වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




අනුරගේ වරෙන් ඩෝ ආරාධනාවක්

අනුරගේ වරෙන් ඩෝ ආරාධනාවක්

සාමාන්‍යයෙන් අප සුහද හමුවකට හෝ උත්සවයකට ආරාධනා කරන්නේ බොහොම සුහදශිලීව. ඇතැම් අවස්ථාවලදී ඒ සඳහා ආරධනා පතක් ද මුද්‍රණය කරනවා. ඒ අතරේ මුවින් ආරාධනා ලැබෙන අවස්ථා ද ඕනෑ තරම් තියෙනවා. ඒ වුණාට අතපය දිගු කරලා තර්ජනාත්මකව ඔවැනි ආරාධනා කරන්නේ නැහැ. එහෙත් එහෙම කරන කෙනෙක් ඉන්නවා. ඔහු අපේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවෙක්. නම අනුර ධර්මසිරිවර්ධන. ඔහු සුහද හමුවකට කෙනෙකුට ආරාධනා කළා දබර ඇඟිල්ල දිගු කරලා තර්ජනාත්මක ස්වරයෙන් තමයි අනුර මෙහෙම ආරාධනා කරලා තියනේනේ. ඔහු උස මහත නළුවෙකු නිසා එහෙම චණ්ඩිකමෙන් ආරාධනා කරද්දී ආරාධනා ලබන තැනැත්තාට මොනවා හිතෙන්නට ඇතිද. බය හිතෙන්නට ඇති.