වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝ අබේවික්‍රම අවසන් වරට රඟපෑ ‘අභිනික්මන’ 19 දා සිට රිත්මා මණ්ඩලයේ

ජෝ අබේවික්‍රම අවසන් වරට රඟපෑ ‘අභිනික්මන’ 19 දා සිට රිත්මා මණ්ඩලයේ

හෙළයේ මහා රංගධර ජෝ අබේවික්‍රමයන් අවසන් වරට රංගනයෙන් දායක වූ හෙක්ටර් කුමාරිසිරිගේ අභිනික්මන සිනමා පටය මෙම මස 19 වැනිදා සිට රීගල් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගත වේ.

මව්පියන්ට ඉතා ළැදිවූ භික්ෂුවකගේ අත්දැකීම් සමුදායක් ඇසුරෙන් දිගහැරෙන මෙය හෙක්ටර්ගේ කුලුඳුල් සිනමා කෘතියයි.

නවපරපුරේ රංගන ශිල්පීන් දෙපොළක්වන සුදර්ශන බණ්ඩාර සහ ලෝචනා ඉමාෂි සිනමාවට එක්වනුයේ අභිනික්මන සමඟිනි.

ඩබ්ලිව්. ජයසිරි, අයිරංගනි සේරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, මල්කාන්ති ජයසිංහ, මනෝහාරි විමලතුංග, නිමල් චන්ද්‍රසිරි, දිනේෂ් රංජන්, ප්‍රේමදාස විතානගේ, රනිල් කුලසිංහ, ජීවන් හඳුන්නෙත්ති, ගාමිණී අම්බලන්ගොඩ, නාලක අධිකාරි, දමයන්ත පෙරේරා, කුමාර අබේවර්ධන, රෝහිත හත්තෙට්ටුව, ලලිත් ප්‍රේමතිලක, වෙරෝනිකා දිසානායක, රන්දිමා ගෝනවල, හංසිකා රත්නායක, නුවනි නාමල්ආරච්චි, අයන්ති හෙරත්, සුසන්ත විජේකුලතිලක, රංජිත් ගාල්ලගේ, ගීති දිසානායක ඇතුළු පිරිස අභිනික්මන රංගනයෙන් හැඩකරති.

මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂවරයාය. හෙන්රි ප්‍රේමරත්න අංගරචනයෙන් දායකවෙති. ජයන්ත ගුණතිලක නිෂ්පාදන කළමනාකරුය. එම්. එස්. අලිමාන්ගේ සංස්කරණයකි. තේමාගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන්ය. කථිකාචාර්ය ශාස්ත්‍රපති නිමන්ත හේෂාන් අභිනික්මනහි සංගීතය අධ්‍යක්ෂණය කරයි. ගැයුම් දහම් පතිරණ, සුබුද්ධි ලක්මාලිගෙනි. ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සැලසුම්කරණය යසලාල් ලියනගේ දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් ශානක නිරංජන්, සහාය ප්‍රසන්න ගුණතිලක සහ නිමල් චන්ද්‍රසිරිගෙනි. කැමරා අධ්‍යක්ෂණය නිමල් නාකන්දල විසින් සිදුකොට ඇත.

අභිනික්මන සරත් සුබසිංහ, නිමල් චන්ද්‍රසිරි, සුරංග විජේරත්න සහ දිනේෂ් රන්ජන් යන අයගේ නිෂ්පාදනයකි.

අධ්‍යක්ෂණය මෙන්ම කතාව දෙබස් තිරරචනය ද හෙක්ටර්ගෙනි.

අබා සහ කොබා

බබා සහ කොබා වෙයි -නම වෙනස්කර රූගැන්වේ

ප්‍රකට ගීතරචකයකු වූ තිස්ස ඩයස් අබා සහ කොබා නමින් නිර්මාණය කිරීමට පටන්ගත් චිත්‍රපටය බබා සහ කොබා ලෙස නම වෙනස්කොට තිබේ. එය මේදිනවල කොළඹ අවට ප්‍රදේශයන්හි රූගත කෙරෙමින් පවතියි.

මෙය මංගල මඬුගල්ලගේ නිෂ්පාදනයකි.