වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




දහම් සිසිලෙන් අමාදහර ගලා යයි

දහම් සිසිලෙන් අමාදහර ගලා යයි

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන අමාදහර වෙසක් කලාපය මෙවරද මහ ඉහළින් එම පරිශ්‍රයේදී සිදු කෙරිණි. සරසවිය පුවත්පතේ මූලිකත්වයෙන් පැවැති වෙසක් බැති ගී ගායනා ද මෙහි දී කැපී පෙනුණු සිදුවීමකි. පළමු දින සිදු කළ බැති ගී සරණිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය සහභාගි විය. එහිදී ඉෂාක් බෙග්, සඳුන් විජේසිරි, සූර්ය කුමාර මුත්තලගේ, මායා දමයන්ති, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, සමීර සේනාරත්න, සධානා රණතුංග, ශරද රණතුංග ආදී කලාකරුවන් රැසක් ගී ගැයූහ.

පසුදා එනම් 30 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාද්‍ය වෘන්දය බැති ගී සරණිය සඳහා සංගීතය සැපයූ අතර විශාරද දමයන්ති ජයසූරිය, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන, විශාරද නිර්මාලා රණතුංග, විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද පේශල මමෝජ් සහ රොමේෂ් සුගතපාල ආදී සංගීතඥයින් බැති ගී ගායනයට එක් වූහ. මේ දෙදින සඳහාම ලේක්හවුස් බැති ගී කණ්ඩායම ද සිය බැති ගී ගායනයෙන් සහභාගි වූහ.