වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




කාගෙත් හිතවතාට හදිසි අනතුරක්

කාගෙත් හිතවතාට හදිසි අනතුරක්

කලාකරුවන්ගේ උපන් දිනයන්හි පාන්දරින්ම කතා කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි සිරි කහවල. සමහරු තමන්ගේ උපන් දිනයට ඔහුගෙන් කෝල් එකක් එනතුරු බලන් ඉන්නවා. එච්චරටම ෂුවර් සිරි කහවල කතා කරලා සුබ පතනව කියන එක. මේ වගේ කර්තව්‍යයක් කරන එකම එක්කෙනා තමයි මේ සිරි කහවල. සරසවිය උපන් දින පිටුවත් සකසන්නේ ඔහුනෙ. මේ කටයුතු නිසා කලා ලොව තුළ ඉමහත් ජන ප්‍රසාදයක් දිනාගත් සිරි කහවලට හදිසි අනතුරක් වෙලා කියලා ආරංචි වුණා. මේ වන විට රෝගාතුරව සිටින බලංගොඩ සරත් මධුගෙ සුවදුක් විමසලා එන විටයි සිරි මෙලෙස අකරතැබ්බයකට මුහුණපාලා තියෙන්නේ. කාරයක් සිරි කහවලව හප්පගෙන ගිහිල්ලා. මේ හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයකට පවා මුහුණ දෙන්න සිදු වුණාලු. කලා ලොහෙි කිසියම් කෙනෙක් අසනීප වෙච්ච ගමන් සරසවියට දන්වන්නෙත් ඔහු. ඒ වගේම ඔහු අනතුරකට ද මුහුණපෑවේ එවන් වූ කලාකරුවකුව බලන්න ගිහින්. මේ වනවිට ප්‍රතිකාර ලබන සිරි කහවලට ඉක්මන් සුවය පතනවා. ඒ වගේම සිරි කහවල අනතුරකට මුහුණ පෑ මොහොතේ විශේෂයෙන් සොය බැලූ දෙදෙනකු ඉන්නවා. ඒ සුදත් රෝහණ සහ වෛද්‍ය කපිල සූරියආරච්චි.