වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




කොටිකාවත්ත සාහිත්‍ය උලෙළට මස්ඉඹුල එයි

කොටිකාවත්ත සාහිත්‍ය උලෙළට මස්ඉඹුල එයි

කොටිකාවත්ත සණස මඟින් 2016 සාහිත්‍ය මාසය නිමිත්තෙන් පවත්වන ලද සාහිිත්‍යාභිනන්දන උලෙළ පසුගියදා කොටිකාවත්ත සණස ගොඩනැගිල්ලේදී පැවැත්විණ. මෙහි ආරාධිත අමුත්තා වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහභාගි විය.



ගුවන් විදුලි සම්මාන පිදුණේ මෙහෙමයි

ගුවන් විදුලි මාධ්‍ය සඳහා පැවැත්වුණ ප්‍රථම රාජ්‍ය සම්මාන උලෙළ මෙවර ලෝක ගුවන් විදුලි දිනයට සමගාමීව එස්. බී. නාවින්න මහතා සහ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විය.
රාජ්‍ය හා පෞද්ගලික යන සියළුම ගුවන් විදුලි නාලිකාවල සහභාගිත්වයෙන් අංශ 25 ක් යටතේ සම්මාන හා සහතික ලබාගත් සම්මනලාභින්ගේ නම් මෙහි දැක්වේ.

 
සිංහල අංශයේ සම්මානලාභීන්

විශිෂ්ටතම ප්‍රවෘත්ති සංස්කාරක (සිංහල) - අයි. ටී. එන්. එෆ්. එම් නාලිකාව - දිස්නා හෙට්ටිආරච්චි
විශිෂ්ටතම ප්‍රවෘත්ති ප්‍රකාශක (සිංහල) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - සුජීව හරිස්චන්ද්‍ර
විශිෂ්ටතම ප්‍රවෘත්ති ප්‍රකාශිකා (සිංහල) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප්පෙරුම
විශිෂ්ටතම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාව (සිංහල) - අයි. ටී. එන්.එෆ්. එම්. නාලිකාව - වෙනුරි ගින්නලිය
විශිෂ්ටතම විචිත්‍රාංග වැඩසටහන (සිංහල) - සිටි එෆ්. එම්. නාලිකාව - පී. සුගන්ධි කාන්චනා පෙරේරා
විශිෂ්ටතම වාර්තා වැඩසටහන (සිංහල) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - හිමානන්ද රාජපක්ෂ
විශිෂ්ටතම සඟරා වැඩසටහන (සිංහල) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - එන්. ජේ. තුෂාරි පෙරේරා
විශිෂ්ටතම සාකච්ඡා වැඩ සටහන (සිංහල)- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සම්පත් සල්පිටිකෝරාළ
විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන (සිංහල) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ඩබ්. ආර්. එම්. ප්‍රසන්න ජයම්පති ජයතිලක
විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය රචක (සිංහල) -
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය නාලිකාව - මාලක දේවප්‍රිය
විශිෂ්ටතම ගුවින් විදුලි නාට්‍ය ශිල්පියා (සිංහල) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ආර්. ඒ. ලාල් සරත් කුමාර
විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණිය (සිංහල) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - නිලීකා මද්දුම
විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදක (සිංහල) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - වජිර ඉන්දික කරුණාසේන
විශිෂ්ටතම කථක (සිංහල) - ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව - පී. එම්. වසන්ත රෝහණ ජයසිංහ
විශිෂ්ටතම නිවේදක (සිංහල) - රන්ගිරි ශ්‍රී ලංකා නාලිකාව - ධනුක මනුජය හේරත්
විශිෂ්ටතම නිවේදිකා (සිංහල) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - සුභාෂිණී උත්පලවන්නා ලියනගේ
විශිෂ්ටතම නාද ශික්ෂණය (සිංහල) - එෆ් එම්. දෙරණ නාලිකාව - නිමේෂ කුලසිංහ
විශිෂ්ටතම වැඩසටහන් නිෂ්පාදක (සිංහල) - නෙත් එෆ්. එම්. නාලිකාව - කේ. ඒ. එස්. විජය රංගන

දෙමළ අංශයේ සම්මානලාභීන්

විශිෂ්ටතම ප්‍රවෘත්ති සංස්කාරක (දෙමළ) - වර්ණම් එෆ්. එම්. නාලිකාව - ජෙසුතාසන් බෙනීට්ලස් කොන්හේ
විශිෂ්ටතම ප්‍රවෘත්ති ප්‍රකාශක (දෙමළ) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ශිවරාජන් තාකේෂන්
විශිෂ්ටතම ප්‍රවෘත්ති ප්‍රකාශිකා (දෙමළ) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - නාගපෝශිනි කරුප්පයියා
විශිෂ්ටතම ගවේශණාත්මක ප්‍රවෘත්ති වාර්තාව (දෙමළ) - වර්ණම් එෆ්. එම්. නාලිකාව - ජෙසුතාසන් බෙනීට්ලස් කොන්හේ
විශිෂ්ටතම විචිත්‍රාංග වැඩසටහන (දෙමළ) - වර්ණම් එෆ්. එම්. නාලිකාව - සෙල්වරජ් නවනීතන්
විශිෂ්ටතම වාර්තා වැඩ සටහන (දෙමළ) - ශක්ති එෆ්. එම්. නාලිකාව - ඒ. වික්නේෂන්
විශිෂ්ටතම සඟරා වැඩ සටහන (දෙමළ) සූර්යයන් එෆ්. එම්. නාලිකාව - රගුපති බාලශ්‍රීදරන් වමලෝසනන්
විශිෂ්ටතම සාකච්ඡා වැඩසටහන (දෙමළ) - ශක්ති එෆ්. එම්. නාලිකාව - රාජ ප්‍රශාන්ත්
විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන (දෙමළ) - ශක්ති එෆ්. එම්. නාලිකාව - ජී. ගනදීපන්
ශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය රචක (දෙමළ) පිරෙයි එෆ්. එම්. නාලිකාව - එම්. සී. රස්මින්
විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය ශිල්පියා (දෙමළ) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ඒ. එල්. ජෆීර්
විශිෂ්්ටතම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනිය (දෙමළ) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ඒ. එම්. ජයජෝති
විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදක (දෙමළ) - ශක්ති එෆ්. එම්. නාලිකාව - වී. කිරුෂාන්තන්
විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය රචක (ළමා) - වර්ණම් එෆ්. එම්. නාලිකාව - ජේ. මොහොමඩ් ෂාමිල්
විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය ශිල්පියා (ළමා) - වර්ණම් එෆ්. එම්. නාලිකාව - එම්. එන්. අබ්දුල් රහීන්
විශිෂ්ටතම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනිය (ළමා) - වර්ණම් එෆ්. එම්. නාලිකාව - ප්‍රභාකර් මොනීෂා
විශිෂ්ටතම කථක (දෙමළ) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ඒ. එල්. ජෆීර්
විශිෂ්ටතම නිවේදක (දෙමළ) - සූර්යයන් එෆ්. එම්. නාලිකාව - රගුපති බාලශ්‍රීතර්ශන් වමලෝසනන්
විශිෂ්ටතම නිවේදිකා (දෙමළ) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - කේ. නාලපෝශිනී
විශිෂ්ටතම නාද ශික්ෂණය (දෙමළ) - වර්ණම් එෆ්. එම්. නාලිකාව - ජේ. මොහොමඩ් ෂාමිල්
විශිෂ්ටතම පද්‍ය ගායනය (දෙමළ) - වර්ණම් එෆ්. එම්. නාලිකාව - ජේ. මොහාමඩ් ෂාමිල්
විශිෂ්ටතම වැඩ සටහන් නිෂ්පාදක (දෙමළ) - ශක්ති එෆ්. එම්. නාලිකාව - එස්. රාජ්ප්‍රශාන්ත්

ඉංග්‍රීසි අංශයේ සම්මානලාභීන්

විශිෂ්ටතම නිවේදක (ඉංග්‍රීසි) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ජෙයරංජන් යෝගරාජ්