වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




නොයෙල් මැදි කරගෙන අසභ්‍ය වැඩක්

නොයෙල් මැදි කරගෙන අසභ්‍ය වැඩක්

ජනප්‍රිය ගායන ශිල්පී නොයෙල් රාජ් ඉකුත් දිනයකදී අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ මියුසික් වීඩියෝවක් නිසා. නොයෙල්ගේ ජනපි‍්‍රය ගීතයකට වීඩියෝවක් කරන්න නිෂ්පාදන ආයතනයක් බාර අරන්. ඔවුන් නොයෙල් සිංග් කරන ටික වෙනමම ෂූට් කරලා එක් දිනයක. අනෙකුත් දර්ශන ටික නොයෙල්ටත් නොකියා ඔවුනට සිතැඟි පරිදි රූපගත කරලා. එතැන ටිකක් අසභ්‍ය දර්ශනත් තියෙනවලු. මේ කිසිවක් නොයෙල් දැනගෙන ඉඳලා නැහැ. හොර රහසේ ෂූට් කරපු දර්ශන සියල්ල දාලා නොයෙල් විදෙස් ගත වෙලා ඉන්න වෙලාවක් බලලා ඔවුන් වීඩියෝව රිලීස් කරලා. යූ ටියුබ් හරහා මුදල් හොයන්නයි මේ වැඩේ කරලා තියෙන්නේ. නොයෙල් වගේ කෙනෙක්ගෙන් එහෙම වීඩියෝවක් බලාපොරොත්තු නොවූ රසික රසිකාවන් දිගට හරහට නොයෙල්ට කතා කර කර බනින්න ගත්තලු. වීඩියෝව බලපුවාම තමයි නොයෙල්්ටත් තරු පෙනුණේ. කොතරම් දුරකතන ඇමතුම් දුන්නත් අර නිෂ්පාදන ආයතනයෙන් නෙවෙයිලු නොයෙල්ට ප්‍රතිචාර දැක් වුයේ. මේ වන විට නීතිමය පියවර ගන්නයි නොයෙල්ගේ ලැහැස්තිය.