වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මට ජනපි‍්‍රයත්වය අවශ්‍ය නෑ

මට ජනපි‍්‍රයත්වය අවශ්‍ය නෑ

ප්‍රමුදි චලන්යා

* ඔබේ නම කියන්න බලන්න?

ප්‍රමුදි චලන්යා.

* වෘත්තීය රංගන ශිල්පිණියක්?

ඔව්. ඊට අමතරව තව දේවල් කරනවා.

* ඒ කිව්වේ?

මෝස්තර නිරූපණය සහ ගායනය. ඒවත් මගේ වෘත්තියට ඇතුළත්.

* ඔබත් පළමුව මෝස්තර නිරූපණයේ නියැලිලා පසුව රංගනයට එකතු වූ අයෙක්ද?

අන්න හරි. එහෙම තමයි රඟපාන්න ආවේ. තෙවනුව ගායනයට පිවිසියා.

* ඔබ රඟපෑ නිර්මාණ ගැන කිව්වොත්?

මං ප්‍රධා වශයෙන්ම හිටියේ මියුසික් වීඩියෝවල. ඒ අතරින් ඈතින් ඔයා කියන චේතිය ගැයූ ගීතය විශේෂයි. ඒකෙන් තමයි මාව වැඩි දෙනෙක් හඳුනා ගත්තේ. ඊට පසුව නාට්‍යවලටයි චිත්‍රපටවලටයි කතා කළා. මේ දවස්වල ඒවාහි ෂූටිං. මං ඉන්න මහ රජ ගැමුණු - 2 නාට්‍ය විකාශය වෙනවා.

* ඔබ ඒ නාට්‍ය හි මොන චරිතය ද රඟපාන්නේ?

ප්‍රධාන සේවිකාවකගේ චරිතයක්.

* ප්‍රමුදි කොළඹින් දුර බැහැර ඉන්න අයෙක් නේද?

ඔව්. මගේ ගම අනුරාධපුර. අනුරාධපුර ටවුන් එකේමයි ගෙවල් තියෙන්නේ.

* රංගන කටයුතුවලට පහසුවෙන් කොළඹ නැවතිලා ඉන්නේ කොහේද?

මං තවම කොළඹ නැවතිලා නැහැ. රංගන කටයුතු ඉවර වුණ ගමන් මං අනුරාධපුර යනවා.

* එහෙම වුණාම රංගනයට ලැබෙන ආරාධනා අඩු වෙනවා නොවේද?

මම නම් ඒ දේ විශ්වාස කරන්නේ නැහැ. කොළඹ හිටියත් අනුරාධපුර හිටියත් කතාකරන කෙනා කොහොමත් වැඩකට අඬ ගහනවා. මාව නිර්මාණයකට අවශ්‍ය නම් ගන්න කෙනා ගන්නවාමයි.

* ඔබගේ ගායන වැඩ කටයුතු ගැන පවසන්න දැන් වෙලාව?

පුංචි කාලේ ඉඳලා මට ගායන හැකියාව තිබුණා. ක්‍රමයෙන් මං එය ඔප් නංවා ගත්තා. මගේ පළමු ගීතය රිලීස් කළේ පසුගිය සෙනසුරාදා. දුක කියලා ඔබ හින්දා යනුවෙනුයි එය නම් කරලා තියෙන්නේ. මේ මාසේ විසිපස් වෙනිදා සිට විඩියෝව දැකබලා ගන්න පුළුවන් වේවි.

* මෝස්තර නිරූපණය, රංගනය සහ ගායනය යන අංශ ත්‍රිත්වයෙන් ඔබ වඩාත්ම කැමැති මොන අංශයටද?

අංශ තුනටම ආදරෙයි. වැඩියෙන්ම නිරූපණයට දක්ෂයි කියලා මට හිතෙනවා.

* කලා කටයුතුවලට ගෙදරින් මොන වගේ සහායක් ද දැක් වූයේ?

ඉතාම හොඳයි. මේ සෑම කලා කටයුත්තකටම වැඩිපුරම සහාය දෙන්නේ අම්මා. ඇයගේ දිරිමත් කිරීම මතයි මං ඒවාට දායක වෙන්නේ.

* ඔබ ඉගෙන ගත් පාසලත් මතක් කළොත්?

අනුරාධපුර සුදර්ශන බෝධි විදුහල.

* රංගනය ගැන ඔබ හැදෑරීමක් කරනවාද?

තවම නැහැ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා රංගනය හදාරන්න.

* ඔබ වැඩිපුරම කැමැති චිත්‍රපටවලට ද ටෙලි නාට්‍ය වලටද?

ටෙලි නාට්‍යවලට තමයි ප්‍රිය කරන්නේ. විශේෂ හේතුවක් නැහැ. නමුත් ටෙලිවලට ආසයි.

* කලා ලෝකයට එන්න හිතුණේ ජනප්‍රියත්වය වෙනුවෙන්ද?

කොහෙත්ම නැහැ. කිසිසේත්ම මට ජනප්‍රියත්වය අවශ්‍ය නැහැ. මං හරිම ආත්ම තෘප්තියක් ලබනවා මං කැමැතිම වෘත්තියේ නියළිලා. කවදා හරි මට ඕනෑ 'හොඳම' කියන තත්ත්වයට එන්න.

* කැමරාව ඉදිරියේ පෙම්වතා කරගන්න ආසාවෙන් ඉන්න නළුවා කවුද?

එහෙම එක් කෙනක් කියලා කියන්න අපහසුයි. ගොඩක් නළුවෝ ඉන්නවා.

* තරුණ නිළියන්ට බොහෝ සෙයින් කටකතා හැදෙනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

මොන වාත්තීයක නියැළුණත් හරියට හිටියේ නැතිනම් කටකතා හැදෙන එක හැදෙනවා. කලා ලොව ගැන වැඩි දෙනෙකු අවධානයෙන් ඉන්න නිසා හැදෙන කට කතා සාමාන්‍ය ජනතාව අතරට යනවා වැඩියි. මම නම් කියන්නේ හොඳට හිටියොත් කට කතා කොහෙත්ම හැදෙන්නේ නැහැ.

* ඔබට පෙම්වතෙකු ඉන්නවා නම් ඒ ගැන විස්තර කියන්න පුළුවන්?

තවම තනිකඩයි කියලා තමයි කියන්න වෙන්නේ.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

හරිම සරල කෙනෙක්.