වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




අහසින් පොළොවට වැටුණු බොලිවුඩ් තරු

අහසින් පොළොවට වැටුණු බොලිවුඩ් තරු

දිල්ලියේ විසිපස් හැවිරිදි නිළියක සහ මෝස්තර නිරූපිකාවන වන මිතාලි ෂර්මාගේ තත්ත්වයද ගීතාංජලි නාග්පාල්ගේ ජීවිතයට සමාන වූවකි. ඇයද මානසික අබාධ තත්ත්වයට පත්ව මහමඟ තැන තැන ඇවිදින්නට ද පුරුදුව සිටි අතර වරෙක ඇය මුම්බායි පොලිස් නිලධාරින්ගේ අත් අඩංගුවට පත් වූයේ මෝටර් රථයක පැති කණ්ණාඩියක් ගලවමින් සිටියදීය.

යහමින් මිල මුදල් ඇති අය මෙන්ම මිල මුදල් ළඟ නැති අන්ත අසරණයෝද ඕනෑම රටක සමාජයක සුලබ වේ. තවත් විටෙක මිල මුදල් අත ගැවසී අනිසි පාලනය නිසා ඔවුන් දිළින්ඳන් වන අවස්ථාද නැතුවා නොවේ. බොලිවුඩය යනු අතිශය සුන්දර පාරාදීසයක් බව සිනමා නිර්මාණ ඔස්සේ නිරන්තරයෙන් පෙන්වන්වනකි. ජීවිතයක් සාර්ථක කිරීමට වගේම අසාර්ථක කිරීමටත් යම් අයෙකුගේ පුරුද්දකට කළ හැකිය. සුන්දර බොලිවුඩයේද එලෙසින් සාර්ථක ජීවිත ගතකර වැරදි පුරුදු නිසා සේම යහපාලනය නොවීමෙන් තම ජීවිත අසාර්ථක කරගත් තරු ද නැත්තේම නොවේ.

ගීතාංජලි නාග්පාල් අනූව දශකයේදී එලෙසින් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටි අංක එකේ නිරූපිකාවක්. ඉහළ ධනවත් දිවිපෙවතක් ගත කළ ගීතාංජලි වෙත දිළිඳු බව ගෙන ආවේ ඇය ඇබ්බැහි වූ මත්ද්‍රව්‍යය යි. එය කෙතරම් දුරට බලපෑම් කළා දැයි කිව හොත් ඇය නිවෙස්වල මෙහෙකාර සේවය ද පසුව මහ මඟ සිඟමනට ඇද වැටෙන තරමට ප්‍රබල විය. නාවික නිලධාරියෙකුගේ දියණිය වන ඇය මවුන්ට් කාර්මෙල් සහ ශ්‍රී රාම් කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දිල්ලි පොලිටෙක්නික් හිදී මොස්තර නිර්රාණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබුවාය. අධික ලෙස මතට ඇබිබැහි වීම නිසා මතක ශක්තිය පවා දුර්වල වීමෙන් ඇය මහමඟ සිඟමන් යදින තත්ත්වයට පත් වූවාය.

පර්වීන් බාබී හැත්තෑව සහ අසූව දශකයේ මුල් භාගයේ බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දැරූ නිළියක්. Deewar, Amar Akbar Anthony, Namak Halaal, Suhaag  සහ Shaan වැනි චිත්‍රපට වෙනුවෙන් ද ඇගේ රංගන දායකත්වය ලද අතර අමිතාබ් බච්චන්, රාජේෂ් ඛන්නා, රිෂි කපූර් වැනි නළුවන් සමඟින් රංගනයට වරම් ලද්දීය. ඉහල ජනප්‍රියත්වයක් ලැබුවද ඇය සිය දිවියේ අවසන් කාලය ඉතාම අමිහිරිව ගත කර ඇති බව හෙළි වූයේ 2005 වසරේ ජනවාරි මස වයස අවුරුදු 55දී සිදු වූ ඇයගේ අකල් වියෝවද සමඟිනි. කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව දිවි ගෙවූ ඇය දිවයැඩියා රෝගයෙන් පීඩා විඳ ඇති බව මරණ පරීක්ෂණයෙන් හෙළි විය. නිවෙසේ ඉදිරිපිට තෙදිනක් වන තුරු කිරි බෝතල, සහ පුවත්පත් එකතුවීමෙන් සැක පහළ වී කළ පරීක්ෂාවකදී පර්වීන් බාබිගේ සිරුර නිවෙසේ ඇඳ මත තිබී හමු වී ඇති අතර ඒ අසල වූ රෝද පුටුවෙන් ඇය එක්තැන් වූ ජීවිතයක් ගත කර ඇති බව හෙළි විය. කිසි දිනෙක විවාහ නොවූ ඇය චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් භාත් සමඟින් වූ සබඳතාවය ජනප්‍රිය විය. ඇයගේ ජීවිත කතාව ඇසුරෙන් මහේෂ් භාත් රචනා කළ එධඩ Lamhe චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරුණේ මොහිත් සූරි විසින්.

දිල්ලියේ විසිපස් හැවිරිදි නිළියක සහ මෝස්තර නිරූපිකාවන වන මිතාලි ෂර්මාගේ තත්ත්වයද ගීතාංජලි නාග්පාල්ගේ ජීවිතයට සමාන වූවකි. ඇයද මානසික අබාධ තත්ත්වයට පත්ව මහමඟ තැන තැන ඇවිදින්නට ද පුරුදුව සිටි අතර වරෙක ඇය මුම්බායි පොලිස් නිලධාරින්ගේ අත් අඩංගුවට පත් වූයේ මෝටර් රථයක පැති කණ්ණාඩියක් ගලවමින් සිටියදීය.

භාරත් භූෂන් 40 දශකයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් බොලිවුඩ් නළුවෙකි. හින්දි සිනමාවේ ශ්‍රේෂ්ඨතම නළුවකු ලෙසින් පිළි ගැනෙන ඔහු 1952 වසරේ Baiju Bawra චිත්‍රපටය ඔහු දායක වූ සිනමා නිර්මාණ අතරේ සුවිශේෂි බව පිළිගැනේ. Barsaat Ki Raat, Mirza Ghalib, Taqdeer, Basant Bahar  ඔහු දායක වූ තවත් සිනමා නිර්මාණ කිහිපයකි. ඛ්ඩචඪබචදරච ර්චඩචනපචඡඩභ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු 1955 වසරේ ෆිලිම්ෆෙයාර් හොඳම නළුවා ලෙසින් ද සම්මානයට පාත්‍ර විය. තිරරචකයකු සේම නිෂ්පාදකවරයකු ද වූ ඔහු වයස අවුරුද 71ක්ව සිටියදී 1992 වසරේ මිය යන විය ඉතා දිළිඳු තත්ත්වයට පත්ව සිටියේය. මූල්‍ය අර්බුද හේතුවෙන් අසරණ වූ භාරත් භූෂන්ගේ මරණය සිදු වූයේ රික්ෂෝවක නැඟි රෝහල කරා යමින් සිටියදීය.

ඒ. කේ හන්ගාල් 1965 - 2005 දක්වා හින්දි සිනමාවේ නළුවකු පමණක්ම නොව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ඉන්දීය නිදහස් සටනට පිවිසි අයෙකු ද වේ. ඔහුගේ නළු ජීවිතය ඇරඹුනේ 1936 වසරේදී වේදිකාවෙනි. 2012 වසරේදී මිය යන විට හන්ගාල්ගේ වයස වයස අවුරුදු 98ක් විය. ඔහු හින්දි චිත්‍රපට 225ට රංගනයෙන් දායක වී තිබුණි. Teesri Kasam, Sholay, Paheli (1977), Avtaar ඒ අතරින් කිහිපයකි. ඔහුගේ අවසන් රංගනය වූයේ 2005 වසරේදී අමොල් පලේකාර් අධ්‍යක්ෂණය කළ Paheli  චිත්‍රපටය යි. හන්ගාල් ද සිය ජීවිතයේ අවසන් කාලය වන විට මූල්‍ය අතින් ඉතා අසරණව සිටි බවත් බොලිවුඩ් තරු, අධ්‍යක්ෂවරු මෙන්ම දේශපාලනඥයන්ද ඔහුට උපකාර කළ බව බොලිවුඩ් ආරංචි ගෙන එනවා.

අචලා සච්දේව් ද බොලිවුඩයේ මවගේ මිත්තණියගේ චරිත නිරූපණය වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන නිළියකි. Waqt(1965) චිත්‍රපටයේ රංගන සහ Dilwale Dulhania Le Jayenge (1995) (1995) චිත්‍රපටයේ කාජල්ගේ මිත්තණිය ලෙසින් කළ රංගනය ඒ අතරින් කැපී පෙනේ. ඇයද බොලිවුඩයේ ජනප්‍රිය වුවත් වයස අවුරුදු 91ක් ව තිබියදී අසරණ ලෙසින් මිය යන විට බොම්බායේ සිටි ඇයගේ දියණිය හෝ අමෙරිකාවේ සිටි පුත්‍රයා ද පැමිණියේ නැත.

රාජ් කිරන් අසූව දශකයේ ජනප්‍රිය වූ බොලිවුඩ් රංගන ශිල්පියෙක්. හින්දි චිත්‍රපට සියයකට පමණ ඔහු රංගනයෙන් දායක වී ඇති අතර Karz, Begunah, Basera, Maan Abhiman සහ Arth ඒ අතරින් කිහිපයක්. එක්වරම ඔහු බොලිවුඩයෙන් අතුරුදන් වූ අතර 2011 වසරේදී බොලිවුඩ් නළු රිෂී කපූර් හට අමෙරිකාවේදි ඔහු හමුවන විටදී මානසික ආබාධයකින් පෙළෙමින් සිට ඇත. රාජ් කිරන්ගේ ජීවිතය බිඳී වැටීමට හේතු වූයේ මත් රකුසා බව බොලිවුඩයට රහසක් නොවේ. වරෙක ඔහු පොලිස් අත්අඩංගුවට පත් වූයේ මුම්බායේ අවන්හලක ඇති කළ රණ්ඩුක් හේතුවෙනි.

අනූව දශකයේ ජනප්‍රිය නිළියක වූ මම්තා කුල්කර්ණි ද මේ වන විට ආර්ථික අතින් පහළ වැටී නීතියද මඟ හරිමින් සිටින බව රහසක් නොවේ. එදා Aashiq Awara, Waqt Hamara Hai, Krantiveer, Karan Arjun, Sabse Bada Khiladi , Baazi, China Gate වැනි සාර්ථක සිනමා නිර්මාණ වෙත තම රංගන දායකත්වය ලබා දුන් මම්තාගේ ජීවිතය අසාර්ථක වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා සමඟිනි.