන්ද්‍රලතා පීරිස්ය. එහෙත් දැන් ඈ ෆාතිමා ෆවුසියාය. මොහොමඩ්ට රංගනයට කොයිතරම් හිත ගිහින්ද කිවුවොත් දැන් ඔහු ඉන්නේ ඉස්සරහටත් රඟපෑමේ ආසාවෙනි. එහෙත් මොහොමඩ් ගේ අධ්‍යාපනය මේ වන විට පවතිනුයේ අඩාළවය. විවිධ හේතු කාරණා නිසා එතෙක් ඔහු අධ්‍යාපනය ලැබූ පාසලට යන්නට මොහොමඩ් ගේ දැන් කැමැත්තක් නොමැත. නැවත පාසලක් සොයාගන්න තුරු බාහිර පංති කීපයකට ඔහු සහභාගි වේ.

ගෝල් චිත්‍රපටයේ 'කල්ප' ගේ චරිතය නිරූපණය කරනුයේ කවිඳු කල්හාරය. බොරැල්ලේ පදිංචි වී සිටින ඔහු සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ 9 වසරේ ශිෂ්‍යයෙකි. කවිඳු ද ෆුට් බෝල් සෙල්ලම් කරන්නට කැම්බල් පිටියට පැමිණෙන්නෙකි. ගෝල් චිත්‍රපටය සඳහා කවිඳු තෝරාගෙන ඇත්තේ ද එහිදීය.

"මම නම් ඉස්සර ඉඳන්ම රඟපාන්න ආසාවෙන් හිටියේ. ඒකට ඉතින් අවස්ථාවක් හම්බවුණේ නෑ. මට මේ අවස්ථාව හම්බවුණේ නම් ෆුට් බෝල් නිසා. මගේ තාත්තා ජල සම්පාදන මණ්ඩලයේ වැඩ කරන්නේ. අම්මා ගෙදර ඉන්නෙ. ඒ දෙන්නත් කැමැති වුණා ඉස්කෝලෙනුත් අවසර ලැබුණා මේ චිත්‍රපටයේ රඟපාන්න. කවදාහරි දවසක මට ඕන හොඳ ෆුට් බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න."

රිසාන් නයිසර් නිරූපණය කරනුයේ 'සහන්' ගේ චරිතයයි. ඔහු දැනට මාලිගාවත්තේ පදිංචිකරුවෙකි. කලක් මීගමුවේ අල් හිලාද් විද්‍යාලයේ ඉගෙනගත්තේය. එහෙත් මාලිගාවත්තට පදිංචිය මාරු කිරීමෙන් පසු ඔහුට තවමත් විධිමත් පාසලක් සොයා ගත නොහැකි වී ඇත. රිසාන් ද උපතින්ම ෆුට් බෝල් ගසන්නට උපන් හපනෙකි. මාලිගාවත්තට පැමිණි දා සිටම අසල පිට්ටනියේ නිතර නිතර ඔහු සෙල්ලමට ගියේය. රොහාන් ඇතුළු ගෝල් චිත්‍රපටයේ පිරිසට රිසාන් මුණ ගැසී ඇත්තේ එතැනිනි.

"ගෝල් චිත්‍රපටයට සම්බන්ධ වුණාම මට ඒක අමුතුම අත්දැකීමක් වුණා. රොහාන් සර් අපිව පිටටනියේ තියාගෙන හුඟාක් කල් පුහුණු කිරීම් කළා. ෂූටිං වලට අනුරාධපුරේ ගිහින් අපි මාසයක් විතර නැවතිලා හිටියා. ඉස්කෝලයත් නැති වුණාට දැන් රොහාන් සර් අපේ අධ්‍යාපනය ගැනත් හොයලා බලනවා. අපි හැමෝටම ඉංග්‍රිසි ඉගෙන ගන්න ටියුෂන් පංතියකට දාලා තියෙනවා. ඉස්කෝලයක් ලැබෙනකම් මම ඒ විදියට ඉගෙන ගන්නවා."

තේෂාන් තුෂ්මික මේ චිත්‍රපටයේ නිරූපණය කරනුයේ 'රචිර' ගේ චරිතයයි. ඔහු බොරැල්ල වේළුවන විද්‍යාලයේ 9 වසරේ සිසුවෙකි.

"මම එම්. එච්. මොහොමඩ් පිට්ටනියට යනවා ෆුට් බෝල් සෙල්ලම් කරන්න. එක දවසක් රොහාන් සර් ආවා තව කට්ටියකුත් එක්ක. අපි ෆුට් බෝල් සෙල්ලම් කරන විදිය බලාගෙන හිටියා. අපේ ඡායාරූප ගත්තා. වීඩියෝ කළා. ඒ හිටපු ළමයි අතරින් මාව තෝරාගත්තා. චිත්‍රපටයක රඟපාන්න කියලා කිව්වාම මට බයත් හිතුණා. ඒත් රොහාන් සර් හැම දෙයක්ම කියලා දුන්නම පහසුවෙන් අපි ඒකට පුරුදු වුණා. දැන්නම් මට ඉස්සරහටත් චිත්‍රපටවල රඟපාන්න ආසයි. ඒ වුණාට මගේ අනාගත බලාපොරොත්තුව නම් ෆුට් බෝල් කෝචර් කෙනෙක් වෙන එකයි."

ධනංජය නවීන් වනාතමුල්ලේය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ 9 වසරේ ශිෂ්‍යයෙකි. ඔහු ගෝල් චිත්‍රපටයේ විහඟය.

"මම එම්. එච්. මොහොමඩ් ග්‍රවුන්ඩ් එකට යනවා ෆුට් බෝල් ගහන්න. එතැනදි තමයි මාව මේ චිත්‍රපටයට තෝරාගත්තේ. රොහාන් සර් කිව්වා ඊට පස්සේ කැම්බල් පිටියට එන්න කියලා. එතැන්ට ආවාම තමා මේ චිත්‍රපටයට තෝරගත්ත යාළුවෝ ගොඩාක් හම්බවුණා. අපි ගොඩක් පුහුණුවීම් කළා. ඊට පස්සේ තමයි චිත්‍රපටයට අපිව යොදා ගත්තේ. ෆුට් බෝල් ගහන්න අපි දැනගෙන හිටියට රඟපාන්න අපි පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ. රොහාන් සර් ඒ ඔක්කොම අපිට ඉගැන්නුවා. ඉස්සරහටත් රඟපාන්න මට ආසයි. ඒ වුණාට ඔක්කොටම ඉස්සර ර්‍ණ/ඹ්, ඒ/ඹ් පාස්වෙන්න ඕනනේ. දැන් මගේ එකම බලාපොරොත්තුව ර්‍ණ/ඹ් විභාගයට හොඳින් මුහුණ දෙන එක.

ඩේවිඩ් කරුණාරත්න 'ගෝල්' චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයකි. අනෙක් ළමා නළු නිළියන් අතර ඔහු වෙනස්වනුයේ ඔහු සතු වන සුවිශේෂි පෙනුම හේතුවෙනි. ඩේවිඩ් ගේ ගම වැල්ලම්පිටියය. කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 8 වසරේ සිසුවකුව සිටියදී ඔහු මේ චිත්‍රපටයට තෝරාගෙන ඇත. ඔහු ෆුට්බෝල් ක්‍රීඩාවට දක්වන දක්ෂතාවය නිසාම මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇත.

"මං පුංචි කාලේ ඉඳලම ෆුට් බෝල් ගහන්න ආසයි. ඒ හින්දා මම හවසට හවසට කැම්බල් පිටියට ආවා ෆුට්බෝල් ගහන්න. එතකොට තමයි රොහාන් සර් මාව චිත්‍රපටයට තෝරා ගත්තේ. රඟපාන්න මගේ ලොකු කැමැත්තක් තිබුණෙ නෑ. ඉස්කෝලෙදි මම චිත්‍ර විෂයක් වශයෙන් කළා. නමුත් දැන් මට රඟපාන්න ආසාවක් තියෙනවා. මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ 'සඳුන්' ගේ චරිතය. සඳුනුයි - සහනුයි කියන්නේ අයියයි මල්ලියි. මම ආසාවෙන් ඒ චරිතය කළා. අපේ තාත්තා ඉන්නේ පිටරට. අම්මා විතරයි මෙහේ ඉන්නේ. මට අයිය කෙනෙක් ඉන්නවා. එයා මේ පාර ර්‍ණ/ඹ් කරනවා. මට ඕන අනාගතයේදී හොඳ ෆුට් බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න. එහෙම බැරි වුණොත් විද්‍යාඥයෙක් වෙන්න.

පවන් බිම්සර ගෝල් චිත්‍රපටයේ 'පබළු' ය. බොරැල්ල වේළුවන විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඔහුද හොද ෆුට් බෝල් ක්‍රීඩකයෙකි.

"මම ෆුට් බෝල් සෙල්ලම් කරන විදිය දැකලා තමයි රොහාන් සර් තෝර ගත්තේ. අපිව තෝර ගන්න කලින් රොහාන් සර් අපිට රඟපාන්නත් පුළුන්ද කියලා චෙක් කළා. අපට අඬන්න කිව්වා. හිනා වෙන්න කිව්වා. ඒවා දිහා බලලා තමයි සර් අපිව තෝර ගත්තේ. දැන් චිත්‍රපටය තිරගත වෙනවා. දැන් තමයි අපිට ප්‍රතිචාර ලැබෙමින් පවතින්නේ. ඉස්කෝලෙ නිවාඩු නිසා තාම ඉස්කෝලෙ යාලුවෝ නම් මේ බව දන්නෙ නෑ. මගේ තාත්තා සී. ටී. බී. එකේ වැඩකරන්නේ. අම්මා නෑ. මට අක්කෙකුයි, අයියෙකුයි ඉන්නවා. ආච්චි තමයි අපිව බලාගන්නේ. අනාගතේ ෆුට්බෝල් පුහුණුකරුවෙක් වෙන්න තමයි බලාපොරොත්තුව."

මේ රිදී තිරය ඔපවත් කරනුයේ අපේ රටේ අඳුරු අහුමුළුවල ජීවිතය ලත්, දක්ෂතාවන් හැකියාවන් උපතින්ම රැගෙන පැමිණි දරුවන්ය. ඔවුන් සියලු දෙනාම තවම ජීවිතය පටන් ගත්තා පමණි. ගෙවුණු කෙටි කාලය තුළ ජීවිතයේ බර මේ යැයි මේ හැම දරුවෙකුටම දැනුණට සැක නැත. අඳුරු ගෙන්දගම් පොළව මත අනාගත රිදී රේඛා ජයගන්නට ඔබ යා යුතු මාවත බෙහෙවින් දිගුය. ඒ මාවත මල් ඇතිරූ මාවතක් නම් කිසිසේත්ම නොවේ. එහෙත් එහි දුෂ්කර පහස විඳිමින් ගමන් කරන්නට අධ්‍යාපනය නැමැති සවිය ඔබට අත්‍යාවශ්‍යය. දැනටමත් ඒ වෙනුවෙන් ගෝල් හි අධ්‍යක්ෂ රොහාන් පෙරේරා මැදිහත් වී සිටිනු ඇතැයි දැන ගන්නට ලැබීමද සතුටට කරුණකි. ඔහු අඳුරු පතලයකින් මිණි කැට රැසක් මතුකරගෙන තිබේ. දැන් ඇත්තේ ඒ මිනි කැට දසත රශ්මිය විහිදන්නට ඔප දැමීමය. මේ සියලු දරුවන් අපේය. ශ්‍රී ලංකාවේය. ලක් පුරවැසියන් ලෙසින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීමට යුතුකමට අපි සියලුදෙනා වගකිවයුත්තෝ වෙයි. රොහාන් සොයා ගත්තේ සැඟවුණු මිනි කැට අතරින් අතළොස්සකි. තව කොපමණ අඳුරේම ඉපිද අඳුරේම සැඟව යතියි කවුරුනම් දනියිද. මේ දරුවෝත්, ඒ දරුවෝත් පිළිබඳ වග වන දරුවන් උදෙසා දීප්තිමත් අනාගතයක් තනන්නට 'ගෝල්' ගෝල් එකක්ම විය යුතුය.