වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -109

සිංහල සිනමා විස්තරය -109

ජීවන්ති

තිරගත වූ දිනය – 1981 නොවැම්බර් 07

ඉදිරිපත් කිරීම – ජීවන්ති චිත්‍රපට

නිෂ්පාදනය – චන්ද්‍රා මුතුතන්ත්‍රි

කතාව, දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය, සංස්කරණය සහ කලා අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

කැමරා අධ්‍යක්ෂණය - තුවාන් කිචිල්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

සැකසුම – ලංකා චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය – ගුණදාස වේරගොඩ

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ

ගීත - මොළේ බලේ තරම් දෙයක් නෑ - එච්. ආර්. ජොතිපාල, ධනපාල උඩවත්ත,, සැනසුම සාදා ජීවිතේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක,, මගේ සුදු දුවේ ජීවන්ති – ලතා වල්පොල,, සම්මා සම්බුදු වූ පූජිත - මොහිදීන් බෙග්,, ඔබ ප්‍රේම රූපේ සෝභා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක,, මගේ මීනාච්චි – ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ශ්‍රීමතී තිලකරත්න

නළු නිළියන් - සෝනියා දිසානායක (ප්‍රියංගා), තිස්ස විජේසුරේන්ද්‍ර (ජයන්ත), සුදේශ් ගුණරත්න (සුදේශ්), ජෙනිටා සමරවීර (සුදේශ්ගේ පෙම්වතිය), ලිලියන් එදිරිසිංහ, රුක්මණී දේවි, රෙක්ස් කොඩිප්පිලි, ඩේවිඩ් ධර්මකීර්ති, දොන් සිරිසේන, ලැටීෂියා පීරිස්, බී. එස්. පෙරේරා, ජීවන්ති පීරිස්, ශ්‍රීමති රසාදරී, ජයලත් පීටර් ප්‍රනාන්දු, චම්පා දිල්රංගි පීරිස්, ටෙනිසන් කුරේ

ආරම්භක සිනමා ශාලා - ලිඩෝ - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත - රත්මලාන, කුවින්ලන් – නුගේගොඩ, පබ්ලික් හෝල් - ගම්පහ, රීගල් - මීගමුව, අප්සරා - හෝමාගම, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - පානදුර, රීගල් - අම්පාර, පර්ල් - හලාවත, ප්‍රින්ස් - ගාල්ල, ඉම්පීරියල් - රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල


ආරාධනා

තිරගත වූ දිනය – 1981 නොවැම්බර් 13

ඉදිරිපත් කිරීම – තරංගා චිත්‍රපට

නිෂ්පාදනය – විජය රාමනායක

අධ්‍යක්ෂණය – විජය ධර්ම ශ්‍රී

කතාව - සෝමවීර සේනානායක

තිර රචනය -  සෝමවීර සේනානායක, විජය ධර්ම ශ්‍රී

සහාය අධ්‍යක්ෂණය – කුමාරසිරි අබේකෝන්, ගාමිණී ජයසිංහ

කැමරාකරණය - සුමිත්ත අමරසිංහ සහාය චන්ද්‍රලාල් මනමේන්ද්‍ර

සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි සහාය – චන්ද්‍රසේන රූබසිංහ

අංග රචනය - කේ. සුබ්බයියා

කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)

දෙබස් පටිගත කිරීම – මයිකල් සත්‍යනාදන්

සංස්කරණ මැදිරිය - සිංහගිරි ෆිල්ම්ස්

රසායනාගාර කටයුතු - හොංකොං මූවී කලර් ලැබ්

නාමාවලිය – ගස්පේ රත්නායක

නිශ්චල ඡායාරූප - පී. යූ. ඩී. පෙරේරා

නිෂ්පාදන කළමනාකරණය – හැරී විමලසේන, සම්පත් තෙන්නකෝන්

සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන

ගීත ප්‍රබන්ධය – කුලරත්න ආරියවංශ, සුනිල් සරත් පෙරේරා

ගීත - ජීවිතේ තනි මංසලේ ආරාධනා - ඩබ්ලිව්. ඩී. අමරදේව - රෝහණ විරසිංහ,, සීත අරණේ – මිල්ටන් මල්ලවආරච්චි – මාලිනී බුලත්සිංහල - රෝහණ වීරසිංහ,, සිනාවකින් පුතුගේ මුවේ – විජය කුමාරණතුංග, දමයන්ති ජයසූරිය – එච්. එම්. ජයවර්ධන

නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, විජිත තරංග රාමනායක, අනෝජා වීරසිංහ, සමන්ති ලැනරෝල්, ඩේවිඩ් ධර්මකීර්ති, රත්නාවලී කැකුණවෙල, සනත් ගුණතිලක, ලූෂන් බුලත්සිංහල, විජේරත්න වරකාගොඩ, කාන්ති ලංකා, චන්ද්‍රා කළුආරච්චි, ලීනා ද සිල්වා, ප්‍රේමතිලක මාපිටිගම, හැරී විමලසේන, ප්‍රෙමිලා රාමනායක, දීපා ගනේගොඩ, සේන විනිගම්මන

ප්‍රදර්ශනය – රීගල්, ගාමිණී, ප්ලාසා ඇතුළු සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය අරඹන ලදී.


බංගළි වළලු

තිරගත වූ දිනය – 1981 නොවැම්බර් 27

ඉදිරිපත් කිරීම - කේ. ඒ. ඩබ්ලිව්. චිත්‍රපට

නිෂ්පාදනය - කේ. ගුණරත්නම්

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

සහාය අධ්‍යක්ෂණය - සුසිර රත්නකුමාර

කැමරා අධ්‍යක්ෂණය – ඇම්. ඒ. ගෆූර්

සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්

සංස්කරණ සහාය – චන්ද්‍රසේන රූබසිංහ, ෂෙල්ටන් පෙරේරා

අංග රචනය සහ කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස, සහාය – රංජිත් ධර්මසිරි

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, ශබ්ද සහාය - ඒ. අයි. අමරසිංහ, වී. සුන්ද්‍රරාඒ

රසායනාගාර කටයුතු - යුනිවසල් රසායනාගාරය, හොංකොං

රසායනික කටයුතු සම්බන්ධීකරණය – ඩී. එන්. එෆ්. සී. චිත්‍රපට

විශේෂ ශබ්ද පටිගත කිරීම – මර්වින් බෙන්ස්, ආර්. සී. ලෙස්ලි ප්‍රේමසිරි (මාස්ටර්ස් සවුන්ඩ්ස්)

නිෂ්පාදන කළමනාකරණය - ෂෙල්ටන් පෙරේරා

නිෂ්පාදන අධිකාරි – ටී. ඒ. පෙරේරා මහත්මිය, නයනානන්ද චන්ද්‍රකුමාර පෙරේරා

නිශ්චල ඡායාරූප – එල්. මාර්ටින් පෙරේරා

සැකසුම - සරසවි, ලංකා, විජය චිත්‍රාගාර

ගීත ප්‍රබන්ධය – බණ්ඩාර කේ. විජේතුංග

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත - පෙර දුටු දෙනෙතින්- ටී. එම්. ජයරත්න, ඇන්ජලින් ගුණතිලක,, බංගලි වළලු සලා - ඇන්ජලින් ගුණතිලක,, බංගලි වළලු කදා වලලු - ටී. එම්. ජයරත්න, විජය කුමාරණතුංග,, භවෙන් භවේ යන ගමනේ - ඩබ්ලිව්. ඩී. අමරදේව - පද - කේ. ඒ. ඩබ්. පෙරේරා (මෙම ගීතය චිත්‍රපටය සඳහා ඇතුළත්ව තිබුණේ නැත)

ගී. පටිගත කිරීම - ලංකා චිත්‍රාගාරය

නළු නිළියන් – ජයන්ත දාස් පෙරේරා (සර්ධා), සබීතා පෙරේරා (යසෝ), විජය නන්දසිරි (කපිල), ඩී. ආර්. නානායක්කාර (මාර්ටින්), සෝනියා දිසා, හර්බට් අමරවික්‍රම, ලැටීෂියා පීරිස්, ධර්මදාස ජයලත්, ක්‍රිෂාන්ති රාජපක්ෂ, නෙලුත් ගමගේ, ඇනස්ටි කුරේ, නෝබට් සිල්වා, සුවඳරත්න ජයවර්ධන

ප්‍රදර්ශනය – රිට්ස් - බොරැල්ල, අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, රොක්සි - වැල්ලවත්ත, ජයන්තා - ගම්පහ, ලැවීනියා - නුගේගොඩ, මානෙල් - මොරටුව, නිව් ඉම්පීරියල් - අවිස්සාවේල්ල, රත්නාවලී – ජාඇල, සීගිරි – කටුගස්තොට, ක්වීන්ස් - ගාල්ල, අනුර – අම්බලන්ගොඩ, නිව් සිනමා - කුරුණෑගල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, ශ්‍රී මහල් - කුලියාපිටිය


සුද්දා

තිරගත වූ දිනය – 1981 දෙසැම්බර් 11

ඉදිරිපත් කිරීම - සිකුරු චිත්‍රපට

නිෂ්පාදනය – රත්නවීර ද සිල්වා, තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න

අධ්‍යක්ෂණය – රත්නවීර ද සිල්වා

කතාව, දෙබස්, තිර රචනය සහ සහාය අධ්‍යක්ෂණය - තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න

කැමරා අධ්‍යක්ෂණය – පී. යූ. ඩී. පෙරේරා

කැමරා සහාය – නිසාර් ආස්මීන්, ජී. නන්දසේන, උපාලි අලවත්තේගම, ගාමිණී කොස්තා, එන්. සේනාරත්න

සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි

සංස්කරණ සහාය සහ ශබ්ද සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

රංග රචනය – රංජිත් කහඳවල

කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස සහාය රංජිත් ධර්මසිරි

නැටුම් අධ්‍යක්ෂණය - සුවිනීතා සුභසිංහ

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ලලිත් පාලිත සිල්වා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න

රසායනාගාර පාලක- වී. සිවදාසන්

රසායනාගාර සහාය – එම්. ජී. මුත්තුසාමි, ඩේවිඩ්සන් සිල්වා, ආර්. ජෝන්

නිෂ්පාදන සහාය – කුමාර ජයසිංහ, ජානක පෙරේරා

දෙබස් පටිගත කිරීම - ශ්‍රී ලාල් වීරසිංහ

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

නාමාවලිය – අමල් ශාන්ත මුනින්දදාස සහාය – නිමල් රංජිත් මතඟවීර

නිෂ්පාදන කළමනාකරණය – අරවින්ද ගමගේ සහාය වයි. ඩී. පීටර් අල්කන්

නිෂ්පාදන අධිකාරි –කුමාරසිරි වීරක්කොඩි

පිටපත් මුද්‍රණය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

ප්‍රචාරක කටයුතු - කේ. ගුණසිරි, විමල් නාවිමන

නිශ්චල ඡායාරූප – ජයන්ත ද මෙල්, සුනිල් සනත් පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – බණ්ඩාර කේ. විජයතුංග

ගීත ගායනය – ලලිත් දවුන්දැසේකර, චන්දන මෙන්ඩිස්, සංජීව මුදියන්සේ

ගීත ප්‍රමාණය - 02 යාළුයි අපි යාළුයි පුංචි කුමාරි පුංචි කුමාරි

නළු නිළියන් – මර්වින් ජයතුංග, ලින්ටන් සේමගේ, බී. ඇස්. පෙරේරා, ග්‍රැන්විල් රොඩ්රිගෝ, මහේන්ද්‍ර පීරිස්, සමන්ති ලැනරෝල්, මැණිකේ අත්තනායක, ලතා අබේවර්ධන, කසුන් මධුරසිංහ, ප්ලිප් ස්මිත්, සනී නවගත්තේගම, අමිත්ත වීරසිංහ, ප්‍රියදර්ශනී පුෂ්පකුමාරි, මහින්සිරි ගාල්ලගේ, පීටර් අල්කන්, සරණපාල ජයසූරිය, දයා දහනායක, ආනන්ද සෝමපාල

ආරම්භක සිනමා ශාලා - රූබි – මාලිගාවත්ත, නිල්මිණි – වත්තල, මුවිටෝන් – දළුගම, ෂැම්රෝන් - වෙන්නප්පුව, ලිබර්ටි – බදුල්ල, සෙන්ට්‍රල් - මාතලේ, එච්. ආර්. – දික්වැල්ල, සිනෙක්ස්පෝ - කුරුණෑගල, විජේන්ද්‍ර – අනුරාධපුරය, සමුපකාර – හිඟුªªරක්ගොඩ, මිලානෝ - කෑගල්ල