වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ජයලාල් එක්ක වේදිකාවට

සුනිල් ජයලාල් එක්ක වේදිකාවට

ක්ලීන් අවුට්, සැපට දුකට සනී ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ ටිකිරි සුවඳ සහ තිරගතවීමට නියමිත හිතුවක්කාරී චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරිගේ මාධ්‍ය සිනමාව කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. කාලයක් තිස්සේ ඔහු සිනමාව වෙනුවෙන් නිර්මාණ බිහි කළේ මොන අර්බුද ආවත් දිගින් දිගටම එහි රැඳී සිටිමින්. එහෙත් පහුගිය දිනවල සුනිල් අරුණ ගැන වෙනස්ම ආරංචියක් ලැබුණා. ඒ ඔහු රිදී තිරයෙන් වේදිකාවට බැහැලා කියන එක. සුනිල් ලහි ලහියේ තම කුලුඳුල් වේදිකා නාට්‍යයට සුදානම් වෙනවලු. වේදිකාවේ දැවැන්තයෙක් වන ජයලාල් රෝහණ සමඟයි සුනිල් අරුණ මෙලෙස වේදිකාව වෙනුවෙන් නිර්මාණයක් බිහි කිරීමට සැරසෙන්නේ. මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරි සරසවිය කලාපයන් ඔස්සේ ගෙන ඒමට නියමිතය.