වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

සදා සවන රැඳී හඬ

එදා චිත්‍රපට රාශියකට මෙන්ම සරල ගීතය ද බොහොමයක් ගැයූ අසහාය ගායිකා ජී. එස්. බී රාණි පෙරේරා අද අප අතර නැතත් ඇය ගැයූ ගීත කිසිදිනෙක අපේ මතකයෙන් බැහැර නොයයි. එම ගීත ඉඳහිට හෝ අපට ඇසෙනවිට දැනෙන අසීමිත සතුට අපමණය.

කල්‍යාණ ජයනෙත්ති

මැටරඹ

උණවටුන


ගී මිහිර ගෙන ආ සිසිර සේනාරත්න

දීර්ඝ කාලයක් මුළුල්ලේම සිංහල සිනමාවට, සංගීත අධ්‍යක්ෂණයයෙන් හා ගායනයෙන් අනූපමේය සේවයක් ඉටු කළ සිසිර සේනාරත්නයන් අද අප අතර නැතත් ඔහුගේ නිර්මාණ එදා ඒ මිහිරම යළි යළිත් ගෙන එයි.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


 

හෙළ ගීත අම්බරයේ දිලෙන රෝහණ

හෙළ ගීත අම්බරයේ මියුරු සත්සර නාද රටාවන් සුසංයෝජනය කරමින් චිත්‍රපට සංගීතයටත් සුවිසල් මෙහෙවරක් ඉටුකරන සංගීතවේදියකු ලෙසින් ආචාර්ය රෝහණ වීරසිංහ විශේෂයි. ගායන ශිල්පියකු ලෙසත් ප්‍රතිභාපූර්ණ සංගීතවේදියකු ලෙසත් පෙළහැර පෑ රෝහණ සංගීතය වෙනුවෙන් කරන්නාවූ සේවය අතිවිශිෂ්ටයි.

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


 

ආරියදාස පීරිස් කලාකරුවාණෙනි ඔබට මොක්සුව

ස්වාධීන රූපවාහිනිය තුළින් හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය ඔස්සේ 'ගීතයෙන් ගීතය' වැනි රසවත් වැඩසටහන් ඉදිරිපත් කළ ආරියදාස පීරිස් කලාකරුවාණෙනි ඔබට මොක්සුව.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ


වෙළෙඳ සේවයේ පුරෝගාමියා

ජාතික ගුවන්විදුලියට ආලෝකයක් වෙමින් වෙළෙඳ සේවය ගොඩනැඟීමේ පුරෝගාමීයකු වෙමින් අදටත් අමතක නොවන වැඩසටහන් රැසක් හඳුන්වා දෙමින් ඔබ දිවිය තුළ කළ මෙහෙවර කියා නිමකළ නොහැකිය.

සමන් ගාල්ලගේ

කැටපල

ගනේගොඩ


 

නව පරපුරට ආදර්ශය

අරුන් ඩයස් සහ නොයෙලින් හොන්ටර් දෙපළම මෙරට නිවේදන ක්ෂේත්‍රයේ අති දක්ෂ ප්‍රවීණයන් දෙපළකි. ඉංග්‍රීසි බස මැනවින් හසුරවමින් නිවේදන කටයුතුවල යෙදෙන අයුරු අතිශය සිත්ගන්නා සුළුය. මෙවන් නිවේදක නිවේදිකාවන් නව පරපුරට ආදර්ශයකි. නමුත් අවාසනාවකට මේ දෙපළම වර්තමානයේ දකින්නට නොමැතිවීම කනගාටුවකි.

අනුර කුලවර්ධන

රදාවාන


 

වෙළෙඳ සේවයට නව ජීවය දුන් ආරියදාස පීරිස්

'පිබිදෙන ගායක පරපුර', 'බ්‍රසල්ස් කෝපි අඩපැය' යන රියලිටි වැඩසටහන් ප්‍රථමයෙන් ඉදිරිපත් කළ මිනිත්තු පහකින් නැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වෙළෙඳ සේවයට නව ජීවයක් දුන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නළුවකු, ගායකයකු වූද කීර්තිමත් සම්මානලාභි ගුවන්විදුලි නිවේදක ආරියදාස පීරිස් නම් කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව.

සරසවිය රසික කැළ,

මතකයේ රැඳුණු ගී රසික සංසදය,

ගී නිම්නාද එකමුතු ජාලය වෙනුවෙන්

විමලසේන හපුත්‍රන්තී

අත්තනගල්ල


රසාංජනට සුබ පැතුම්

සිනමාව, ටෙලි තිරය සහ වේදිකාව තම හැකියාවෙන් පෝෂණය කර අප අතරින් වියෝ වූ විජය නන්දසිරි නම් තම පියාගේ අඩි පාරේ යමින් රංගන දිවියට පා තබන ආදරණීය පුත්‍රරත්නය රසාංජන නන්දසිරිට රසික අපගේ සුබ පැතුම්.

පාලක සමන් පෙරේරා

මිල්ලගහවත්ත පාර

අල්විස් ටවුම

හැඳල


සිංහල සිනමාවේ හිත හොඳ මිනිහා

සිංහල සිනමාවේ දුෂ්ටයා, දුප්පතාගේ හිතවතා, හිත හොඳ මිනිහා ලෙසින් ප්‍රකට බැප්ටිස්ට් ප්‍රනාන්දු කලාකරුවා ජීවන රඟමඬලින් සමුගෙන ඇත. චිත්‍රපට රැසකට තම රංගන දායකත්වය ලබා දුන් ඔහු සැබැවින්ම අනුනට උපකාර කරන දුප්පතාගේ හිතවතෙකි.

මනහර මහින්ද

බෙලිගල


අර්නස්ට් වඩුගේ ඔබට තුති

මාධ්‍යවේදියකු ලෙසින් අර්නස්ට් වඩුගේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙවර අගයමි. එමෙන්ම රසික අපටද ලියන්නට දුන් අවස්ථාව පිළිබඳ කෘතඥ වෙමි.

මොනිකා දිසානායක

නවනගරය

අනුරාධපුර


අචලා අලස්ට

නැවත විකාශය වූ 'ඉසිවර අසපුව' නරඹද්දී ඔබ රංගනයෙන් ඈත්වීම නම් දුකකි. ඔබ වැනි දක්ෂ රංගන ශිල්පිනියක් නිහඬවීම කලාවට ලොකු පාඩුවකි. නමුත් ඔබ මතකය තවමත් අපේ හිත්වල පවතී. ඔබේ දිවියට අපේ සුබ පැතුම්.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


අජන්තා මතකය

මාධ්‍යවේදියකු සහ ප්‍රවීණ ගීත රචකයකු වූ අජන්තා රණසිංහයන්ගේ අභාවයෙන් වසරක් සපිරෙන දින ඔහු පිළිබඳ මතක ආවර්ජනයක යෙදෙන ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට මාගේ ස්තූතිය. 'රන් කෙන්ඳෙන් බැඳ', 'දවසක්දා බෝමළුවේ', 'උත්තම මුණි දළඳා' වැනි අර්ථාන්විත ගීත රැසක් එතුමා සංගීත ක්ෂේත්‍රයට දායාද කිරීම අනාගතය වෙනුවෙන් කළ සුවිශාල මෙහෙවරකි.

චන්ද්‍රකාන්ති පියතුංග

කැලණිය


ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ

කාලෝචිතයි

ලෝක ගුවන්විදුලි දින සැමරුමට සමාගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළක් පැවැත්වීමට කටයුතු යෙදීම ඉතා විශිෂ්ට කාලෝචිත ක්‍රියාවකි. රූපවාහිනිය පැමිණීමට පෙර සිට ජනතාවට සමීපතම තොරතුරු සම්පාදකයා වූයේ ගුවන්විදුලිය යි. මෙරට ගුවන්විදුලි සේවය වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කළ විශිෂ්ට මාධ්‍යවේදින් වෙනුවෙන් ප්‍රතිභා ප්‍රණාම සම්මාන පිරිනැමීමද උත්කෘෂ්ඨය.

දිනේෂ් ගුණසේකර

නූපේ

මාතර


බතී ඔබ අගෙයි

'අනන්තා' හි බතීගේ චරිතයට ජීවය දෙන දමිතාගේ රඟපෑම් හැම අතින්ම උසස්ය. ළමා වියේ සිට ඔබ මෙතෙක් රඟපෑ චරිත සදා මතකයේ රැඳී ඇත. යළිත් වරක් හොඳම නිළිය ලෙසින් වරම් ලබන්නට ප්‍රාර්ථනා කරමි.

ශාන්ති බන්දුනාථ

මහනුවර


කැලෑ හඳ එන්නේ කවදාද

දයාරත්න රටගෙදර විසින් 'කැළැ හඳ' නවකතාව ටෙලි නිර්මාණයකට ගෙනන බව පසුගිය සතියක සරසවියෙන් දැන ගන්නට ලැබුණා. එය අපේ ද විශාල ආසාවකි. ඉතින් ඔබතුමාගේ ඒ අදහස ඉක්මනින් ක්‍රියාවට නඟනු දැකීම අපගේ බලාපොරොත්තුවයි. එය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල


 

සුමින්ද සිරිසේනට නිරෝගි සුව

සරච්චන්ද්‍ර මහැදුරු ඇසුරට යන්න
පෙර පින් බලයෙනුයි සුමින්ද සිරිසේන
වේදිකාවේ පෑ දස්කම් මෙනෙහි වන
කුසලතා සපිරි නළුවෙකි අති සොබන

ටෙලි සිතුවම් කළු සුදු චරිතද සමඟින්
වැඩිහිටි තරුණ සැමටම විකුම් පෙන්වමින්
දුම්රිය සේවයද රැකියාව සුරකිමින්
සිනමා පටවලද රංගනයේ යෙදෙමින්

මේක පුදුම ලෝකය කවුරුත් දන්නා
සුමින්ද කරළියේ දස්කම් පෙන්නා
නිහඬව දැනට අසනීපෙන් පසුවෙන්නා
තෙරුවන් සරණ පතනෙමු අපි සියලු දෙනා

ආර්. ඒ සෝමා රණසිංහ


දමිතා සොයුරියේ මේ මල් ඔබෙ නමට

ගැයුමෙන්ද රැඟුමෙන්ද නිතර දස්කම් පාන
නව යොවුන් වියේදීම පැහැදිලියි ඔබ අපට
ටෙලිවලින් නිතර රඟපා අප නෙත් බැන්ද
අප හුරු පුරුදු ඔබ අපේම සොයුරි

නිහමානි සිනහවෙන් මන බඳීන
ඔබ නවකයන්හ‍ට පාඩමකි සැමවිට
ලබන හෙට දිනයේ සතුටින් ඔබට පතනවිට
හිමි ජීවිතයේ සැමදා දෙවි පිහිට

සරසවිය සම්මානයෙන් පිදුම් ලබනවිට
සරසවිය ප්‍රතිචාර සමඟින් මම ලියන්නෙමි
ඉදිරි ගමනට ඹබට සුබ පැතුම් පතන්නෙමි
දමිතා සොයුරියේ මේ මල් ඔබෙ නමට

සුනිල් බී වේහැල්ල
ගෝනපොල