වර්ෂ 2018 ක්වූ  මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා




කන්ද පෙනේද? කන්දෙ පෙනේද?

 කන්ද පෙනේද? කන්දෙ පෙනේද?

මල්ලී, සිරිපාදේ ගීතය අපි කියන්නෙ වැරැදියට. දන්නවද හරි ගීතය මොකක්ද කියලා.

රැල් බුරුල් ඇරලා එහෙම කතාව පටන් ගත්තේ සඳුන් විජේසිරි. ලේක්හවුස් පරිශ්‍රයට පැමිණි මොහොතකයි ඔහු එහෙම කිව්වෙ.

ඉතින් මොකක්ද හරි සින්දුව.

සිරිපාදේ සමනල කන්ද පෙනේ නෙවෙයි සිරිපාදේ සමනල කන්දෙ පෙනේ. කන්ද නෙවෙයි කන්දේ. කන්දේ ආලෝකය තමයි පෙනෙනවා කියන්නේ. බලන්නකො හැමෝම කියන්නේ කන්ද පෙනේ කියලනෙ.

සඳුන් එහෙම කිව්වෙ එම ගීතය නැවත නැවත ගයන අයට වෙන්න ඇති. ඒ අයට නම් ඕවා වැඩක් නැහැ. පුළුවන් තරම් විකෘති කර කර ගැයුව නම් තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ කියලා ඔවුන් හිතනවා ඇති. ඒකනෙ වැඩි දෙනෙකු සින්දු ගායනා කරනවා වඩා ඒවා අනුභව කරන්නේ.