වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සුදර්ශන ජර්මනියට

සුදර්ශන ජර්මනියට

නව පරපුරේ රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර මේ දිනවල කාලය ගත කරන්නේ ජර්මනියේ. දින දහයක් ඔහු ඒ රටේ ඉන්නවලු. සුදර්ශන මෙලෙස ජර්මනියට ගිහින් තියෙන්නේ සුවිශේෂී කාරණයක් හින්දා. මෙන්න මේකයි සුදර්ශන ජර්මනියට ගිය හේතුව. ජර්මනියේ මේ දිනවල පැවැත් වෙනවා අධ්‍යක්ෂවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනය. ඒ සඳහා තෝරා ගත් රටවල් විස්සක කලාකරුවන් සහභාගි වෙනවා. අපේ රටෙන් තෝරාගෙන තියෙන්නේ සුදර්ශනව. ඇත්තටම සතුටට කාරණයක් ඔහු වගේ කෙනෙක් මෙවන් වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගි වීම. සුදර්ශනට මේ දින දහය තුළදී කලාව පිළිබඳ ප්‍රායෝගික වැඩ මුළු මාලාවකට සහභාගිවීමට අවස්ථාව ලැබෙනවා. ඔහුට මෙයට එකතු වන්නට අවස්ථාව ලබාදීලා තියෙන්නේ චන්දන අලුත්ගේ සහ කෞශල්‍යා ප්‍රනාන්දු.