|
මා පැතූ දේ කෝ පාළු වී ලෝකේ - මං මුළා වෙන්නේ
බොනිෆස් ප්‍රනාන්දු සමුගනී
1959 දී ඒ. බී. රාජ්ගේ රම්‍යලතා චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමාවට ආ බොනිෆස් රම්‍යලතා, සෙහොයුරෝ, සිරිමලී, සුවිනීත ලාලනී, සුහද දිවිපිදුම, සුදු සඳේ කළුවලා, සුලලිත සෝබනී, සැමියා බිරිඳගේ දෙවියාය, සුදෝ සුදු, ළඳක මහිම, සැඟවෙන සෙවනැලි, මහදැනමුත්තා, ටිකිරා, ජීවන කඳුළු, ආදරෙයි මං ආදරෙයි, රජෙක් වගේ පුතෙක් ආදී චිත්‍රපට දහ අටක පමණ ප්‍රධන චරිත රඟපෑවේය. රොබින් තම්පෝ ගේ ප්‍රථම නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය වු සිරිමලී චිත්‍රපටයේ මුල්වරට ප්‍රධාන භූමිකාව රඟපෑම ආරම්භ කළ බොනිෆස් සහය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් සිනමාවට පිවිසියේ ද සිරිමලී චිත්‍රපටය සමඟය. දුක චිත්‍රපටය සමඟ දෙබස් රචනයට පිවිසි බොනිෆස් චිත්‍රපට රංගනයට අමතරව පොද වැස්ස, අන්න බලන් සඳ, ලෝගුව, අප්සරා, චායා, සමු ගනු එපා පුතුනේ ආදි ටෙලි නාට්‍ය කීපයකද රඟපානු ලැබිණි.
සිනමවේ ස්ථාවරභාවයක් ඇති කිරීමට උදවු කළ රොබින් තම්පෝගේ චිත්‍රපටවල පමණක් රඟපෑමට යොමු වූ බොනිෆස් ආර්. ටී. චිත්‍රපට සමාගමේ මාසික වැටුප් ලබන නළුවෙක් ලෙසින් කටයුතු කරනු ලැබිණි. මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ ඉනෙුම ලැබූ බොනිෆස් වෘත්තියෙන් සිනමා ශාලා කිහිපයකම කළමනාකරුවකු ලෙසින් ද කටයුතු කරනු ලැබිණි. මීරිගම මිහිර, පුත්තලම අශෝකා, අම්බලන්ගොඩ රීගල් ඇතුළු සිනමා ශාලා කිහිපයකම ඔහු එලෙස කළමනාකරු ලෙසින් කටයුතු කළේය. සුලලිත සෝබනී චිත්‍රපටයේ රඟපෑමට ගොස් සිදු වූ අනතුරක් හේතුවෙන් පසු කලෙකදී බොනිෆස්ගේ කකුල පවා කපා දැමීමට වෛද්‍යවරුන්ට සිදු විය. ඒ හේතුවෙන් 2013 වසරේ සිට බොනිෆස් ගත කරනු ලැබුවේ රෝද පුටුවට සීමා වූ ජීවිතයකි.
මිය යන විට 83 වන වියේ පසු වූ බොනිෆස්ට එදා හැටේ දශකයේ රසිකයන් ආදරය කරනු ලැබුවේ අසීමිතවය. ඔහුව එදා අනුකරණය කරන්නට පෙළඹුණු රසිකයෝ ඔහු මෙන් උඩු රැවුල වවන්නට විය. ඔහුගේ රංගනයන් දැක ඒ හා බැඳුණු ප්‍රේක්ෂක ජනතාව ඒ සඳහා දැක් වූ ප්‍රතිචාරයක් ගැන ඔහු වරක් කියා තිබුණේ මට මතකයි සුදු සඳේ කළුවලා චිත්‍රපටය නරඹන විට කඳුළු සලන පේ‍්‍රක්ෂකයන්ගේ ප්‍රයෝජනයට ලේන්සු වෙළෙන්දෙක් සිනමා ශාලාවට යොදවන්නත් චිත්‍රපට නිෂ්පාදකයන්ට සිදු වුණා කියලා.
බොනිෆස් කවදාවත් නළුකම හිතට ගත් නළුවකු නොවීය. තම ප්‍රතිපත්තීන් කිසි විටෙකත් වෙනස් නොකළ බොනිෆස් තමනට සිනමාවට එන්නට උදවු කළ රොබින් තම්පෝ ගේ චිත්‍රපටවල පමණක් රඟපෑමට ඔහු තම රංගනය සීමා කර ගනු ලැබීය. තමන්ට තිබූ ජනප්‍රියත්වය කොතෙකුත් වැඩි වුව ද කිසි විටෙකත් තම ප්‍රතිපත්තියෙන් පිට රඟපෑමට කොතෙකුත් ආරාධනා කළ ද ඒ කිසිවකුගේත් නිර්මාණ ඔහු භාරගනු නොලැබිණි. ඒ තම ගමනට අත හිත දුන් මිත්‍රයාට කෘතගුණ දැක්වීමටය. 1996 දී විජයග්‍රහණය චිත්‍රපටයේ රඟපෑමත් සමඟ සිනමා රංගනයෙන් ඈත් වූ බොනිෆස් රෝද පුටුවට සීමා වුවත් ඔහු හැම විටම පවසා සිටියේ කලාව කියන දේ හරියට අබින් කෑව වගේ දෙයක්, රෝද පුටුවේ ඉඳන් හරි මම කලාවට තවදුරටත් සේවය කරනවා යන්නය. මීගමුවේ උපත ලද බොනිෆස් ප්‍රනාන්දු සුජාතා විජේසේකර සමඟ එක්ව සිරිමලී චිත්‍රපටයෙන් මුල්වරට ප්‍රධන භූමිකාව නිරූපණය කළ අතරම ඔහුගේ මුල්ම තිරයේ පෙම්වතිය වූයේ ද සුජාතා විජේසේකරය.
|