|
|
අප්‍රේල් 13 වැනි දින සිදූ වූ මහා ඝාතනය
ඉන්දියානු චිත්‍රපට කතාව 13
ඒ ටික දිනක සිට එම ප්‍රදේශයේ සාමකාමි උද්ඝෝෂනයක ලකුණු තිබුන ද වෙනත් සිදුවීමක ලකුණක් හෝ එහි නොතිබිණ.එහෙත් එදින සැන්දැව වනවිට එම මුළු පෙදෙසම අමු සොහොනක් බවට පත් විය. බ්‍රිතාන්‍ය හමුදාවේ බ්‍රිගේඩියර් ජෙනරාල් රෙජිනොල්ඩ් ඩයර් ගේ මෙහයවීමෙන් එහි කඩා වැදුණ සෙබලුන් ඉවක් බවක් නැතිව කළ වෙඩි තැබීමෙන් නිරායුධ අහිංසක මිනිසුන් 379ක් මිය ගියහ.ඒ බහුතරය එහි සිදුවු කිසිවකට හෝ සම්බන්ධ නොවූ පිරිසක් විය.එය සමස්ත ඉන්දියාව පමනක් නොව ශිෂ්ඨ සම්පන්න ලෝකයම කම්පා කළ සිදුවීමක් විය. අද මානව අයිතිවාසිකම් පිළිබඳ වැදි බණ දෙසන බ්‍රිතාන්‍යයන් විසින් එදින කළ මේ ඝාතනයෙන් කම්පා වූ මහා කවි රබීන්ද්‍රනාත් තාගෝරයන් සුද්දන් විසින් එයට පෙර තමන් වෙත පුදන ලද නයිට් පදවිය යළි ඔවුන්ටම හරවා යැව්වේය. එමෙන්ම මේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය පිබිදෙමින් තිබුණ ඉන්දියානු නිදහස් අරගලයට ශක්තියක් කරගන්නට ඉන්දියානු නායකයන් වග බලා ගත්හ. මේ බව වටහා ගත් බළධාරින් එරට ප්‍රකාශණ සඳහා විවිධ තහංචි දමන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ළදරු කර්මාන්තයක් වුව ද ඉන්දියානු චිත්‍රපට කෙරෙහි මේ තහනම වඩාත් දැඩිව ක්‍රියාත්මක කිරීමට ඔවුහු වග බලා ගත්හ. එයට හේතුව නම් බහුතරයක් වූ අකුරු නොදත් ඉන්දියානුවන්ට බලපෑම් කරන්නට රූපය සමත් වග සුද්දන් වටහා ගත් බැවිනි. එමෙන්ම ඉන්දියානු සිනමාවේ පුරෝගාමීන් බහුතරය අනියමින් හෝ ඉන්දියානු නිදහස් විමුක්තිකාමින් සමග සම්බන්ධකම් පැවැත්වූවන් වූ වග ඔවුන්ට රහසක් නොවීය.එම වාරණ නීති බලපෑවේ ඉන්දියානු චිත්‍රපට වලට පමණක් නොව ආනයනිත චිත්‍රපට කෙරෙහි ද එම වාරණ නීති එකසේ බලපෑම් කළේය.
ඉන්දියානු නිදහස් සටනට යන්තම් හෝ බලපානු ඇතැයි විශ්වාස කළ චිත්‍රපට සියල්ල දෙවරක් නොසිතාම තහනම් කරන ලදී.මේ දෙවසර ඇතුළත කල්කටාවේ රැගුම් පාලක මණ්ඩලය මගින් තහනම් කරන ලද චිත්‍රපට සංඛ්‍යාව 13 ක් විය. තවත් චිත්‍රපට 49 ක්ම තිර ගත කරන්නට ඉඩ ලැබුණේ දර්ශණ රැසක්ම ඉවත් කළ පසුවය.මේ මතකය සමග අප තවත් වැදගත් ඉන්දියානු සිනමාවේ පුරෝගාමින් කිහිපදෙනකු පිළිබඳ මෙහි සදහන් කරමු.ඔවුන් පසුකාලිනව ඉන්දියානු සිනමාවේ හැඩ තල සකස් කිරිමට බෙහෙවින් දායක වූ බැවිනි. දිරෙන්ද්‍රනාත් ගංගෝපාධ්‍ය හෙවත් දිරෙන් ගංගුලි යනු හයිද්‍රාබාද් හි නිසාම් කලා විදුහලේ විදුහල්පතිවරයා විය.නිසාම් යනු හයිද්‍රාබාද් පෙදෙසේ පාරම්පාරික පාලකයාගේ නිළ නාමයයි.එවකට එය පාලනය කළ නිසාම් වරයා වූ එනම් මීර් ඔස්මාන් අලි ඛාන් සිද්දික් බහදූර් එවකට ලෝකයේ ම සිටි වඩාත්ම ධනවතා විය.
වර්තමාන ආන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර වූ
හයිද්‍රාබාද් නගරයේ ජීවත් වූ නිසාම් එම වංශයේ අවසාන පාලකයා විය.නිදහස් ඉන්දියාවේ දී
හයිද්‍රාබාද් නගරය අන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර වූ අතර එතෙක් පැවැති රාජකීය පාලනය
එමගින් අවසන් විය.1937 පෙබරවාරි 22 ටයිම් සඟරාවේ කවරයේ කතාව වෙන්වුනේ ඔහුගේ පොහොසත්
කම කියන්නටය.
ඒ වන විට එය අමෙරිකානු රාජ්‍ය වත්කම් වලින් සියයට එකක් විය.ඔහු සතු ඉඩකඩම් පරිමාණය වර්ග කිලෝ මීටර් 223000ක් හෙවත් එක්සත් රාජධානියේ බිම් ප්‍රමාණයට සමවිය. වර්තමාන අන්ද්‍රා ප්‍රදේශය දමහාරාශ්ට්‍රයේ කොටසක් ද ඔහු සතු විය.ඔහු සිය ධනයෙන් තම වැසියන්ට කළ මෙහෙයන් අතර සිය පුරවැසියන් ගේ කලා විඥානය දියුණු කිරීමේ අරමුණෙන් යුතුව ඇරඹි නිසාම් කලා විදුහලට ගංගුලි තෝරා ගත්තේ ඔහු ශාන්ති නිකේතනයේ දී චිත්‍ර සහ සංගීතය හැදෑරුවෙකු හෙයිනි.ගංගුලි උපන්නේ කල්කටාවේ දිය. ඒ 1893 වසරේ නොවැම්බර් 26 වැනි දිනය.ඔහුගේ අසල්වැසියා වූයේ උපේන්ද්‍ර කිශොර් රෝයි චෞදරිය.උපේන්ද්‍ර සත්‍යජිත් රායිගේ මුත්තනුවන්ය.ඡායාරූපකරණය පිළිබඳ බව්කි අභිබ්‍යාක්ති නමින් පොත් පිංචක් රචනා කළ ගංගුලි එය ජේ.එෆ්. මදාන් වෙත ලැබෙන්නට සැලැස්වූයේය. ඒ චිත්‍රපටයක් නිපදවීමේ අරමුනිනි.ඔහු මදාන් හමුවීමට සමත් වුවත් ඒ කතාබහ සාර්ථක නොවීය. එහෙත් මදාන් තියටර්ස් කළමනාකාරවරයකු වූ නිතිශ් චන්ද්‍ර ලහිරේ සමග එක් ව ඔහු ඉන්දු බ්‍රිටිෂ් ෆිල්ම් කම්පැණි ඇරඹුවේය.එය වංග (බෙංගාලි)ජාතිකයන් විසින් අරඹන ලද මුල්ම චිත්‍රපට සමාගමයි. මදාන් වරු කල්කටාවේ සිය ව්‍යාපාරය ඇරඹුවද ඔවුන් වංග ජාතිකයන් නොවීය.එබැවින් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසි මුල්ම වංග ජාතිකයන් වීමේ ගෞරවය හිමිවනුයේ ලහිරේ ට සහ ගංගුලිටය.1921 වසරේ දී ඔවුන් බිලාට් ෆෙරාට් (ඉංග්ලිශ් රිටන්ඩ්) නමින් විකට චිත්‍රපටයක් නිපදවිය.
පසුකාලීනව ඉන්දියානු සිනමාවට නැතිවම බැරි විකට ආදර කතන්දර පටන් ගත්තේ ද මේ චිත්‍රපටයෙනි.ඉන්දියානු චිත්‍රපටයක මුල්වරට සිප වැළඳ ගන්නා දර්ශණයක් ඇතුළත්ව තිබුණේ ද මෙම චිත්‍රපටයේය.ඒ මන්මතා පාල් සහ ගංගුලි අතරය. චිත්‍රපටය අතිශය සාර්ථක විය.යශෝධා නන්දන් සහ සාදු ඕර් සයිතාන් සමාගම මගින් නිපදවන ලද තවත් චිත්‍රපට යුගළකි.නැවත හයිද්‍රාබාද් වෙත ගිය ගංගුලි නිසාම්ගේ මුල්‍ය සහායෙන් ලෝටස් ෆිල්ම් කම්පැණි ආරම්භ කළේය. එම සමාගමේ මුල්ම චිත්‍රපටවූයේ හාසොත්පාදක චිත්‍රපටය යුගලක් වන ද ලේඩි ටීචර් සහ ද මැරේජ් ටොනික් යන චිත්‍රපට යුගලයයි. එයින් පසු ගංගුලි හයිද්‍රාබාද් නගරයේ දි සිනමා හල් දෙකක් සහ චිත්‍රාගාරයක් ද ඉදිකරනු ලැබුවේය.මේ අවදියේ බොම්බායේ නානාබායි දේසායි සහ බීපී.මිශ්‍රා දෙදෙනාගේ එකතුවෙන් තැනුණ මැජස්ටික් ෆිල්ම් කම්පැණි මගින් නිපද වූ රසියා බේගම් මහත් ආන්දෝලානාත්මක චිත්‍රපටයක් විය.මෝගල් ඉතිහාස සමයේ ප්‍රාන්තයක් පාලනය කළ එකම කාන්තාව වූ රසියා දක්ෂ යුද සෙබලියක් ලෙස ද පතළය. ඇයගේ පියා දිල්ලියේ මුල්ම සුල්තාන්වරයා වූ අතර ඔහුගේ මරණයෙන් පසු ඇය ප්‍රාන්තයේ රජකමට පත් වූවාය. රසියා සහ ඇබිසිනියානු වහලෙකු වන යකුත් අතර පැවැතියේ යැයි කියනු ලබන ආදර කතාව මහත් ආන්දෝලානාත්මක සිදුවීමක් බැව් ඉන්දියාවේ මෝගල් ඉතිහාසයේ සදහන්වන්නකි.චිත්‍රපටයට පාදක කර ගනු ලැබුවේ මේ ආදර කතාවයි.එබැවින් මේ චිත්‍රපටය ආරම්භයේ ම එය ඉන්දියානු මුස්ලිම් ප්‍රජාව කළඹන සුළු එකක් විය. එබැවින් එය බොම්බායේ තිර ගත කරවන ලද්දේ ඇතැම් දර්ශණ ඉවත් කළ පසුවය.පන්ජාබය,දිල්ලිය,උත්තර ප්‍රදේශ් සහ ඔරිස්සාවේ එය සහමුලින්ම තහනම් කරන ලදී.
එහෙත් ඒ වගක් තුට්ටුවක් හෝ
මායිම් නොකළ ගංගුලි රසියා බේගම් හයිද්‍රාබාදයේ තිර ගත කරවූයේය. එහෙත් උරණ නිසාම්
පැය විසි හතරක් ඇතුළත තම හයිද්‍රාබාද් දේශ සීමාවෙන් ගංගුලි පන්නා දැමුවේය.
ලක්නව් බලා ගිය ගංගුලි එහිදී නාට්‍ය නිර්මාණයට යොමුවූ අතර ඔහු රඟපෑ අලික් බාබු නම්
නාට්‍යයේ විකට චරිතය අතිශය ජනප්‍රිය වූයේය.1928 වසරේ දී යලි කල්කටා බලා ගිය ඔහු
බ්‍රිටිෂ් ඩොමිනියන් ෆිල්ම් සමාගම ඇරඹුවේය.මෙහි ප්‍රධාන ආයෝජකයා වනුයේ
පී.සී.බරුවාය.පසු කලක
ඔවුන්ගේ මුල්ම චිත්‍රපටය වූ ෆ්ලේම්ස් ඔෆ් ෆ්ලෙස් රාජස්ථානය ඇතුළු බොහෝ පෙදෙස් වල රූ ගැන්විණ. එමෙන්ම මේ චිත්‍රපටය සදහා පරිබාහිර ශබ්ද ඇතුළත් තැටියක් නිර්මාණය කළ ගංගුලි එය චිත්‍රපටය තිර ගත වද්දී එයට සමගාමිව ධාවනය කරවන්නට කටයුතු කළේය.සමාගම වැඩිකල් නොපැවැතිය ද එමගින් ගොඩ නැගූ පිරිස ඉමහත්ය. මේ අතරින් පී.(ප්‍රමතේශ්)සී.(චන්ද්‍ර)බරුවා ඇසෑමයේ ඉඩම්හිමි සමින්දාර් වරයෙකුගේ පුතෙකු විය.කල්කටාවේ ඉගෙනුම ලබන ඔහු නිදහස පතා සටන් වැදුණ ස්වරාජ් පක්ෂයේ සාමාජිකයකු ද විය. මුලින් ගංගුලි ගේ ඉන්දු බ්‍රිටිෂ් සමාගමටද ආයෝජනයෙන් දායක වු හෙතෙම බිලාට් ෆෙරර් චිත්‍රපටයේ සුළු චරිතයක් ද රඟපෑවේය. පසුව යුරෝපයේ සැරි සරා එංගලන්තයේ දී චිත්‍රපට නිෂ්පාදනය හදාරා ප්‍රංශයෙන් සිනමා උපකරණ මිළයට ගෙන යළි ඉන්දියාවට පැමින හෙතෙම බරුවා පික්චර්ස් සමාගම බිහි කළේය.දේබකි බෝස් අධ්‍යක්ෂණය කළ අප්රාධි එහි මුල්ම චිත්‍රපටය විය.එය විචාරකයන්ගේ නොමද ප්‍රශංසාවට බඳුන් විය. පසුව බරුවා ගංගුලි ගේ අධ්‍යක්ෂණයෙන් යකුත භාග්‍යලක්ෂමි චිත්‍රපටයේ රඟපැවේය.බරුවා ගේ වඩාත්ම සාර්ථත සිනමාකෘතිය වනුයේ දේව්දාස්ය.එය ඔහු නිර්මාණය කරන ලද්දේ නිව් තියටර්ස් සාමගම වෙනුවෙනි.බෙංගාලි බසින් නිර්මිත එම චිත්‍රපටයේ දේව්දාස් ලෙස රඟපෑවේ ද බරුවාමය.පසුකලක ඔහු විසින් එය හින්දියෙන් නිර්මාණය කරද්දි එහි රගපෑවේ කේ.එල්.සයිගාල්ය.මේ චිත්‍රපටය සදාකාලික උමතුවක් වූ තේමාවක් විය.මන්සිල්,අදිකාර්,මුක්ති වැනි චිත්‍රපට රැසක්ම නිර්මාණය කළ බරුවා ගේ ජිවිතය අඩු වයසකින් කෙළවරවූයේ ඔහු අධික බීමත් කමට ඇබ්බැහි වි සිටිමෙනි.
මතු සම්බන්ධයි |



ඉන්දියානු චිත්‍රපට කතාවේ 13 වැනි කොටස මා ලියන්නට පටන් ගන්නා අද දවස 2013 වසරේ
අප්‍රේල් මස 13 වැනි දිනය.එනම් සිංහල අලුත් අවුරුද්ද දවසේය.මෙයින් වසර ගණනාවකට පෙර
එනම් 1919 වසරේ ඉන්දියාවේ අම්රිත්සාර් නගරයේ ජලියන්වාලාභාග් පෙදෙසට අප්‍රේල් මස 13
වැනි දින ඉර පෑයුවේ වෙනදා විධියටමය.
1921 සහ 22
දෙවසර ඇතුළත විදේශයන්ගෙන් ආනයනිත චිත්‍රපට සංඛ්‍යාව 1320 ක් (වෘතාන්ත 615,කෙටි
චිත්‍රපට 705) විය.සමස්ත ඉන්දියාව පුරා නිෂ්පාදිත චිත්‍රපට සංඛ්‍යාව 63 ක්
විය.නිදහස් අරගලයට පක්ෂ මතවාද සමග ඉන්දියානු සංස්කෘතිය පිළිඑබද වද බොහෝ ඉන්දියානු
උගතුන් ගෞරවයෙන් කතා කළහ. බ්‍රිතාන්‍ය පාලකයන් චිත්‍රපට වාරණයේ දී ඉන්දියාවේ
සංස්කෘතිය පිළිබඳ ඇති වූ කතිකාව තම වාසියට පහසුවෙන් හරවා ගත්තේ නිදහස් අරගලයේ
මතවාදයන් ද එමගින් තහනම් කල හැකිව තිබුණ බැවිනි.
ලහිරේ එහි අධ්‍යක්ෂවරයා
විය.ගංගුලි නිෂ්පදනයට අමතරව එහි ප්‍රධාන චරිතය රඟපෑවේය.මේ චිත්‍රපටයට පාදකවූයේ
එංගලන්තයේ කගක් ගත කර එහි සිරිත් විරිත් හිස් මුදුනින් පිලිගත් තරුණයකු පිළිබඳ
කතාවකි.ඔහුගේ ගති සිරිත් ඉන්දියානුවන්ගේ හාස්‍යයට ලක් කෙරිණ.එමගින් විදේශ සිරිත්
විරිත් උපහාසයට ලක් කිරීම අරමුණ විය.
බෙංගාලි සිනමාවේ වඩාත් කැපී පෙනෙන චරිතයන් වූ දේබකී
බෝස්,පී.සී.බරුවා,ප්‍රේම්කුමාර් නේරු සහ ක්‍රිෂ්ණා ගෝපාල් සිනමාවට එක්වන්නේ එමගිනි.
මේ අතරින් වඩාත් ම ජනප්‍රිය නළුවා වනුයේ දේබකී බෝස්ය.