වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




LUNCH එකට පේර

LUNCH එකට පේර

රූගත කිිරීමකට ගිහින් දවල් කෑම වෙනුවට පේර කෑව නිළියක් ගැන අහලා තියෙනවද. ඒ කෙනා තමයි තිළිණි පෙරේරා. ඇයව ඔබ වඩාත් හඳුනන්නේ මුතුකුඩ මැණිකේ විදිහටනෙ. ඉකුත් දිනයකදී මියුසික් විීඩියෝවක රූපගත කිරීමක් තිබුණා කුලියාපිටියේ. ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවේ මේ තිළිණි. ඒ දර්ශන තලයේ තිබුනා පේර ගහක්. හොඳට පැහිලා පේර අස්වැන්න පීදිලා තිබුණා. සෙට් එකේ පිරිස කඩලා පේර කෑවා. තිළිණිටත් දුන්නා. ඇය එදා පේර කෑ තරමට දවල් කෑමත් කන්න බැරි වුණා. එදින බොහොම විනෝදෙන් දර්ශන තලයේ ගත කළ තිළිණි එදා ඒ ගෙදරින් ගියේ පේර දුන්නාට ගෙදර අයටත් තුති පුදලා.