වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජනප්‍රිය හා හොඳම එකට එක් වෙලා

ජනප්‍රිය හා හොඳම එකට එක් වෙලා

හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ නවතම සිනමාපටය මේ දිනවලදී තිරගත වෙනවා. ඒකේ නම වෛෂ්ණාවි. එහි රඟපානවා නළුවන් දෙදෙනක්. මේ දෙදෙනාම ඊයේ පෙරේදා නිම වූ රයිගම් සම්මාන උලෙළේදී හොඳම සහ ජනප්‍රිය නළුවා යන සම්මාන දිනාගත් අය. අහම්බෙන් වුණත් මේ දෙන්නා වෛෂ්ණාවි චිත්‍රපටයේ රඟපානවා. හොඳම නළුවා තමයි මහේන්ද්‍ර පෙරේරා, ජනප්‍රියම නළුවා තුමිඳු දොඩම්තැන්න. ජනප්‍රියම සම්මානය ගත්තත් තුමිඳුත් දක්ෂ නළුවෙක්. මේ දෙදෙනාගේ අපූරු රැඟුම් වෛෂ්ණාවි නැරැඹුවොත් ඔබට දැක බලා ගත හැකි වේවි. ඒ වගේම හොඳම නළුවා සහ ජනප්‍රියතම නළුවා එකම චිත්‍රපටයක රඟපෑම විරල අවස්ථාවක් හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන්. ඊටත් වඩා වෛශ්ණාවි අරඹනවිට බොහෝ දෙනා ඇහුවලු කවුද ඒ තුමිඳු කියලා.