|
|
මහා පුරුෂයකු අහිමිව
ඔහු තැනූ පිටගම්කාරයෝ මෙරට ටෙලිවිෂන කලාවේ නවමානයන් පුබුදුවාලීමට සමත් වූවකි.සිය ජීවිතයේ අවසානය දක්වාම ඉගෙනුමෙහි ද ඉගැන්වීමෙහිද යෙදුණ තිස්ස අබේසේකරයන් වැනි බහුශ්‍රැතයන් අහිමි වයාම කිසිසේත්ම පිරිමැසිය නොහැකි පාඩුවකි. මෙරට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය දරද්දී ඔහු ගත් තීරණ සිනමාවේ ප්‍රගමණයට හේතු විය.අලුත් සිනමා පරම්පරාවකට මංපෙත විවර කරදීමට තිස්ස අබේසේකරයන් ගත් ප්‍රයත්නය වඩා පළ නෙලන්නට මත්තෙන් ඔහුට එයින් සමුගැන්මට සිදුවීම අපේ සිනමාවේ අලුත් මංපෙතකට ඉඩ දීමට තිබූ අවස්ථාවක් අහිමිවීමකි. |



තිස්ස අබේසේකරයන් අප අතරින් වෙන්ව ගොස් මේ 19 වැනි දිනට සිව් වසරකි.ඔහු අපේ සිනමාවේ
සිටි වඩාත්ම විශිෂ්ටතම තිරනාටක රචකයා විය.ඔහු අතින් නිම වූ චිත්‍රපට අතරින් විරාගය
මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට ගොන්නෙහිලා සැලකෙන්නකි.