වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ

සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ

උදයකාන්ත වර්ණසූරිය සිනමා නිර්මාණය

සොඳුරු ලෙන්ගතු මිනිස් සබැඳියාවන් සමඟ ආදරය හා ජීවිතය පිළිබඳ රමණීය රූප සිත්තමක්

සන්දේශ් උගත්, උසස් පාන්තික පවුලක කඩවසම් තරුණයෙකි. මිහිිරි ඔහුගේ පෙම්වතියයි. මිහිරිගේ බුද්ධි හීන එකම සොහොයුරා නිසා ඇය හා සන්දේශ් අතර විවාහයකට සන්දේශ්ගේ දෙමාපියන්ගෙන් බාධා එල්ල වේ. පසුව සන්දේශ් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා ඕස්ට්‍රේලියාව බලා යයි. ඕස්ට්‍රේලියාවේදී සන්දේශ් නතාශා නැමැති තවත් සුරූපී යුවතියක් හා පෙමින් බැඳේ. එහෙත් දිනක් සිදුවන හදිසි අනතුරක් නිසා සන්දේශ් ආබාධිත තත්ත්වයකට පත් වේ. මේ හේතුවෙන් දෙදෙනා අතර විවාහයක් සඳහා නතාශාගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා සන්දේශ් යළිත් ලංකාවට පැමිණීමට තීරණය කරයි.

ලංකාවේදී සන්දේශ්ට යළිත් මිහිරි මුණ ගැසේ. මේ වන විට ඇයගේ ආබාධිත සොහොයුරා මිය ගොස් සිටි අතර ඇය ගයන්ත නැමැති තරුණයෙකු හා පෙමින් බැඳී සිටී. පසුව මිහිරිත් ගයන්තත් එකතු වී සන්දේශ්ගේ ආබාධය සුවකර දීමට අප්‍රමාණ වෙහෙසක් ගනී.

ගෙවී යන කාලයත් සමඟ සන්දේශ්ගේ ආබාධිත තත්ත්වය සුවකර දීමට මිහිරිට හා ගයන්තට හැකිවේද? සන්දේශ්ගේ හා මිහිරිගේ සුහදත්වය පිළිබඳ ගයන්ත සිතන්නේ කුමක්ද? සන්දේශ්ගේ ඉරණම කුමක් වේද?

අනුජ් රණසිංහ, පියුමි හංසමාලි, ඇන්ජලෝ සන්ජීව් බාන්ස්, ඕෂදී හිමාෂා, රවීන්ද්‍ර රන්දෙනිය, සුවිනිතා වීරසිංහ, අනුලා කරුණාතිලක ශ්‍රීනාත් මද්දුමගේ, කිරුල හේරත්, සුසන්ත ප්‍රියදර්ශන, ගිවන්ත අර්ථසාද්, කුමාරි සේනාරත්න, ගයාත්‍රී පනන්වල

කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය

නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ. බණ්ඩාර, උදයකාන්ත වර්ණසූරිය

කැමරා අධ්‍යක්ෂණය - අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි

ශබ්ද සංයෝජනය හා සංස්කරණය - ප්‍රවීන් ජයරත්න (ඩිල් ෆිල්ම්ස්)

ගී තනු නිර්මාණය හා පසුබිම් සංගීතය - රෝහණ වීරසිංහ

අංග රචනය - ඉන්දික උදාර ලංකා

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්

ඇඳුම් පැළඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය

නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

ප්‍රචාරක කටයුතු - නිහාල් සංජය - (කිසල් ආර්ට්ස්)

ගීත ගායනා - සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, උරේෂා රවිහාරි, අමල් පෙරේරා, සශිකා නිසංසලා, දුමාල් වර්ණකුලසූරිය, අභිෂේකා විමලවීර

ගීත රචනය - සුනිල් ආරියරත්න, සුනිල් විමලවීර, කුලරත්න ආරියවංශ, බණ්ඩාර ඇහැලියගොඩ, ආරියසිංහ පෙරේරා