|
|
ඉරට අකීකරු සඳට අකීකරු රෝස කැලේ රතු කැකුළී
මාජි මන්ත්‍රිනායක
ඉන්ද්‍රාණි පෙරේරා නම් ඇය එහි ගායනය කළ ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුළී මියුරු ගීතයට රංගන දායකත්වය සැපයූ නවක නිළිය ඔබට අමතක කිරිමට කාලය ඉඩ නොදෙනු ඇත. අංක 49, ජනප්‍රිය මාවත, අළුබෝමුල්ල, පානදුර ලිපිනයැති නිවසේ පදිංචිව සිටින ඇය මාජි මන්ත්‍රිනායක බව ඔබේ මතකය යළි අවදි කර දෙනු නියතය. ඇය සරසවිය පුවත්පත වෙනුවෙන් කාලයකට පසු සමීප කරගත් සුහද මොහොතයි මේ.
* කලා දිවියට පෙරාතුව ඔබේ ජීවිත පසුබිම ගැන විමසා බලමුද? මන්ත්‍රිනායක ආරච්චිගේ කැල්වින් ප්‍රැන්සිස් හා වැල්ලබඩගේ නැන්සි මාග්‍රට් ප්‍රනාන්දු යුවළගේ වැඩිමහල් දියණිය මම. මට බාල සහෝදර සහෝදරියන් සිව් දෙනෙක් සිටියා. 1955 අගෝස්තු 06 වැනිදා උපන් මගේ නම මේරියට් මාජි. අපි කතෝලික. වෑකඩ බෞද්ධ බාලිකාවෙන් හා පානදුර ශුද්ධ වූ එඬේරාගේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබුවා. පාසැල් නාට්‍ය හැම එකකම රඟපෑවා. සිනමාවට ආවට පස්සේ තමයි මගේ නමේ මුල අගට ගිහින් අග මුලට ආවේ. සිනමාවේ කුරුකුලසූරිය පවුල අපේ ළගම ඥාතීන්. පදිංචියත් යාබදව. එය සරලව විග්‍රහ කළොත් ජනකාන්ත නිළි ජීවරාණිගේ අම්මයි, මගේ අම්මයි සහෝදරියන්. වැඩියෙන් සෙල්ලම් කළේ මැණික් සමඟ. ඇය මගේ වයසට කිට්ටුයි. * ඔය කාලේ මතක ඇති සිද්ධියක් ගැන කියන්න පුළුවන්ද? ජීවරාණිගේ ගෙදර උදවියයි, අපේ ගෙදර අයයි රන්මුතු දූව චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න වැල්ලවත්තේ සැෆයර් සිනමාහලට ගියා. සිනමාහලේ හා ඒ අවට පාරේ සිටි සෙනඟ අද මොනම චිත්‍රපටයක් සඳහාවත් දැකලා නැහැ. නළු නිළියන් එන විට ප්‍රේක්ෂක ජනතාව ඔවුන් දකින්න පොර කෑවේ දෙවිවරු නැතිනම් රජවරු එනවා වගේ. * ඔබේ සිනමා දිවිය ඇරැඹෙන්නේ කුරුකුලසූරිය පවුල නිසාද? එම ඥාති සම්බන්ධයත් බොහෝ දුරට බලපාන්න ඇති. 1970 ගණන්වල කෙටි චිත්‍රපටවල ප්‍රවණතාවක් දකින්න තිබුණා. උසස් රස වින්දනයක් සිනමාව තුළ ආරෝපණය කරන්න තරුණ පිරිස් පෙළ ගැසුණා. සෝමරත්න ගෝමස් නමැති තරුණයකුගේ අකලට පරවුණු මල් කෙටි චිත්‍රපටයටයි මගේ පළමු රංගන දායකත්වය ලබා දුන්නේ. මෙහි දයානන්ද සල්වතුර හා දෙනවක හාමිනේ රඟපෑවා. ඊළඟට ඉන්ද්‍රජිත් දිසානායකගේ කෙටි චිත්‍රපටයක රඟපෑවත් එහි නම මතකයෙන් බොඳ වෙලා. * එතකොට ඔබ වෘත්තාන්ත සිනමාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ කෙසේද?
අපි චිත්‍රපට නරඹන්න ගියේ පානදුරේ ජයමිණි සිනමාහලට. ඔය සිනමාහල අසල නිවසකට
ග්ලැඩ්වින් ප්‍රනාන්දු කියන චිත්‍රපට සංස්කරණ ශිල්පියා එන යනවා. මාව දැකලා හඳුනාගත්
ඔහු මට නිපදවමින් තිබුණු චිත්‍රපටයක රඟපෑමේ අවස්ථාව ලබා දෙන්න සූදානම් වුණා. තාත්තා
මේකට විරුද්ධ වුණත්, අම්මාගේ කැමැත්ත උඩ ඒ චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කළා.
චිත්‍රපටය තමා 1972 තිරගත කළ වනරාජා. නිෂ්පාදක අධ්‍යක්ෂ විලී බ්ලේක්. * ඔබට චිත්‍රපටයක ප්‍රධාන චරිතය ලැබෙන්නේ වනරාජා නිසාද? සත්තකින්ම ඔව්. වනරාජා චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පී මර්සලින් එස්. පෙරේරා දිනුම් කණුව රූපගත කිරීම් සඳහා සූදානම්ව සිටියා. ඔහුගේ හිත හොඳ ඇරැයුමෙන් මා එහි නිළියන් තේරීමේ පරීක්ෂණයට සහභාගි වුණා. පැමිණ සිටි තරුණියන්ගෙන් මාව දිනුම් කණුව චිත්‍රපටයේ චිත්‍රා නම් කථා නායිකාවගේ චරිතයට තෝරා ගත්තා. එහි අසංග නම් පෙම්වතාගේ චරිතය හිමි වුණේ ටෝනි රණසිංහට. ඩී. ආර්. නානායක්කාර පියා. රුක්මණී දේවි මව. මෙය රංජිත් ඊ. පෙරේරාගේ අධ්‍යක්ෂණයක්. ඔහු අමෝමා වත්තල්දෙනියගේ සැමියා. ඔවුන් මීට පෙර රැයත් දවාලත් කියා මිලි මීටර් 16 වෘත්තාන්ත චිත්‍රපටයකුත් නිර්මාණය කොට තිබෙනවා. දිනුම් කණුව නිෂ්පාදනය කළේ නාරාහේන්පිට ජී. එච්. ආරියපාල හා යසා ආරියපාල. නිෂ්පාදකවරයා අද ජීවතුන් අතර නැහැ. නිෂ්පාදකවරිය ඉන්නවා. * ඔබේ මීළඟ රංගනයන් දැකගන්න ලැබෙන්නේ මොන චිත්‍රපට තුළින් ද? මට මතක හැටියට සැණකෙළිය. මැණික් කුරුකුලසූරියගේ දෙවන චිත්‍රපටය. මෙහි වැඩ කටයුතු සඳහා ඇගේ නිවසට නිතර පැමිණි හර්බට් රංජිත් පීරිස් මාව දැකලා රඟපෑමේ අවස්ථාවක් ලබා දුන්නා. චිත්‍රපටය නිපදවන අතරවාරයේ සැණකෙළිය කතාව ඔහු විසින්ම චිත්‍ර කතාවක් ලෙස සතුට පත්‍රයේ පළ කිරීම නිසා අධ්‍යක්ෂණයෙන් ඉවත් කළා. තවත් එකක් ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා මිය යන දර්ශනයෙන් මුල් දිනවල චිත්‍රපටය නිමාව දුටුවත් සති දෙකක් තුළදී ඒ වෙනුවට ඔහු හා පෙම්වතිය ෆරීනාලායි සමඟ එක්වන අයුරු දැක්වීමෙන් අවසානය වෙනස් කිරීම විශේෂ සිද්ධියක්. සැණකෙළිය චිත්‍රපටයේ මගේ ජීවිතයට වැදගත් වන සිදුවීමකුත් තිබෙනවා. ඔය කාලේ මගේ පෙම්වතා රංජිත් ලෙනාඩ් පෙරේරාත් රූපගත කිරීම් බලන්න ඇවිත් සිටියා. සැණකෙළිය චිත්‍රපටයේ මිනෝන් රත්නම් ගයන රණ මොනරාගේ මොනරිය ගීතයට අනුව සාදයක යුගල නැටුම් ජවනිකාවක මා සමඟ නැටුවේ ඔහු. අද එයා ජීවතුන් අතර නැහැ. 2007 මිය ගියා. ඒ වෙන කොට අපි විවාහ වෙලා අවුරුදු 35 පිරුණා විතරයි. මගේ අවසන් රංගනය රැගත් සිල්වා චිත්‍රපටය 1980 ප්‍රදර්ශනය කළා. එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ සහායක චරිතයක් ලැබුණත් ලොකු දුව ලැබෙන්න සිටි නිසා චිත්‍රපටයෙන් ඉවත් වුණා. මෙහි මාලිනී ෆොන්සේකාගේ නැඟණිය ලෙස රඟපෑ පුෂ්පා මන්ත්‍රිනායක මගේ පොඩි නංගී. ගාමිණී ෆොන්සේකාගේ දැන්වීම පිට දෙවියනි ඔබ කොහිද චරිතයකට තෝරා ගැනීමට අරුණ ශාන්ති පැමිණි නමුත් මොන යම් හේතුවක් නිසා හෝ එය ගිලිහී ගියා. * ඔබේ කෙටි සිනමා ජීවිතය තුළ ඔබ වඩාත් කැමති නළු නිළි දෙපළ කවුද? ආයෙ වචන දෙකක් නැහැ. ගාමිණී – ජීවරාණි. ඇය අපේම ඥාතියෙක් නිසා වර්ණනා කරන්න අසතුටුයි. ගාමිණී කියන්නේ සිංහල සිනමාවේ සිටි සැබෑ පෞරුෂත්වය. ඔහු තමන් සමඟ රඟපාන නිළිය අවතක්සේරු කළේ නැහැ. ඇත්තම කියනනවා නම් ගාමිණී සමඟ රඟපෑ නවක නිළියන් ජනප්‍රියත්වයේ ඉහළම තලයට පිවිසියා. දෛවයෝගයේ කුමාරිලතා, අදට වැඩිය හෙට හොඳයි සන්ධ්‍යා කුමාරි, ගැටවරයෝ ශෝබනී අමරසිංහ, චණ්ඩියා අනුලා කරුණාතිලක ඉන් කිහිප දෙනෙක්. ජීවරාණිත් ඒ අතර ඉන්නවා. මන්දගාමී රංගන ශෛලියේ නළුවන්ට වඩා ගාමිණී තුළ සහජයෙන්ම ලැබුණු රංග කුසලතාව අහිංසකයෙක්, වීරයෙක්, දුෂ්ඨයෙක් කරන්න පිටුවහලක් සැපයුවා. එය ඊළඟට පිහිටියේ විජයට පමණයි. මොවුන් දේශපාලන ක්ෂේත්‍රයේත් ජනහද දිනූ ප්‍රබලයින්.
බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ මරු වැල, එරබදු මල් යන ටෙලි නාට්‍ය දෙකේ රඟපා තිබෙනවා. වැඩිහිටි සුදුසු චරිතයක් ලැබුණොත් ඉදිරියටත් රඟපාන්න ආසයි. එහෙම අවස්ථාවක් දෙන්න කැමති නිර්මාණකරුවකු සිටිනවා නම් මගේ දුරකථන අංකයට අමතන්න. 077-5519865. * ඔබේ කලා දිවිය තුළ කිසිදා අමතක කළ නොහැකි සිදුවීමක් තිබෙනවාද? දිනුම් කණුව චිත්‍රපටය පෙන්නූ අවධියේ එක්තරා රසිකයෙක් ආදර හසුනක් සමඟ කුඩා මැණික් කැටයක් තැපැල් කොට එවා තිබුණා. පසුව ඒ මැණික අද්භූත විදියට අතුරුදන් වුණා. ඊට වෙච්ච දෙය අදටත් සිතා ගන්න බැහැ. * ඔබේ දරුමල්ලන් ගැන කෙටි සඳහනක් කරන්න කැමතිද? දරුවන් පස් දෙනයි. වැඩිමලාත්, බාලයාත් දියණියන්. රොමේන් දුව පුංචි කාලයේ පටන්ම නාට්‍යවල රඟපෑවා. බර්මින්ගේ කේලම ටෙලි නාට්‍යයේත් රඟපෑවා මතකයි. රොෂාන් පුතා දාමිනි, මන්ත්‍රී හටන, මරු වැල ඇතුළු ටෙලි නිර්මාණ කිහිපයක නළුවෙක් හා සහාය අධ්‍යක්ෂවරයෙක්. රොනී පුතා 2009 අවාසනාවන්ත ලෙස මාල දිවයිනේදී ඝාතනයට ලක් වුණා. රොහාන් පුතා බහරේන්වල රැකියාව කරනවා. රොෂානි පොඩි දුවත් කෙටි නාට්‍ය කිහිපයක චරිත නිරූපණය කළා. මේ හැමෝම විවාහකයි. * ඔබේ වත්මන් තත්ත්වය අවංකවම පැහැදිලි කරන්න පුළුවන්ද? මගේ ජීවිතයේ කටුක ගමන් මඟ දැන් නිමයි. දරුවන් මාව හොඳින් රැක බලා ගන්නවා. ඔවුන් කලා කටයුතු කරනවාට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.
|



1947 සිට 2013 දක්වා ප්‍රදර්ශිත සිංහල චිත්‍රපට සංඛ්‍යාව දහස ඉක්මවා ඇත. මේ අතුරින්
270 වෙනි චිත්‍රපටය වශයෙන් සැලකිය හැකි දිනුම් කණුව ප්‍රදර්ශනය කළේ සිලෝන් තියටර්ස්
දෙවන ප්‍රදර්ශක මණ්ඩලය බොරැල්ලේ රිට්ස් ප්‍රමුඛව විවෘත කරමින් 1974 මාර්තු 05
වැනිදාය. එම චිත්‍රපටයෙන් නවක පසුබිම් ගායිකාවක හඳුනා ගැනීමට ලැබුණාය.
* පාසැල් වේදිකාවෙන් සිනමාවට පිවිසි ඔබ ටෙලි නාට්‍ය රංගනයට සම්බන්ධ වූයේ නැද්ද?