වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වෛෂ්ණාවි තිරයේ

වෛෂ්ණාවි තිරයේ

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා වියතුන්ගේ 99 වන ජන්ම දිනය යෙදුණු අපේ‍්‍රල් 05දා එතුමාගේ කතා සංකල්පයක් මත සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණයක් වන වෛෂ්ණාවි සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ රිගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය. වෛෂ්ණාවි මනෝ නානායක්කාරගේ නිෂ්පාදනයකි. කලාකරුවන්, විද්වතුන්ගේ සහභාගිත්වය ද එදින දක්නට ලැබිණි. ජන්ම දිනය සමරමින් කේක් කපා ඔහු වෙනුවෙන් සිලෝන් තියටර්ස් ආයතනය හා සී. ඊ. එල්. ප්‍රදර්ශක මණ්ඩලය සමරු තිළිණයක් ද ප්‍රධානය කළහ. මේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා සරසවිය සටහන් කරගත් අයුරුයි.