වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




පළමු චිත්‍රපටයෙන්ම ප්‍රවීණ නළු නිළියන් සමඟ රඟපෑවා

පළමු චිත්‍රපටයෙන්ම ප්‍රවීණ නළු නිළියන් සමඟ රඟපෑවා

සුදේශ් වසන්ත ගෙනෙන අලුත්ම තරුව

ශානි පෙරේරා

සරසවිය පුවත්පත ඔස්සේ නිරන්තරයෙන් අප කලා කෂේත්‍රයට එකතු වන අලුත් මුහුණු ඔබට හඳුන්වා දෙන්න උත්සුක වෙනවා. ඒක සරසවිය අතීතයේ සිට පැවත ආ සම්ප්‍රදායක්. ඉතින් අදත් මේ අප සූදානම් වෙන්නේ සිනමාවට එකතු වූ නැවුම් තාරකාවක් හඳුන්වා දෙන්න.

* පළමුව නම කියමු බලන්න?

ශානි පෙරේරා.

* වෘත්තීය?

රංගනය.

* කොහොමද රංගනයට පිවිසුණේ?

මං මෝස්තර නිරූපිකාවක් විදිහට කටයුතු කළා. ඔය අතරේ සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගෙන් යෝජනාවක් ආවා.

* ඒ මොකටද?

ඔහුගේ අලුත්ම චිත්‍රපටයට රංගනයෙන් දායක වීම.

* මොකක්ද ඒ චිත්‍රපටයේ නම?

නැති බැරි ටාසන්.

* එහි ඔබේ චරිතය?

ශානිම තමයි.

* ශානිගේ චරිත සොබාවය ගැන කතා කළොත්?

සරල සුන්දර කෙලිලොල් තරුණියක්.

* පළමු රංගන අත්දැකීම ගැන මතක් කළොත්?

භයංකාරයි.

* ඇයි එහෙම කියන්නේ?

මං ඉතින් හා හා පුරා කියලා පළමු වතාවටනෙ කැමරාවක් ඉස්සරහ රඟපෑවේ. පුදුම විදිහට බය හිතුණා. නමුත් පස්සෙ පස්සෙ හරි ගියා.

* නැති බැරි ටාසන් රඟපාද්දී ඔබට ප්‍රවීණ ශිල්පීන් සමග රඟපාන්න අවස්ථාව ලැබෙන්න ඇති?

ඔව්. ටෙනිසන් කුරේ, දිල්හානි අශෝකමාලා වගේ අයත් එක්ක වැඩ කළා. හරිම සතුටුයි. පළමු සිනමාපටයෙන්ම එවන් වූ ප්‍රවීණයන් සමඟ රඟපාන්න ලැබීම.

* නැති බැරි ටාසන් රංගනයෙන් පසුව ඔබ තවත් සිනමාපටවලට රංගනයෙන් දායක වුණාද?

ඔව්. රීලෝඩ් නම් වූ චිත්‍රපටයක රඟපෑවා.

* එතකොට ටෙලි නාට්‍ය?

ටෙලි නාට්‍යවලට නම් තවම එකතු වුණේ නැහැ.

* ඇයි ඒ?

මං වඩාත් කැමැති මාධ්‍යය සිනමාවයි. සිනමා නිර්මාණවලට එකතු වෙන්නයි අදහස.

* ඇයි ඔබ නිළියක් වුණේ?

හිතේ තිබුණු ආසාවට.

* ජනප්‍රිය වෙන්න නෙවෙයිද?

ජනප්‍රියත්වය ඉබේ ලැබෙයි නේද.

* ඔබේ කතාවෙන් පේනවා ඔබ ජනප්‍රියත්වයට කැමැත්තෙන් ඉන්නවා කියලා?

ජනප්‍රියත්වයට අකැමැති කවුද. දිනෙක මගෙන් කවුරු හරි මගතොටකදී ඇහැව්වොත් ඔයා නේද ශානි කියලා එදාට මට ගොඩක් සතුටු හිතෙයි.

* ඔබේ ගම කොහේද?

රත්නපුර.

* ඉගෙන ගත් පාසල?

රත්නපුර ජේසු බිලින්දාගේ කන්‍යාරාමය.

* උපන් දිනය?

1996. 01. 15

* ඉදිරියේදී රඟපාන්න බලාපොරොත්තු වන චරිතයක් තිබේද?

ඔව්. මං ආසයි පෙම්වතියකගේ චරිතයක් කරන්න.

* සැබෑ ජිවිතයේ ඔබ පෙම්වතියක්ද?

ඒකට මට පිළිතුරක් දෙන්න බැහැ.

* අන්තිමයට බලපු සිංහල චිත්‍රපටය කුමක්ද?

බන්ධනය.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

නිරහංකාර කෙනෙක්.