වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 26 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ

ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ

 

පාසල් කාලය ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ සුන්දරතම කාලය යි. කිසිම විවාදයක් නැහැ. ඒ කාලය තරම් සැහැල්ලුවෙන් ගත කළ සුන්දර කාලයකට අපි හැමෝම ගොඩක් ආශා කරන්නේ ඒ නිසා. කෙළි කවටකම්, දඟකාරකම්, පුංචි පුංචි රණ්ඩු සරුවල්, ඒ වගේම පැවසූ නොපැවසූ ආදර කතා මේ කිසිවකින් පාසල් කාලයේ අඩුවක් නැහැ. වසර ගණනක ඒ කාලය පුරාවට කිසිම තැනක දුක හිතෙන තැනක් ඇත්තෙම නැහැ. නමුත්, අනාගතයේ යළි කිසි දිනෙක ඒ කාලය අප ජීවිතවලට නොඑන බව දැනෙනා විට දී ඇතිවන දුක නම් හැමෝටම ඉතිරි වෙනවා. වසර ගණනාවක් ගත වෙලා එදා එකට සිටි මිතුරු මිතුරියන් යළිත් හමු වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම්, ඇත්තටම කෙතරම් සතුටක්ද?

කේ. රාමචන්ද්‍රන් මැදි වයසේ පසුවන සංචාරක ඡායාරූප ශිල්පියෙක්. ඡායාරූප කලාව සමඟින් රටපුරා සැරිසරන විටදී බොහෝ දුර ගෙවා ඔහු එක්තරා ප්‍රදේශයකට පැමිණේ. රාමචන්ද්‍රන් කුඩා කල ඉගෙනුම ලද පාසල පිහිටා තිබෙන්නේ ද මෙම ප්‍රදේශයේමය. මේ අතරතුර පාසල වෙත පැමිණෙන ඔහුට අතීතයේ පැරණි සුන්දර මතක සමඟින් යම් අදහසක් පහළ වේ. එනම් ඔහු සමඟින් එම පාසලේ එකම පන්තියේ අධ්‍යාපනය ලබා විසිර ගොස් සිටින සියලු දෙනා යළි එක් තැනකදී හමු වීමයි.

මාස දෙකක් තුළදී මීට වසර 22ට පෙර 1996 වසරේදී විසිර ගිය කණ්ඩායම සුන්දර මතක රැසක් සමඟින් යළි එකිනෙකා හමු වන්නේ රාමචන්ද්‍රන් හෙවත් රාම්ගේ අදහස අනුවය. ඒ සමඟින් රාමචන්ද්‍රන්හට අතීතයේදී තම හද දිනාගත් තරුණිය ජානකී දේවී හෙවත් ජානු හමුවන්නට ද අවස්ථාව උදා වේ. මේ හමුව සමඟින් දෙදෙනාගේම හිත් තුල කාලයක් පුරා යටපත් කර ගෙන සිටි ආදර කතාව දිග හැරෙන්නේ එම ආදරය කෙතරම් සවිමත් ද? ඔවුන් වෙන් වූයේ ඇයි? යළිත් ඔවුන්ට එක් විය හැකි ද? යන ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයමින්.

මේ දිනවල රිදී තිරයේ දැක ගන්නට ලැබෙන අපූරු ආදර කතාව ගෙන එන්නේ කොලිවුඩයෙන් පසුගිය ඔක්තෝබර් 04 වැනිදා එළිදැක්වුණු ප්‍රේමණීය චිත්‍රපටයක් වන 96 චිත්‍රපටයෙන්. රාම් සහ ජානුගේ ප්‍රේම කතාවට කුමක් සිදු වූයේ ද? යන්න දැන ගැනීමටත් එයින් තම තමන්ගේ අතීත පාසල් සමය සිහිපත් වීමත් නිසාත් සිනමා රසික රසිකාවන්ගේ ආකර්ෂණය දිනාගැනීමට 96 චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒ සමඟින් මේ දිනවල 96 චිත්‍රපටය ඉහල ආදායම් වාර්තා සමඟින් තිරගත කෙරෙන බවට දකුණු ඉන්දීය සිනමා පුවත් ගෙන එනවා. විචාරකයන් පවසන්නේ, බොහොමයක් අයට තම තමන්ගේ සුන්දර පාසල් කාලය සිහිපත් වීම නිසා මෙම සිනමා නිර්මාණය නැරඹීම කෙරෙහි විශාල උනන්දුවක් දක්වන බවයි.

96 චිත්‍රපටයේ මේ පෙම් යුවළට පණ පොවන්නේ දෙමල සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන විජේ සේතුපති සහ ත්‍රීෂා ක්‍රිෂ්ණන් විසින්. නළුවෙක් සේම නිෂ්පාදකවරයෙක්, ගීත රචකයෙක්, තිරරචකයෙක් ලෙසින් සිනමාවට එක් වී සිටින 40 හැවිරිදි විජේ සේතුපති දකුණු ඉන්දීය සිනමාවේ සම්මානනීය නළුවෙකි. Naduvula Konjam Pakkatha Kaanom, Pizza,Soodhu Kavvum, Dharma Durai, Vikram Vedha  ඔහුගේ චිත්‍රපට එකතුවෙන් කිහිපයකි. සැබෑ ජීවිතයේ විජේගේ පාසල් කාලය ද ඔහුගේ ජීවිතයට සුවිශේෂ මතක සිහිපත් කරන්නේ පාසල් කාලයේදී අකාලයේ ජීවිතයෙන් සමුගත් සිය මිතුරා සිහිපත් කිරීමට මිතුරාගේ නම සිය පුතුට තබමිනි.

දකුණු ඉන්දීය ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය ලෙසින් සිව්වරක් සම්මානනීය වී සිටින 35 හැවිරිදි නිළි ත්‍රීෂා ක්‍රිෂ්ණන් 2016 වසරෙන් පසු යළි දැක ගන්නට ලැබුණේ මේ වසරේදී තිරගත කළ Hey Jude,Mohini  චිත්‍රපටවලින්. 96 චිත්‍රපටයේ ත්‍රීෂා විසින් නිරූපණය කරන ජානුගේ චරිතයට හඬකවන්නේ දකුණු ඉන්දීය පසුබිම් ගායිකාවක වන චින්මයි විසිනි. ආදිත්‍ය බාස්කර් සහ ගෞරි ජී. ක්‍රිෂ්ණන් රාම් සහ ජානුගේ යොවුන් වියේ චරිත නිරූපණය කරනවා. ආදිත්‍ය යනු ජනප්‍රිය නළු එම්. එස්. බාස්කර්ගේ පුතණුවන්ය. මෙය ඔහුගේ කුලුඳුල් සිනමා රංගනය යි. ජනප්‍රිය නිළි දේවදර්ශනී, රාම් සහ ජානුගේ මිතුරිය වන සුභාෂිණිගේ චරිතයට පණ පොවන අතර එම චරිතයේ යොවුන් විය නිරූපණය කරන්නේ ඇයගේ දියණිය වන නියාති කඩම්බි විසිනි.

දකුණු ඉන්දීය සිනමාවේ කැමරා ශිල්පියෙකු ලෙසින් කටයුතු කළ සී. ප්‍රේම් කුමාර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන 96 චිත්‍රපටයේ තිරරචනය කර තිබෙන්නේ ද ඔහු විසින්. ඉන්දීය රුපියල් කෝටි 11ක වියදමෙන් නිර්මාණය කළ 96 චිත්‍රපටය දින 14ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 105ක් වාර්තා කර තිබෙනවා. එපමණක් නොව මේ සංවේදී ආදර කතාව කෙතරම් ජනප්‍රිය වී ඇති දැයි කිව හොත් මේ කාලය තුළ රාම් සහ ජානු ලෙසින් නිර්මාණය කළ කුඩා ලී බෝනික්කන් අලෙවියක් පිළිබඳවත් දකුණු ඉන්දීය ආරංචි ගෙන එනවා. නිර්මාණ ශිල්පී රිත්වික් සහ ඔහුගේ බිරිය පල්ලවී විසින් නිර්මාණය කෙරුණු මෙම ලී බෝනික්කන් චිත්‍රපටය සේම ඉහළ අලෙවියක් වාර්තා කරන්නට සමත් වී තිබෙනවා.