වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංකගේ රූප කතා

නිශ්ශංකගේ රූප කතා

මේ ගී එදා

මින් දද හී සැර ඇදී නුවන් යුග ගැයුමේ මිහිරි ගීත රාවය නෙළුම් පොකුණ රඟහල සිසාරා පැතිර ගියේය. මගේ ස්වාමි ඔබේ ගී රාවය මේ තුන් ලෝ තුළම මට ඇසේ. එවන් කන්කලු ගීත මාධූර්යය මගේ අතීතය නැවත නැවත ආවර්ජනය කරයි. පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ ගැයුමට තාල අත්පොඩි නොගැසුණු දෙඅතක් එදා ගැයුමේ නොවිණි. මේ විමලා අමරදේව මැතිනියගේ දෙනෙත්, දෙඅත් මෙන්ම ඇගේ දෙපස සිටින ගීත ශ්‍රාවකයන්ගේ ඉරියව් ඔබට තවත් මා මොනවාට පසක් කරන්නද? මේ එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී අතරතුරය. මගේ තුන් වැනි ඇස එය කියාවි.


යුග දෙකක දෙදෙනෙක්

පසුගිය දිනෙක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදනකුගේ හමුවීමක් නොසිතූ ලෙස සිදු වුණාය. මාධ්‍යවේදීන්ට හුරුපුරුදු තරංගනී සිනමා ශාලාවට එන්නේ මේ අතීත මතක සටහනක් ගෙනෙන මධුර චාරිකා බැලීම සඳහායි. ඒ. ඩී. රන්ජිත් කුමාර මහතාගේත්, එඩ්වින් ආරියදාස මහතාගේත් මිතු දමට වසර 50 කටත් අධිකයි. දෙදෙනාම ලේක්හවුස් ආයතනයේ වැඩ කළ යුගයේ අතීත මතක සටහන් තලු මර මරා අමතක නොවන සිදුවීම් ගොන්නට පැය ගණනක් කතා කළා. ඒත් එඩ්වින් ආරියදාස මහත්තයා මේ මතක් කළේ ඒ. ඩී. රන්ජිත් කුමාර අප්‍රේල් 7 වනදාට ජන්ම දිනය සමරනවා කියලයි. ඒ කීවෙනි සැමරුමද? විටෙක ගුරුවරයකු, විටෙක මිතුරකු වන එඩ්වින් ආරියදාස මහතාට ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා එය කීමට නම් අදිමදි කළේය.


අකුරු උගනී සොඳවා...

සිලෝන් තියටර්ස් සමාගම කලාකරුවන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරන බව අප කවුරුත් දනිති. තුසිත ද අල්විස් එහි කටයුතු කරන සුන්දර මිනිසෙකි. ඊට නොදෙවැනි ස්වාධීන රූපවාහිනී සභාපති සමන් ආතාවුදහෙට්ටියි. මොනා කිව්වත් නම් ගම් හරියටම ලියාගෙන මගේ කාර්යය කරන්න ඕනෑ කියා තුසිත ද අල්විස්ට සමන් ආතාවුදහෙට්ටි මහතා මේ කියන්නේය. එම සමාගමේ පැටලෙන නම් ගම් ටික තුසිත ළඟට ගෙනත් සටහන් කර ගත් අපූරු පුවත් ඡායාවකි මෙය. පොඩි අකුරු අපි දෙන්නටම පේන් නෑ. දැන් කණ්ණාඩි දාලත් කියවගන්න අමාරුයි. අද 99 සමරන ලෙස්ටර් මහත්තයාගේ වයසට අපි දෙන්නටම ළඟා වෙන්න අමාරුයි කියලයි මට මේ හිතෙන්නේ.


මාතාව හා රැජන

මගේ ගමන් මඟ ජය කෙහෙළි කළ මේ වෘත්තියේ ගරුත්වය හැමදාම මම අගයනවා. එනිසාම තමා අද අපි සියලු දෙනාම එකම ස්වරයෙන් හිනා වෙන්නේ. මම අද සිටින ප්‍රවීණ රංගන ශිල්පිනිය වෙන්න පුළුවන්. අයිරාංගනී සේරසිංහ මේ සිනාසෙමින් සිතන්නේ එයයි. ඒත් පසු දිනෙක ඔබ වෙන්න පුළුවන් කියා ඇය මාලිනීට කියයි. අපිට ආදරය කළ අපි මේ මාර්ගයට ගෙනාපු ඒ සොඳුරු මිනිසාගේ ජන්ම දිනයට සතුටින් අපි සියලු දෙනා පැමිණීම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට කළ ගෞරවයක් වගේ. රැජනක් හා මාතාවක් කොතරම් දුර්ලබ ද? මේ එලෙස සිතන සොඳුරු සේයාරුවකි.


වෘක්ෂ දේවතාවිය සමඟ සෙල්ෆියක්

මායාවෙන් මිදුණු පිවිතුරු ආදරයක උත්තරීතර පූජාව පසෙකලන මෙවන් මනුෂ්‍ය ආත්ම සමඟ මා සැබවින් ජීවත් විය හැකිද? මේ පෘථිවිය තුළ ජීවත් වන මනුෂ්‍යයන් තම තමන්ගේ ආදරය, සෙනෙහස ළඟට පැමිණියත් ඒවා පසෙක ලන්නේ ඇයි? ඔවුන්ට ඒ සියල්ලටම වඩා වටින්නේ කුමක් ද? කියා තවම මට වටහා ගැනීමට නොහැකිය. ඒත් ඔවුන්ගේ ලෝකය සරුවපිත්තලවලින් පිරුණු ලෝකයක් බඳුයි. හිස් වදන්වලින් පුරවා ගත් විච්චූරණ අඳින පලඳින නවීන ලෝකයේ මායාවක් කරගෙන ජීවත් වන මෙවැනි තරුණියන්ගේ හුදු ආස්වාදය නැවත නැවත තම දහස් ගණන් ගත් සෙල්ෆි ඡායාරූප බල බලා සතුටුවීමය. මේ පසුගිය දින වෛෂ්ණාවී චිත්‍රපටයේ රුක්ෂ දේවතාවිය සමඟ නොපෙනෙන සෙල්ෆියක් ගත් අවස්ථාවයි.


දැන්ම කපමුද, පස්සෙ කනවද?

අපේ භාෂාවෙන් 99 කියන්නේ එහාට මෙහාට පෙරළ පෙරළ කියන වචන ඉවරයක් නැත. සිනමා ලෝකයේ 99 ක් සිටියා කියන්නේ ඊටත් වඩා දිගයි. මේ රවීන්ද්‍ර ගුරුගේත්, සමන් ආතාවුදහෙට්ටිත්, ප්‍රවීන් ඩේවිඩ්.

ආචාර්ය ලෙස්ටර් මහත්තයාගේ 99 වැනි ජන්ම දින කේක් ගෙඩිය දිහා බලාගෙන තුන් දෙනාම හිතනුයේ කුමක්ද?