වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රදීපා ගැන ආරංචියක්

ප්‍රදීපා ගැන ආරංචියක්

ඉතා දිගු කලකට පසු ප්‍රදීපා ධර්මදාස චිත්‍රපටයකට පසුබිම් ගීත ගයලා. ඒ විජිත ගුණරත්නගේ අමාවක චිත්‍රපටයට. ළඟදීම තිරගත වීමට නියමිත ඒ ගැන ප්‍රදීපා මහත් වු බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඇය ගැන කියූ ඒ් කතාවත් එක්ක තවත් දෙයක් කියන්නම ඕන. ප්‍රදීපා හිටපු ඇමැති බිරියක්නෙ. ඒ කාලේවත් ඇය කවදාවත් තම සැමියාගේ බලතල අතට ගත්තේ නැහැ. කෙදිනකවත් සරසවියේ ලිපියක් පළ කරලා දෙන්න කියලා ඉල්ලලත් නැහැ. ඇය තමන්ගේ පාඩුවේ හෙමින් ගමනක යෙදෙනවා. ඒක නිසා තමයි ප්‍රදීපාට හැමෝම ආදරේ. අමාවක තිරගත වෙන්නට පටන් ගත්තාම ඇගේ ගීතවත්භාවය ගැන බොහෝ දෙනකු යළිත් කතා කරාවි. ආචාර්ය කේමදාසයන් පවා ප්‍රයෝජනයට ගත් ඇගේ හඬ ඉකුත් දිනවලදී නිහඬව තිබුණා. අමාවක හරහා ඒ නිැහඬියාව බිඳේවි.