|
බන්දු - ටෙනී විරසකයි කීම බොරුවක්යම රජ සිරි සමඟ එන සජීව සංකල්ප
වසර ගණනාවකට පසු ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ එකට රඟන සිනමාපටයක් මේ දිනවලදී තිරගත වේ. ඒ යම රජ සිරිය. එම සිනමාපටය කැටුව එන අධ්‍යක්ෂවරයා සිනමාවට ආගන්තුක නැහැ. අධ්‍යක්ෂණයට කුලුඳුල් වුව ද කැමරා අධ්‍යක්ෂවරයකු, සංස්කරණ ශිල්පියකු, සංගීත අධ්‍යක්ෂවරයකු යන බහු චරිත ඔස්සේ ඔහු අප සිනමාව හා එක්ව සිටියේය. නමින් සජීව සංකල්ප වන හෙතෙම යම රජ සිරි ගෙන එන්නේ අරමුණු රැසක් පෙරදැරිවය. * සංකල්ප, යම රජ සිරි සිනමාපටයේ ආරම්භය කොහොමද සිදු වන්නේ?
* ඇතැමුන් කියනවා ඔවුන් විරසක වෙලා නිසාලු එහෙම එකට රඟපෑවේ නැත්තේ? නැහැ. ඒක බොරුවක්. ඔවුන් දෙපොල හොඳ මිත්‍රයෝ. එකට හමු වෙනවා. ගෙවල්වල යනවා. නිතර කතාබහ කරනවා. නමුත් දෙදෙනා එකට රඟපාන්නේ නැති මතයක හිටියේ. * ඔබ කොහොමද ටෙනී බන්දු හිතේ තිබුණු ඒ මතය බිඳලුවේ? අයිබා ෆිල්ම් ටීම් එකේ ඉන්න ලංකා ධර්මවික්‍රම මහත්මයා තමයි ටෙනිසන් සහ බන්දුට මේ නිර්මාණයට ඇරැයුම් කළේ. ඔවුන් එකඟතාවය පළ කළා මිසක අකමැත්තක් ප්‍රකාශ කළේ නැහැ. ඇතැම් විට ඒ දෙදෙනාට හිතෙන්නට ඇති මේක වෙනස්ම අන්දමේ සිනමා නිර්මාණයක් කියලා. * යම රජ සිරි අධ්‍යක්ෂණය කරන්නට හිටියේ ඔබ නෙවෙයි නේද? ඔව්. අපේ අදහස වුණේ ටෙනී හෝ බන්දුට මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නට දෙන්න. ඒකට නම් ඔවුන් කැමැති වුණේ නැහැ. අප අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකුව බැලුවා. යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අවසානයේදී කැරකිලා කැරකිලා මටම මේ නිර්මාණය ආවා. * මොකද ඒ වෙලාවේ හිතුණේ? චිත්‍රපටයක් අධ්‍යක්ෂණය ලෙහෙසි නැහැ. නමුත් ඔබ චිත්‍රපට ක්ෂේත්‍රයට ආගන්තුකත් නැහැ? ඔබ කිව්වා හරි. ඒ වනවිට මම අංශ ගණනාවක් යටතේ සිනමා නිර්මාණවලට දායක වෙලා තිබුණා. නමුත් අධ්‍යක්ෂවරයකු ලෙසට මං ආධුනිකයි. අත්දැකීම් බොහොමයක් තිබුණ නිසා මේ වැඩේ බාර ගත්තා. පළමුව මං පිටපත අතට ගත්තා. එය සම්පූර්ණයෙන්ම සංස්කරණය කළා. ඩබල් මීනිං නැතුව විකට ජවනිකා හැදුවා. මොකද මම කරන නිර්මාණය මගේ පවුලත් එක්ක ගිහින් බලන්න ඕන නිසා. * ටෙනී බන්දු සමඟ ඔබ මීට ප්‍රථම නිර්මාණවලදී වැඩ කටයුතු කරලා ඇති? ඔව්. මගේ නිර්මාණ වපසරිය ගැන ඔවුන් දන්නවා. ඒ හින්දා මගේ නිර්මාණයට මට පහසුවක් වුණා. * යම රජ සිරි සඳහා ටෙනී බන්දුව යොදා ගත්තේ චිත්‍රපටය මාකට් කරන්න පුළුවන් නිසා නොවේද?
* ඔබ හිතනවාද යම රජ සිරි රිලීස් වුණේ නියම කාලේ කියලා? අනිවාර්යෙන්ම. අපට රිලීස් ඩේට් එක ලැබුණේ පසුගිය වසරේ. ඒත් එහෙම නොවී මේ කාලේ යම රජ සිරි රිලීස් වුණ එක ගැන සතුටුයි. * චිත්‍රපටය බලන්න ඔබ සිතන පරිදි ප්‍රේක්ෂකයින් ආවද? ඒ ගැන නම් ඉතාම සතුටුයි. බහුතරයක් ප්‍රේක්ෂකයෝ යම රජ සිරි නැරැඹුවා. චිත්‍රපට ශාලා හිමිකරුවන්ගෙන් මට ලැබුණු ප්‍රතිචාරත් එක්කයි මම මෙහෙම කියන්නේ. ඔවුන් ද සතුට වෙනවා මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය කළ එකට. මොකද ශාලා හිමිකරුවන්ට තිබුණු දැඩි ප්‍රශ්නයක් තමයි ශාලාවලට ප්‍රේක්ෂකයන් නොඒම. ශාලා පවත්වාගෙන යාමටත් ඒක අපහසුවක් වුණා. යම රජ සිරි හරහා එම තත්ත්වය මඳකට හෝ පහසු වුණු බව ඔවුන් කිව්වා. කුලුඳුලේ සිනමා අධ්‍යක්ෂණයට පිවිසුන අයකු හැටියට බොහොම සතුටු වෙන්න පුළුවන් කාරණයක් ඒක. * පළමු චිත්‍රපටයෙන් ඔබ ෆේල් වුණ අවස්ථා මොනවද තියෙන්නේ? මට එහෙම දැනෙන අවස්ථා තිබුණේ ටිකයි. ඒක ෆේල්වීමක්ම කියලා කියන්න අමාරුයි. මම සාමාන්‍යයෙන් වැඩක් කරද්දී ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. එතකොට මා වටා ඉන්න පිරිසගෙන් ඒ හා සමාන සපෝර්ට් එක අවශ්‍යයි. එහෙම නැති වුණාම මට පොඩි ඇද වැටීමක් එනවා. ඒ අවස්ථාවලදී මං කල්පනාකාරීව වැඩ කළා. ඊළඟ නිර්මාණවලට ඒක අත්දැකීමක්. * ටෙනී බන්දුව රඟපාවන්න ගිහින් වෙච්ච අමතකම නොවන අත්දැකීම ගැනයි මං ඊළඟට අහන්නේ? ෆිල්ම් එකේ සිංදුව ෂූට් කළේ මහරගම. එදා වේගයෙන් ආව බස් එකකට බන්දු අයියා වැන්දා. ඔහු වැඩිපුර හිතලා නෙවෙයි ඒක කළේ. බස් එකේ රියදුරු ඇතුළු සියලු දෙනාම තුෂ්නිම්භූත වුණා. මං ඒක ෂූට් කරලා සිංදුවටත් දැම්මා. මං හිතපු නැති සීන් එකක් වුණත් ඒක සිංදුවට ගැළපෙන අන්දමට ආවා. * ලාංකේය සිනමා කර්මාන්තයේ ඉදිරිය කොහොමද ඔබ දකින්නේ? ගොඩක් අය දන්නේ නැති වුණාට මං සිනමාව පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක්. එහෙම හැදෑරීමක් ඇතුව ආව නිසා මං දන්නවා මේ කර්මාන්තය තුළ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. සිනමා කර්මාන්තයේ නෙවෙයි වැරැද්ද.ඒක තුළ සිටින අය ප්‍රේක්ෂකයාගේ ටේස්ට් එක හොයන්නේ නැහැ. එක එක අය එහෙට මෙහෙට ඇද ඇද ඉන්නවා. ප්‍රේක්ෂකයා තනි වෙනවා. අපි සියල්ලම එකම පැත්තකට යා යුතුයි. එතකොට සුභවේවි. * යම රජ සිර චිත්‍රපටයේදී ඔබට උදව් කළ පිරිස මතක් කළොත්? ලංකා ධර්මවික්‍රම, සංගීත් අල්ගම, නීල් සංජීව සහ රයිනෝ ආයතනය ගොඩක් උදව් කළා. * යම රජ සිර අධ්‍යක්ෂණයට අමතරව ඔබ දායකත්වය සැපයූ අංශ ගැන මතක නොකළොත් මෙතැනදි අඩුවක් වේවි? චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට අමතරව කැමරා අධ්‍යක්ෂණය, සංගීත අධ්‍යක්ෂණය, සංස්කරණය,විශේෂ ශබ්ද ප්‍රයෝග, විශේෂ දාෂ්‍ය ප්‍රයෝග, ශබ්ද සංයෝජනය ආදී දේවල් කළේ මම . මං සංගීත විශාරදවරයෙක්. ඒ නිසා සංගීතය වාදනය කළෙත් මං.
|