වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංකගේ රෑ මල්ල

වේදිකාවටත් ආවා නම්...

අපේ ප්‍රවීණ සාහිත්‍යධරයන් අතර දොස්තර ගුණදාස අමරසේකරට ද හිමි වන්නේ අද්විතීය තැනකි. මේ පවසන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට හා එච්. ඩී. ප්‍රේමසිරිට යශෝධරාවේ කාව්‍යක්කාරයා පිළිබඳ තවදුරටත් ඉස්මතු කර දැක් වූවා නම් බිම්බා දේවි හෙවත් යශෝධරාව වඩා වටන්නේ වේදිකාවටය. එය පසක් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ එච්. ඩී. ප්‍රේමසිරි හිස නමා සඳහන් කළේ එය පිළිගන්නා වගද?


ගුරු ගෙදර මතක

යශෝධා මුල්ම වතාවට රංගනයෙන් එකතු වන්නේ ගුරු ගෙදර චිත්‍රපටයෙනි. ඇය එකල භද්‍ර යෞවනියකි. එහි ඇය මහා නළු රවීන්ද්‍ර රන්දෙණිය සමඟ සුන්දර ප්‍රේමයකින් බැඳුණි. වෛෂ්ණාවි නැරැඹීමට පැමිණි දවසේ යශෝධරාත්, රවීන්ද්‍ර රන්දෙණියත් කතා කළේ වෛෂ්ණාවියේ සිට ගුරු ගෙදර ගැනයි. ඇයට එදා රංගනයේදී දුන් ගුරුහරුකම් ඇයගේ නවතම සිනමාපටය වන වෛෂ්ණාවි බැලීමෙන් පසු මතක් කර දුන් මොහොතකි මේ. එදා ඇය ගුරු ගෙදර රඟපාන විට කෙදිනකවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියට එයිදැයි කියා නොසිතූවත් අද ඇය පැසසුමට ලක් වුණුු මොහොතකි මේ.


විඳිමින් ගී මිහිර

පසුගිය දිනෙක ටවර්හෝල් පදනමේ අපූරු ගීත ප්‍රසංගයක් පැවැත්වුණි. ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක එය නැරැඹීමට පැමිණියේය. ඔහුගේ දෙපසින් සිටියේ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ සහෝදරයා වූ ප්‍රවීණ නිවේදක දයා අබේසේකර සහ 80, 90 දශකයේ ගීත කලාවට නව පණක් ගෙන දෙමින් කැසට් ලොව කිරුළ දැරූ සිංග්ලංකා අධිපති ආනන්ද ගනේගොඩයි. 1989 සරසවිය සම්මාන උලෙළේ අනුග්‍රාහකයා වූයේ ද ආනන්ද ගනේගොඩයි. ඔවුන් තිදෙනාම මේ නුර්ති ගී රස විඳින්නට පැමිණියේ අද සුභාවිත ගීතයන් සමාජයෙන් ඈත් වන නිසාමයි. ඒ නිසා ඔවුහු පැරැණි ගීයට ඇලුම් කරති.


මුල පිරුමක්

නව වසරේ කාගේත් පැතුම සුභ මුහුර්තියෙන් තම වැඩ කටයුතු ඇරැඹීමයි. එවැනිම සුභ කටයුත්තක් එම්. පී. අයි. සිනමා මණ්ඩලයේ පසුගියදා සිදු කෙරිණි. මෙයට මූලිකත්වය ගෙන කටයුතු කළේ එම මණ්ඩලයට පත්වූ නවක අධ්‍යක්ෂවරයකු වූ හා චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ මූලිකත්වයෙනි. සිනමාවේ නව දිසාව ගමන් කරන අත කොයිබට ද කියා කවුරුත් නොසිතුවත් සුනිල් ටී. ප්‍රනාන්දු, අනුරුද්ධ ජයසිංහත්, අරෝෂ ප්‍රනාන්දුත් එදින විශේෂ සංවාදයකට පැටලුණහ. ඔවුන් එදින මේ සිනමාව ගමන් කරන දිසාව අපි මණ්ඩලයක් හැටියට වෙනස් කළ යුතු බව පසක් කරමිනි. ඒත් මේ වසරේ අග වන විට ඉන් එහාට ගිය දෙයක් සිදුවන බවයි සුනිල් ටී. පැවසුවේ. ඒ කෙසේ වෙතත් මේ වසරේ අග භාගයේ අනුරුද්ධ ජයසිංහගේ සිනමාපටය සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනයක් දරනු ඇතැයි අපට නම් එදා හැඟුණි.


එළිපිට වලි

දේශපාලන පොර පිටියේ ප්‍රසිද්ධියේ වාද විවාද කර ගන්නා බොහෝ අය එයින් පසු ගජ මිතුරන් වෙයි. මේත් එහෙම අවස්ථාවක්. පසුගිය දවසක ජැක්සන් ඇන්තනීගේ වාද ප්‍රහාරයට ලක් වුණේ ප්‍රවීණ කලා විචාරක බුද්ධදාස ගලප්පත්ති. ඉන්පසු හිත පළුදු වූ ජැක්සන් හා බුද්ධි ගැන බොහෝදෙනා හිතුවේ ජන්මාන්තර වෛරයකින් පසුවනු ඇත යනුවෙනි. දේශපාලනයේ මෙන්ම කලාවේත් වාදවිවාද වෙනයි. යාළුකම් වෙනයි. මේ වාදකල දෙදෙනා සරසවිය කැමරා ඇසට හසු වූ ආකාරයයි. ඒ ගැන පසෙකින් සිටින හිත මිතුරු ජයන්ත ජයලත්ට ද පුදුමයක්.