සතිශ් වියෝවී වසරයි 22 දා පිංකම් රැසක්
සතිශ් වියෝවී වසරයි 22
දා පිංකම් රැසක්
ජනප්‍රිය ගායන සතිශ් පෙරේරා අපෙන් වියෝවී මෙම මස 23 වැනිදාට වසරක් සපිරේ. එය
නිමිතිකර ගනිමින් 22 වැනිදා රාත්‍රී 8.00 ට මාදුලුවාවේ සෝභිත හිමියන් විසින් සුමදුර
ධර්ම දේශනාවක් පවත්වන අතර පසුදින සංඝගත දක්ෂිණාවක් සතිෂ්ගේ කලල්ගොඩ නිවසේ දී සිදු
කෙරේ.
ප්‍රසාද්
සුවිසඳ රෑ ගී ප්‍රසංගය අප්‍රේල් 30 දා මහරගම දී

සුනිල් එදිරිසිංහ, නිරෝෂා විරාජිනි, අමල් පෙරේරා ගී ගයන ‘සුවිසඳ රෑ’ ගී ප්‍රසංගය
මෙම මස 30 වැනි දින මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.
විශාරද මනෝජ් පීරිස් සංගීතය මෙහෙයවන මෙම ප්‍රසංගයේ කථනය ප්‍රියාල් වීරසිංහ හා
සිතාරා කළුආරච්චිගෙනි.
ස්වාධීන රූපවාහිනී සුබසාධක සංගමය මෙම ප්‍රසංගය සංවිධානය කරයි.
- සංජීව
ලක්‍ෂමන් අමරසේකර ගේ ‘පුංචි මගේ පෙර පාසල් වැඩ පොත’
ලක්‍ෂමන් අමරසේකර හෙවත් අතුල
මාමා විසින් පෙර පාසල් දරුවන් වෙනුවෙන් රචනා කළ ‘පුංචි මගේ පෙර පාසල් වැඩ පොත’
පසුගිය දා වෙළෙඳ පොළට නිකුත් කරන ලදී.
එහි පිටපත ශ්‍රී ලංකා බුක්ෂොප් අධිපති ජගත් අබේරත්න මහතාට ලක්‍ෂමන් ලබාදුන් මොහොතයි
මේ.
මෙම ග්‍රන්ථය ලක්‍ෂමන්ගේම ප්‍රකාශනයකි. වැස්ස නුඹ වගේ ටෙලි සිතුවමේ අලි ඩොං ලෙස ද
සේපාලිකා ටෙලි සිතුවමේ කීරා ලෙස ද රැඟුවේ ලක්‍ෂමන් ය.
ප්‍රසාද්
අයිවෝ ගේ ‘මලක කඳුළ’ 22 දා එළිදැක්වේ
අයිවෝ විරන්ත
ප්‍රනාන්දුගේ ‘මලක කඳුළ’ කාව්‍ය සංග්‍රහය මෙම මස 22 වැනිදා සවස 3.30 ට ජාතික
පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙනු ඇත.
ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මුලසුන හොබවන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ
මහාචාර්ය සරත් විජේසූරිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර, ප්‍රවීණ
ගුවන් විදුලි ශිල්පී කරුණාරත්න අමරසිංහ යන මහත්වරුන් දෙසුම් පවත්වනු ලබති.
ප්‍රසාද්
|