වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

තිදෙනාටම ප්‍රණාමය

සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 9.30 ට රන්ගිරි ශ්‍රී ලංකාවෙන් ප්‍රචාරය වන ‘අමරණීය මතක සුවඳ’ බක්මී විල්ලුව සහ මධු රසාංජලී වැඩ සටහන් ඉතා අනර්ඝයි. එම අමරණීය ගීත වැඩසටහන් මෙහෙයවන අනුරාධ රෝහණ කපුකොටුව, ලලිත් ප්‍රනාන්දු, දමින්ද රාජපක්ෂ මහත්වරුන්ට මාගේ ප්‍රණාමය.

චන්ද්‍රිකා බටුවත්ත

රාගම

සුසිලා කෝට්ටගේට

ඔබ වලියට පැටලෙන කටු අත්තක් යැයි කියූ අයට එසේ නොකියන තැනට ඉතා දක්ෂ ලෙස චරිත හැසිරීම අගය කරමි.

ඉරේෂා මදුමන්ති

දෙමටගොඩ

සංවේදී මිනිසෙකි

චණ්ඩියා චිත්‍රපටය තුළින් සිනමාවට ප්‍රවිෂ්ට වූ එච්. ඩී. කුලතුංග රංගනවේදියා වඩාත් ජනප්‍රිය වූයේ චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී සමඟ කළ ප්‍රතිවාදී චරිතය තුළිනි.

ඔහුගේ විශේෂත්වය වනුයේ ගාමිණී සමඟ රඟපෑ සෑම චිත්‍රපටයකම ඔහු හා කරට කර සටන් ඉදිරිපත් කරමින් කළ රංගනයයි.

ආත්ම පූජා, සූර චෞරයා, ඔක්කොම හරි, රෑන ගිරව්, සිරිල් මල්ලි, රත්තරං අම්මා, සදහටම ඔබ මගේ ඉන් කිහිපයකි. ප්‍රධාන නළුවා වීරයා කිරීමට ඔහුගෙන් මනා කැපවීමක් සිදු විය.

ඇත්ත වශයෙන්ම ගාමිණීට සුදුසුම ප්‍රතිවාදියා එදා එච්. ඩී. ය. එනමුදු තිරයේ කොතරම් දරුණු වුවත් ඔහු සැබෑ ජීවිතයේ ඉතා සංවේදී අවිහිංසක මිනිසෙකි.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

 

ස්තුතියි

සඳා ටෙලි සිත්තමේ රඟපාන ගිරිරාජ්ගේ රංගනය ඉතාමත් රසවත්. ඔහුගේ රංග විලාශය අපට හිනා උපදවනවා. ගිරාට එම චරිතය දුන්නාට අධ්‍යක්ෂ ශාන්ත සොයිසාට බෙහෙවින් ස්තුතියි.

සරත් සේනාධීර
ජාඇල

රැක ගැනීම

මෑත කාලයේ විකාශය වන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ගැනත් බැලුවාම අපට පෙනී යන්නේ හොඳ කතා සංකල්පයන් එතුළ නොමැති බවයි. හොඳ තිර නාටක රචකයින් සොයා යාම අද අධ්‍යක්ෂවරුන් කළ යුතුව ඇත්තේ නාට්‍ය හා සිනමාව ඉදිරියේදී රැක ගැනීම උදෙසා බව කිව යුතුයි.

ධර්මා ඒකනායක

මාතලේ

අගය කළ යුතුයි

ලංකාවේ සංස්කෘතික, ක්‍රීඩා, ජන ගී, සිරිත් විරිත් ආදී තොරතුරු අප අතරට නිතැතින්ම මතකයට එන කාලයකි අවුරුදු මාසය. මේ කාලයේදී අපට මෙම සිරිත් විරිත් කියා දීමට මාධ්‍ය හරහා අප අතරට එන කලාකරුවා මහින්ද කුමාර දළුපොතය. මා දකින ඔහු තුළ ඇති විශේෂත්වය නම් ඔහු රසවත් අයුරින් කරනා පැහැදිලි කිරීමය. මෙම ජන ගී පිළිබඳ ඔහු කරන ඉදිරිපත් කිරීම් මනහරය. ඔහු මේ සිරිත් විරිත් පිළිබඳව මේ වන විට වටිනා පොත් කිහිපයක්ම පළ කොට ඇත. ඇත්තෙන්ම ඔහුගේ මේ දැනුම හා මෙහෙය නිතැතින්ම අගය කළ යුතුය.

අජිත් ලක්මාල්

මීගමුව

ප්‍රණාමය

සෑම පොහොය දිනකම ජාතික නාළිකාව දිවයිනේ බෞද්ධාගමික ස්ථානයක සිට සජීවීව විසුරුවාලන පෝදා විකාශය බැති සිත් පුබුදන දහමට සිත යොමන කාලීන වැඩ සටහනකි. බාල, තරුණ, මහලු කොයි කාගේත් අවධානය දහම් පණිවුඩ වෙත යොමු වන මෙවන් වැඩ සටහනක් කාලයක සිට මෙහෙය වන නිවේදක වජිර ජයවර්ධන ඇතුළු සමස්ත මෙහෙවර වෙනුවෙන් වෙහෙසෙන සැමට මාගේ ප්‍රණාමය.

සමන් ගාල්ලගේ

කැටපල

මේ SMS ප්‍රතිචාර තීරයයි

සීනි බෝල අතරින් දක්ෂයෝ . . .

දැන් ඉන්න සීනි බෝල නළු නිළියන් එක්ක බලන කොට පුබුදු චතුරංග, ජගත් චමිල, දුලානි අනුරාධා, සුජානි මේනකා, රොෂාන් රවීන්ද්‍ර, වසන්ත මොරගොඩ වැන්නවුන් කොතරම් දක්ෂ ද?

සාරංග

රත්මලාන

තීක්ෂණ අනුරාධගේ හඬ හරිම සංවේදීයි.

සෂින්ත

රත්නපුර

ආශා එදිරිසිංහ අක්කේ,

ඔයා හීන හතක් වැඩසටහන ඉතාම ලස්සනට ඉදිරිපත් කරනවා.

මල්ෂානි

නිවිතිගල

සිනා මලක්වී යළ යළි පිපේවා විජය ඔබ.

ඉනෝකා

බලංගොඩ

වේදිකාවේ පුංචි වෙළෙන්දා වූ රුවන් ශ්‍රීලාල් දල්පදාතු නැවතත් ගයන්න අප වෙනුවෙන්.

සරත් මද්දුමආරච්චි

වෑත්තෑව

රිදී තිරයේ සිටින නිහතමානීම තරුව හැටියට මම දකින්නේ රොෂාන් රණවන අයියයි. ඔහුට වඩාත් ගැළපෙන පෙම්වතිය පූජා උමාශංකර් වේ. ඇයත් එක්ක ඔහු යළි රඟපානවා දකින්න හරිම ආසයි.

මලනි

අවිස්සාවේල්ල

අළු බඳුන ටෙලි නාට්‍යය ඉතාම හොඳයි. නළු නිළියන් ද මැනවින් තෝරා බේරා අරගෙන තියෙනවා.

රුවන් කුමාර

රත්නපුර

සුරතල් සිනහවත්, සුරතල් රැ¼ගුමත්, දඟකාර පෙනුමත් ඇති එකම නිළිය භාග්‍යා ගුරුසිංහයි.

නිලුකා

අවිස්සාවේල්ල

ඉඳුවරී ටෙලි නාට්‍යය අවසන් වුවත් එය සදා අමරණීයයි. තිසුරි යුවනිකා, ආශා, නෙහාරා, රොෂාන් රණවන, මේනක, විශ්ව වැනි රංගන ශිල්පීන් යොදා අලංකාර ටෙලි නාට්‍යයක් කරන මෙන් ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් ඉල්ලා සිටිමි.

ගයාන් ජීවන්ත

ඌරුබොක්ක

දක්ෂ රංගන ශිල්පිනියන් දෙපොළක් වන සේමිණි සහ දමිතා ප්‍රසිද්ධියේ රණ්ඩු කිරීම ගැන ප්‍රේක්ෂක අපට ඇත්තේ මහත් වූ කනගාටුවකි.

සාරංග

රත්නපුර

ලක් මවගේ තුරුළේ ඉපිද හැදී වැඩී ඔබ වෙතින් හෙළ සිනමා කලාවට ඉටු වුණ මෙහෙය මෙතෙකැයි කියා නිම කළ නොහැක. හැම විටම සතුරාගේ රංගන භූමිකාවෙන් සිය රංගන ප්‍රතිභාව මැනවින ඔප් නැං වූ තවමත් ඔබ අප රටට අගනා වස්තුවකි. ඒ මෙහෙය අගයනු වස් මෙලෙස ඔබට වදන් පෙළක් අමුනන්නෙමි.

ආදරණීය විල්සන් කරු රංගන ශිල්පියාණෙනි ඔබට නිරෝගිමත් ජීවිතයක් මෙන්ම දීර්ඝායුෂ පතමි.

චතුරංග සම්පත්

තුන්නැන

ප්‍රවීණ සංගීතඥ සරත් දසනායක මහතා සංගීත ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහු මියගිය පසු මාවතක් නම් කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් ද පැවැත්විය යුතුය.

දමයන්ති කුමාරි

ජෝතිපාල මහතාගේ ගීත සුරේන්ද්‍ර පෙරේරා ගායනා කොට එයින් ජනප්‍රිවත්වයක් ලැබුවද, එය දිගින් දිගටම සිදු කිරීම සාපරාධී කටයුත්තකි.

අනුලාවතී

කුඩාගම

ඉසිරභවය නාට්‍යයේ කුසලා හාමු ලෙස සුසන්තා චන්ද්‍රමාලි විශිෂ්ට රංගනයක යෙදෙනවා.

චමින්ද

වත්තල

රන්ජන් රාමනායක අපිට නැතුවම බැරි නළු රජෙකි.

වසන්ති ගමගේ

අවිස්සාවේල්ල

සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනියට,

‘පාට වෙනස් වන සමනලයකු ළඟ’ නම් වූ ඔබේ අලුත්ම ගීතයෙහි ඇත්තේ පුදුම ලස්සනකි. එහි සෑම වචනයක්ම මගේ හදවතට තදින් දැනෙනවා.

ශානි හසාරා

පෝද්දල

ස්වාධීන රූපවාහිනියේ චැට් ඇන්ඩ් මියුසික් වැඩ සටහනට අපි ගොඩක් ආසයි. එම වැඩසටහන මෙහෙය වන නිරෝෂන්ටත්, වාද්‍ය වෘන්දය මෙහෙයවන මනෝජ් පීරිස්, දිනේෂ් බෝගොඩ, උපාලි සන්නස්ගල, යසන්ත සමරවීර, කැලුම් සුරංග, සුමිත් දිසානායක ඇතුළු පිරිසට සුබ පතමි.

සරනි

අලව්ව

දිනේෂ් සුබසිංහ සංගීත ලොවේ නවයුගයක් මැවූ සංගීතඥයෙකි.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

‘ආවාට තිබුණත්’ ගීතයෙන් අප සිත්සතන් පුබුදුවාලූ නිමල් ගුණසේකරයන්ගේ ගී අසන්නට අසන්නට සිත සතුටු වේ.

සුජාතා ගුණවර්ධන

කඩවත

තූර්යා ටෙලි නාට්‍යයේ ගිහාන් ප්‍රනාන්දුගේ රංගනය මරේ මරු.

පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය