වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




Toxic කුහුල

Toxic කුහුල

අමෙරිකානු ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් බටහිර සංගීත ලෝකයේ ඉහළින්ම දිළෙන තරුවක් බව හැම තිස්සෙම මතක් කරන්න ඕනි නැහැ. හොලිවුඩය පවසන්නේ, ඇයගේ ගීත අතරේ හොඳම ගීතය තෝරා ගැනීම තමන් තැමැතිම ළමයා තෝරා ගැනීම වගේ දෙයක් බවයි.

"Toxic" කියන්ගේ ඇයගේ ගීත අතරේ ඉහළින්ම වැජඹෙන ගීතයක්. ඇයහට සිය ප්‍රථම ග්‍රැමී සම්මානය හිමිකර දුන්නේද එම ගීතය යි.

එම ගීතය ඇයගේ ජීවිතය සමඟින්ද බැඳීලා. සිංදුව ගැන කියන්නේ නැතුව ඇය ගැන කියන්න බැරි තරමට එය ඇයට සමීප වෙලා. මේ ගීතයේ නර්තනය ඇසුරෙන් World of Warcraft චිත්‍රපටයේ නර්තනයක් පවා නිර්මාණය කරලා තියෙනවා.

2003 වසරේ නිකුත් කළ In the Zone ගීත එකතුව සමඟින් එන "Toxic"හි ඇයගේ සැබෑ හඬ නොමැතිව පරිගණකය ඇසුරෙන් එය නිර්මාණය කළා දැයි දැන් සැකයක් මතු වෙලා.


60 දශකයේ බැට් මෑන් සමුගනී

1960 දශකයේ බැට් මෑන් ලෙසින් ලොවපුරා ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇඩම් වෙස්ට් පසුගියදා සිය ජීවන ගමන නිමා කළා. 1960 දශකයේ විකාශය වූ බැට් මෑන් අමෙරිකානු රූපවාහිනි කතා මාලාවේ සහ 1966 තිරගත වූ Batman චිත්‍රපටයේ බැට් මෑන් චරිතයට පණ දුන්නේ ඇඩම් විසිනි. The Big Bang Theory සහ Family Guy රූපවාහිනි කතා මාලාවන් නිසාද ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ නැඟුණි.

ලියුකේමියාව රෝගී තත්ත්වයෙන් පීඩා විඳ මිය යන විට ඔහු 88 වැනි වියේ පසු වුණා. ඔහුගේ දරුවන් පවසන්නේ, ඔහු නිරන්තරයෙන් ප්‍රේක්ෂකයා සතුටු කිරීම පිණිස ධනාත්මක දේ ඉටු කිරීමේ නියැළි සිටි බවත් සැමදා ඔහු තම වීරයා බවත් ය.

බෲස් වේන් හෙවත් බැට් මෑන් ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇඩම් රූපවාහිනි කතා මාලා රාශියකට සහ චිත්‍රපට සඳහා ද සිය දායකත්වය ලබා දුන් තරුවකි. Geronimo, The Outlaws Is Coming, Robinson Crusoe on Mars, American Vampire වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. පසුගිය වසරේ තිරගත වූ Batman: Return of the Caped Crusaders  පරිගණක සජීවකරණ චිත්‍රපටයේ බැට්මෑන් චරිතයට හඬ දායකත්වය ලබා දුන්නේද ඔහු විසින්.

"බැට් මෑන් කියන්නේ හොඳ කෙනෙක්" ඇඩම් නිතරම බැට්මෑන් ගැන පැවසුවේ එලෙසින්. බැට් මෑන් කුඩා හෝ නරක ලක්ෂණයක් බැට්මෑන් චරිතය තුළින් පෙන්වානවාට ඇඩම් කොහෙත්ම කැමැත්තක් නොදැක් වූ බව හොලිවුඩයෙන් වාර්තා වෙනවා.


Wonder Woman වාර්තා බිඳ හෙළමින් ඉදිරියට

ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වූ චිත්‍රපටයක් ලෙසින් පෙටී ජෙන්කින්ස් අධ්‍යක්ෂණය කළ Wonder Woman චිත්‍රපටය වාර්තා බිඳ හෙලමින් තිරගත කෙරෙන බව හොලිවුඩ් ආරංචි ගෙන එනවා.

පසුගිය ජූනි 02 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ එය ජූනි 11 වැනිදා වන විට අමෙරිකානු ඩොලර් මිලියන 435ක ආදායමක් වාර්තා කළා. අමෙරිකා එක්සත් ජනපදය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 205ක් සහ අනෙකුත් රටවල තිරගත කිරීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 230ක් ලෙස එය වෙන් කළ හැකියි.

අමෙරිකා එක්සත් ජනපදය තුළ වැඩියෙන්ම ආදායම් ලද කාන්තාවක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය බවට පත්වීමට Wonder Woman හට හැකියාව ලැබිලා. මීට පෙර ඒ වාර්තාවට හිමිකම් කීවේ සෑම් ටේලර් ජොන්සන් අධ්‍යක්ෂණය කළ Fifty Shades of Grey චිත්‍රපටය යි. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට විරුද්ධව සටන් සමඟින් වොන්ඩර් වුමන් ලෙසින් ඊශායල රූ රැජනක වූ ගාල් ගැඩොට්ගේ රංගනය විචාරයකයන් ඉහළින්ම අගයනවා.


නූලෙන් බේරුණු අංක එකේ නිළිය

ලොව අංක එකේ නිළිය ලෙසින් නම් ලද ජෙනිෆර් ලෝරන්ස් පසුගිය දා ගුවන් අනතුරකින් දිවි ගලවා ගත් බව ආරංචි වෙනවා. ඇය ගමන් ගත් පෞද්ගලික ගුවන් යානයේ එන්ජින් දෙකක දෝශ ඇති වීම නිසා එම ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක් කළා.

කෙන්චුකි, ලුයිස්විල්හි පදිංචි සිය පවුලේ සාමාජිකයන් දැකීමට ගොස් පැමිණෙන අතරතුරදී ජෙනිෆර් ගමන් ගත් ගුවන්යානය මෙලෙස හදිසි ගොඩබෑමක් සිදු කළා. අඩි 31000ක් ඉහලින් ගමන් ගනිමින් තිබියදී පළමු එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති අතර ගොඩබෑමට සූදානම් වනවිටදී දෙවැන්න ද අක්‍රීය වීම සමඟින් නිව්යෝර්ක්හි බෆලෝ නම් ප්‍රදේශයේදී එහි ගොඩබෑම සිදු කළා.

එය හරියට නපුරු හීනයක් වගේ කියලායි ජෙනිෆර් පවසන්නේ. ගුවන්යානය ගොඩබස්වන අවස්ථාව වන විටත් ඒ අසලට ගිලන් රථ ඇතුළුව වාහන විශාල සංඛ්‍යාවක් පැමිණ තිබුණා. 26 හැවිරිදි ජෙනිෆර් තම උපන් බිම වන කෙන්චුකිහි පිහිටුවන ලද හදවත් රෝග සඳහා වන ආයතනයට වසරත් පාසා ඩොලර් මිලියන ගණන් පිරිනමනවා. මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ඇයගේ නවතම චිත්‍රපටය Mother තිරගත වීමට නියමිතයි.


යළි මතු වූ අතීත වේදනා

බාබඩෝස් ජාතික ගායිකා රිහානා, ක්‍රිස් බ්‍රවුන් සමඟින් තිබූ සබඳකම පිළිබඳ සියලුම තොරතුරු දැන් හෙළි වෙලා. ඒ නිසා ඇය දැඩි ලෙස කම්පනයට පත් වෙලා. වෙන කවුරුත් නෙවෙයි මේ තොරතුරු හෙළි කරලා තියෙන්නේ පෙම්වතාවී සිටි ක්‍රිස් බ්‍රවුන් විසින්මයි. නාට්‍යානුරූපි ලෙසින් ඒ ආදර කතාව නිමා වූ බව එයින් කියවෙනවා.

2009 වසරේදී ග්‍රැමී සම්මාන උලෙළේ ඇයගේ ඉදිරිපත් කිරීම පවා අවලංගු කිරීමට සිදු වූණේ, එයට පෙර පැවති සාදයකදී ක්‍රිස් විසින් කළ පහරදීමක් නිසා. ඒ සිදුවීම කුමක්ද යන්නත් ඔහු විසින් පැහැදිලි කරලා.

පැරණි සිදුවීම් මතුපිටට ඇද දැමීම ගැන රිහානා ඉන්නේ දැඩි කෝපයෙන්.

එදා කළ පහරදීම නිසා ඇති වූ කැළලි පවා ඇයගේ සිරුරේ තවමත් තියෙනවාලු . ගුටි කෑ දවසේ දැනුණු වේදනාවට වඩා අද එය ලොවටම හෙළි කිරීමෙන් ඇති වූ වේදනාව වැඩි බව රිහානා පවසනවා. ඉදිරියේදී එය තමන්ගේ ජීවිතයට බලපෑමක් නොර සිටීමට ඇය ලොකු උත්සාහයක් දරන බවත් හොලිවුඩයෙන් ආරංචි ගෙන එනවා.