වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




ළඟින් සෙල වුණේ නැහැ

ළඟින් සෙල වුණේ නැහැ

එකම දිනයක් තුළදී තමන් රඟපෑ චිත්‍රපට හතරක්ම රූපවාහිනී නාළිකා හතරක විකාශය වුණොත් ඒ නළුවාට මොනවා හිතේවිද. ඇත්තටම පුදුම හිතේවි. සතුටකුත් දැනේවි. ඊට හපන් පහුවෙනිදා තවත් චිත්‍රපට දෙකක් විකාශය වුණොත් ඒ සතුට දෙගුණ තෙගුණ වේවි.

මේ ප්‍රීතිමත් අවස්ථාවට මුහුණ දුන්නේ අනුරාධපුරයේ අතුල හෙවත් අතුල ජයතිස්ස. ඉකුත් සිංහල අවුරුදු දිනයෙයි ඔහු සිටින චිත්‍රපට හතරක් තිරගත වුණේ. මෝටර් බයිසිකල්, ආලෝකෝ උදපාදි, හෝගානා පොකුණ, පත්තිනි තමයි එදා විකාශය වූ චිත්‍රපට හතර.

ඊට පහුවෙනිදා බන්ධනය සහ උලත් එකයි පිලත් එකයි යන චිත්‍රපට ද්විත්වය විකාශය වුණා. මේ හේතුවෙන් අතුල ඒ දවස් දෙකේ රූපවාහිනිය ළඟින් සෙල වුණෙත් නැතිලු. බොහොම සතුටින් අවුරුදු කෑවලු.