|
|
පාකිස්ථානයේ තහනම් වූ ජී. අයි. ජෝ. රිටැලියේෂන්
ලංකවේ චිත්‍රකතා කලාව නැත්තට නැති වී ගොස් ඇති අවදියක, මෙරට ටෙලි සහ සිනමා නිර්මාණකරුවන් සුදුසු කතා පුවත් සොයාගත නොහී බංකොලොත් ටෙලිඩ්‍රාමා සහ චිත්‍රපට නිපදවන යුගයක හොලිවුඩ් නිර්මාණකරුවන් ඔවුන්ගේ චිත්‍ර කතා ඇසුරින් සිදු කරන මෙම සිනමා නිර්මාණ ප්‍රශංසා කටයුතුය. ජී. අයි. ජෝ නමැති කාටුන් චරිතය ‘හැස්බ්‍රෝ’ විසින් නිර්මාණය කරන ලදුව මාවෙල් කොමික්ස් නම් ප්‍රකට අමෙරිකානු සමාගම විසින් චිත්‍ර කතාවට නගා ප්‍රකාශයට පත්කොට ජනප්‍රියත්වයට පත් වූවකි. ඒ ඇසුරින් 1985 දී නිෂ්පාදනය කෙරුණු ජී. අයි. ජෝ ද රියල් ඇමෙරිකන් නමැති කාටුන් චිත්‍රපට මාලාව ප්‍රථම වරට ඇමෙරිකානු රූපවාහිනී තිරයට පිවිසෙන්නේ 1985 සහ 1986 කාල පරාසය තුළදීයි. ඉන්පසු 1987 දී ජී. අයි. ජෝ - ද මූවි නමැති චිත්‍රපටයක් ඩොන් ජර්විම් ගේ අධ්‍යක්ෂණයෙන් ජෝ බැකෝල් සහ ටොම් ග්‍රිෆින්ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වී තිරගත කෙරිණි. ඉන් අනතුරුව 2009 දී ජී. අයි. ජෝ ද රයිස් ඔෆ් කෝබ්‍රා නමින් පැරමවුන්ට් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් කරලියට පැමිණියේය. ජී. අයි. ජෝ චිත්‍රපට මාලාවේ ස්ථාවරත්වය ගොඩ නැගුණේ ඒ අයුරිනි. ජී. අයි. ජෝ නවතම සිනමා සම්ප්‍රාප්තිය සිදුන්නේ 2013 වසරේ තිරයට ආ ජී. අයි. ජෝ රිටැලියේෂන් චිත්‍රපටයත් සමඟිනි. මනඞකල්පිත ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය ‘හැස්බ්‍රෝ’ විසින් නිර්මාණය කරන ලද ජී. අයි. ජෝ චරිතය පාදක කර ගනිමින් රෙට් රීස් සහ පෝල් වර්නික් විසින් තිර රචනය කරන ලද්දකි. අධ්‍යක්ෂණය ජෝන් එම්. චූ ගෙනි. පාකිස්ථානයේදී සිදු කරන ලද න්‍යෂ්ටික අවි සොරකමක් සම්බන්ධ කතා පුවතක් පදනම් කොටගෙන චිත්‍රපට කතාව ගොඩ නගා ඇත්තේ නොනවතින ක්‍රියාදාම මාලාවක් රැගත් චිත්‍රපටයක් නිර්මාණය වන පරිද්දෙනි. 2009 දී ද රයිස් ඔෆ් කෝබ්‍රා චිත්‍රපටය ලබාගත් සාර්ථකත්වය මත පැරමවුන්ට් චිත්‍රපට සමාගමේ උප සභාපති රොබ් මුවර්ගේ අදහසකට අනුව 2011 දී රෙට් රීස් සහ පෝල් වර්නික් වෙත නවතම ජී. අයි. ජෝ තිර කතාවක් ගෙතීමේ කටයුත්ත පවරන ලදී. චිත්‍රපටය මුලින්ම නම් කෙරුණේ ජී. අයි. ජෝ කෝබ්‍රා ස්ට්‍රයික්ස් යනුවෙනි. ස්ටීවන් සොමර්ස් අධ්‍යක්ෂණය සඳහා නම් කෙරිනි. එහෙත් 2011 පෙබරවාරියේදී පැරමවුන්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ජෝන් චූ හට අධ්‍යක්ෂණය පවරන ලදී. ඒ අනුව චිත්‍රපටයේ නම ද ජී. අයි. ජෝ - රිටැලියන් යනුවෙන් සංශෝධනය විය. 2011 ජනවාරියේ දී නළු නිළියන් තෝරා ගැනීම සිදු කෙරුණු අතර මියුන්හුන් ලී, ස්ටෝමි ෂැඩෝ, ගේ චරිතයටත් මැනින් ටැටුම් සහ රේ පාක්, ඩියුක් සහ ස්නේක් අයිස් චරිතවලටත් තෝරා ගන්නා ලදී. රේ පාක් කලින් චිත්‍රපටයේ ද එම චරිතය රගපෑවේය. 2011 ජූනි මාසයේදී ඩ්වේන් ජොන්සන් රෝඩ් බ්ලොක් ගේ චරිතය සඳහා තෝරා ගැනුණු අතර ප්‍රධාන නිළිය තෝරා ගැනීම 2011 ජූලි මාසය දක්වා ඇදෙමින් පැවතිණ.අවසානයේ ඒඩ්‍රියන් පැලිකි, ප්‍රධාන නිළි චරිතය වන ලේඩි ජේ ලෙස රංගනයට එක් විය. ජෙනරල් ජෝශප් කෝල්ටන් හෙවත් ජී. අයි. ජෝන් ලෙස චරිත නිරූපණය කරන්නේ ප්‍රවීණ නළු බෲස් විලිස් විසිනි. ඇමෙරිකානු ජනාධිපති ලෙස ජොනතන් ප්‍රයිස් ද ආර්නල්ඩ් වොස්ලු සාටන් ගේ චරිතය ද නිරුපණය කරයි. ඉන්දියානු සහ රුසියානු නායකයන් ලෙස රඟපෑවේ අජේ මෙහෙතා සහ ලියා වොලොක්ය.
පාකිස්තානු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් චිත්‍රපටය එරටෙහි ප්‍රදර්ශනනය කිරීම තහනම් කරන ලදී. මෙම වාරණය සඳහා ප්‍රධාන බලපෑම් එල්ල වූයේ පාකිස්තානයේ න්‍යෂ්ටික අවි එකලස් කිරීමේ ආරක්ෂක අංශයන් හි මැදිහත් වීමෙනි. යුද්ධයේ සාහසිකත්වය පිළිබඳ පාකිස්තානයේ ස්ථාවරය චිත්‍රපටය තුළ අනිසි ලෙස අර්ථ නිරූපණය වන බවට ඔවුන්ගේ දැඩි විවේචන සහ විරෝධතා මතු වී තිබුණි. 2011 දෙසැම්බර් 12 දා ප්‍රථම වරට ‘යූ ටියුබ්’ හරහා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් විකාශය විය. නළු බියුන් – හුන් ලී පෙනී සිටින ජපන් ප්‍රචාරක පටයක් ද 2012 අප්‍රේල් වන විට අන්තර් ජාලයට මුදා හැර තිබිණ. 2013 ජනවාරියේදී හැන්සල් සහ ග්‍රෙතල් චිත්‍රපටය සමඟ තුන්වන පූර්ව ප්‍රචාරක පටය සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කරන්න යෙදින. ජී. අයි. ජෝ රිටැලියේෂන් චිත්‍රපටය 2013 අප්‍රේල් 7 දා වන විට ඇ. ඩොලර් 86,438,449 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා තිබූ අතර ලෝ පුරා ප්‍රදර්ශනයෙන් ඇ. ඩොලර් 231,638,449 ක් උපයා ගෙන ඇත. උතුරු අමෙරිකාවේ පමණක් ප්‍රදර්ශනය වූ මුල් දින 10 තුළ උපයා ගත් බොක්ස් ඔෆිස් ආදායම ඇ. ඩොලර් මිලියන 10.5 කි. බොහෝ සිනමා විචාරකයින් මෙම චිත්‍රපටය හඳුන්වා දී ඇත්තේ නොනවතින ක්‍රියාදාම (Non Stop Action) චිත්‍රපටයක් ලෙසයි. |



මෑත යුගයේ හොලිවුඩ් සිනමාවේ ජය කෙහෙළි නැං වූ චිත්‍රපට බොහොමයක් පෙරදා අතිශය
ජනප්‍රියත්වයට පත් වූ චිත්‍ර කතා ඇසුරින් ප්‍රතිනිර්මාණය කරන ලද ඒවාය. සුපර් මෑන්,
ස්පයිඩර් මෑන්, බැට්මෑන්, ඉන්ක්‍රෙඩිබල් හල්ක්, ඔ මෙන් සහ කැට් වුමන් ඒ අතුරින්
ප්‍රමුඛත්වය ගනී.
2011 අගෝස්තුවේ ලුසියානාහිදී මූලික රූගත කිරීම් ඇරඹුණ අතර නොවැම්බර් 22 දා නිව්
ඔර්ලියන්ස් හි දර්ශන තලයකදී සිදු වූ හදිසි අනතුරකින් චිත්‍රපටයට දායක වුණු
ශිල්පියෙකු අවාසනාවන්ත ලෙස අභාවයට පත්වීම කාගේත් සංවේගයට හේතු වූ කරුණක් විය. 2012
මැයි හෝ ජූනි මාසවලදී චිත්‍රපටය තිරගත කිරීමට බලාපොරොත්තු වී සිටි නමුදු 2013
මාර්තු 29 දිනට ප්‍රථම දර්ශන වාරය කල් ගියේය. අවසානයේ 2013 මාර්තු 28 දා චිත්‍රපටයේ
මංගල දර්ශනය පවත්වන ලදී.