වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිස් දඩයමේ මෑන්හන්ට්

මිනිස් දඩයමේ මෑන්හන්ට්

මංජුල පීරිස් නමැති ජෝතිර්වේදියාගේ ආදරණීය පුත්‍රයා තමයි මංචන පීරිස්. කඩවසම් ඔහු පියා ගිය මාවත නම් තෝරගෙන නැහැ. මංචන කැමැති කලා ලොවට පිවිසෙන්න. ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයකත් ඔහු චරිත මැව්වා. මේ දිනවලදී මංචන මෑන් හන්ට් තරගාවලියට ඉදිරිපත් වී සිටිනවා. ලොකුවට බලාපොරොත්තු නැතුව ඉදිරිපත් වුණාට ඔහුව මේ වන විට අවසන් දොළොස් දෙනා අතරට ඇතුළත්වීමට වාසනාව උදා වෙලා. ඉන් ජයගන්න තමයි මංචනගේ වෑයම.