වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ලොවට අරුතක් එක් කළ මේ දවස්වල ජනප්‍රිය ගීයක්

මගේ ලොවට අරුතක් එක් කළ මේ දවස්වල ජනප්‍රිය ගීයක්

ඔබගේ සෙනෙහෙත් පිරිලා
කඳුළු අද වියැකිලා
හිනැහෙන්නෙ අද මා ඔබ නිසයි

ඔබගේ සෙනෙහෙන් ගීතයේ පදමාලාව:

ඔබගෙ සෙනෙහෙන් පිරිලා
කඳුළු අද වියැකිලා
හිනැහෙන්නෙ අද මා ඔබ නිසයි
මේ ජීවිතේ පුරා ඔබ ඇවිත් ළංවෙලා
මගෙ ලොවට අරුතක් එක් කළා
මාතු භගිනියෙ සකිගෙ දාසියේ
සොඳුරු පතිවෙලා
මට ළං වෙලා ඉන්න පතිනියේ මෙලෙසින් දිවිතුරා

සිහිනයේ සොඳුුරු මතකයේ ඔබවමයි මට සිහි වුණේ
හිත පුරා ඉන්න ඔබවමයි ඕන කඳුළු නෑ දෙන්නෙ ජීවිතේ
මහද පෙම් සුවය විහිද විකසිතව දිදුලන්නෙ ඔබෙ ආදරේ
රන් විමන් තැනෙන සොඳුරු හෙට දිනෙක අරුණැල්ල ඔබ ජීවිතේ
කිසිත් නෑ මගේ ලොවේ
ඔබගෙ සෙනෙහස තරම්
ඔබගෙ සෙනෙහෙන්

ඔබගෙන් ලැබෙන ආදරේ මහ මෙරක් සේ මට හැඟෙයි
කවරදාවත්ම ඔබ නැතුව ඉන්න හිතන්නත් බෑ ජීවිතේ
දිවිතුරා වින්ද කඳුළු පිසලන්න නුඹම නොවෙද මගෙ ආදරේ
පණ සේම රැක ගන්නෙමි සොඳුරු උදාවයි මගේ ජීවිතේ
නිල් නෙතේ කඳුලැලි පිසදා හිනැහෙන්න මා හා ප්‍රියේ
මේ ජීවිතේ . . .

අන්තර්ජාලය ඔස්සේ ගීත රස විඳිින අයට නම් මෙම ගීය ආගන්තුක එකක් නෙවෙයි. යු ටියුබ් හරහා මේ වන විට දෙලක්ෂයකට ආසන්න පිරිසක් නරඹා ඇති ඔබගෙ සෙනෙහෙන් ගීතය නිර්මාණය වී ඇත්තේ ද වෙනස්ම තේමාවක් ඔස්සේ. මේ දිනවල නිර්මාණය වන ගීත දහයක් ඇහුවොත් දහයම විරහ ගී. ඒතරම්ම තදින් මේ විරහ ගීත රැල්ල අප සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කොට තිබෙනවා. ඒ රැල්ල අතරේ ඔබගේ සෙනෙහෙන් ගීතයෙහි තේමාව වී ඇත්තේ බිරියකගේ ආදරය ගැනයි.

මෙය ගායනා කරන්නේ සඳුන් දොලමුල්ල. වෘත්තියෙන් ගායකයකු නොවුණත් ඔහු තම චින්තනය සමාජගත කිරීමේ අරමුණින් තමයි කලාවේ නියැලෙන්නේ. සිය බිරිය හමු වී වසර අටක් සපිරීම නිමිති කර ගනිමින් නිර්මාණය වූ ඔබගේ සෙනෙහෙන් ගීතයෙන් සැමියකුගේ සාර්ථකත්වය පසුපස සිටින බිරියක් පිළිබඳ කියැවෙනවා. ගීතයෙහි මෙන්ම එහි මියුසික් වීඩියෝවේ ද සංකල්පය සඳුන්ගේ. එක් දිනක් පුරා බත්තරමුල්ල පැලවත්ත අවට ප්‍රදේශයන්හි රූගත වුණු ඔබගේ සෙනෙහෙන් මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂණය නවීන් පෙරේරගේ. පද රචනය සංඛ සමරප්පුලි විසින් සිදු කොට තිබෙනවා. සංගීතය සාරංග පතිරණගෙන්.