වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වැරැදුණු වැරැදිල්ලක්

වැරැදුණු වැරැදිල්ලක්

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන හෙක්ටර් කුමාරසිරි අභිිනික්මන නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එය තිරගතවීමෙන් අනතුරුව ඔහු තවත් චිත්‍රපටයක් මේ වන විට නිර්මාණය කොට අහවරයි. ඒකේ සියලු වැඩ කටයුතු නිම කරලා දැන් තිරගත කරන්නයි ට්‍රයි එක. මේ හේතුවෙන් හෙක්ටර් පුදුම විදිහට කාර්යබහුල වෙලා. මේ තත්ත්වය කොපමණ වැඩි ද කියනවා නම් හෙක්ටර්ට දැන් සමහර දේවලුත් අමතක වෙනවා. හැම දෙයක්ම තියෙන්නේ ඔහුගේ හිස මත. හරියට යකාගේ කම්හල වගෙයි. රාජකාරි දහසකුත් එක්ක හෙක්ටර් දවසක් ගෙදරින් එළියට බැහැලා බොරැල්ල පැත්තේ කමිනිකේෂන් එකකට ගිහින් එළියට අවෙත් තවත් වැඩකට යන්නලු. මෙන්න බොලේ වැඩක් එක පාරටම ජංගම දුරකතනයක් රිංග් වෙන්න පටන් ගත්තලු. ඒ ඇහෙන්නේ හෙක්ටර්ගේ ජංගම දුරකතනයේ ටෝන් එක නෙවෙයි. ඒකයි ඔහු කලබල වෙලා තියෙන්නේ. උඩ සාක්කුවේ තිබෙන තමන්ගේ ජංගම දුරකතනය අතට අරගෙන ආයෙ අවධානය යොමු කළාලු රිං වෙන ජංගම දුරකතනයට. ඒක ඇහෙන්නේ කලිසමේ සාක්කුව පැත්තෙන්ලු. සාක්කුවට අත දාපු හෙක්ටර් නාඳුනන ජංගම දුරකතනයක් අතට ගත්තලු.

කාගෙද බොලේ මේක?

හෙක්ටර්ට කියවිලා.

කාර්ය බහුලකම වැඩිකමට කලබලේ හෙක්ටර් අර කමිනිකේෂන් එකේ තිබුණු දුරකතනයකුත් සාක්කුවට දාගෙන. ඒක තමන්ගෙ දුරකතනය කියලයි හිතලා තියෙන්නේ. ටක් ගාලා එතැනට ගිහින් අයිතිකාරයට දුරකතනය දුන්නලු. ඒ වනවිටත් ඔහු එතැන දෙවනත් කරමින් ජංගම දුරකතනය හොයලා.