|
ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ඒ හේතුවෙන් ශනලිගේ මව ඉතාම සතුටුවන අතර තරමක නිශ්ශබ්ද චරිතයක් වන ශනලිගේ පියා නගරයේ පාසලකට සිය දියණිය යාම ගැන වැඩි කැමැත්තක් නොදක්වයි. එහෙත් අවසන මවගේ බලකිරීම මත පියාගේ ද කැමැත්ත ලැබෙයි. ශනලිගේ ගමේ සිටින නගරයේ පාසලට යන තවත් ළමුන් දෙදෙනකු සමඟ නගරයේ පාසලට යයි. ඇය එහි හයවැනි ශ්‍රේණියේ බී පන්තියට ඇතුළත් වන අතර ඇයට සමාන රූපයකින් යුතු කවිෂා එම පන්තියේ ඉතා දක්ෂ ජනප්‍රිය දරුවෙකි. මාස කිහිපයක් ගෙවී යෑමෙන් පසු ගමෙන් පැමිණි ශනලි ක්‍රමයෙන් සිය දක්ෂතා පෙන්වමින් මෙතෙක් ඉහළින් සිටි කවිෂාගේ මට්ටමටම පැමිණෙයි. තරමක ආඩම්බරකාරියක වන කවීෂා මේ හේතුවන් ශනලි කෙරෙහි වෛර බැඳ ගන්නීය. දෙසැම්බර් පාසල් නිවාඩුව ආරම්භ වන දිනයේ ළමුන් සියලු දෙනාම ඉතා විනෝදයෙන් පාසල් නිවාඩුව ගත කිරීමට පිටවේ. ශනලි සහ ගමේ සිට පැමිණෙන නිපුනි ද බස් රථය පැමිණෙන තෙක් එම ස්්ථානයේ සිටියි. මේ අතර නිපුනි හදිසියේම පාසල තුළට යයි. ඒ තමාගේ වතුර බෝතලය අමතක වී ආ බව කියමින්ය. ටික වේලාවක් ගත වෙති. නිපුනි තවමත් නැත. එහෙයින් ශනලි ඇය සෙවීමට පාසලට යයි. ඇයට ශෝධන කාමරයට යාමට අවශ්‍ය වේ. ඇය ඉහළ මාලයේ ඇැති ශෝධන කාමරය තුළට යයි.
ටවුමේ ඉස්කෝලේ සිනමාපටය දිග හැරෙන්නේ එකී කතා පුවත සමඟිනි. ළඟදීම තිරගතවීමට නියමිත ටවුමේ ඉස්කෝලේ සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි. ටවුමේ ඉස්කෝලේ නළු නිළි පිරිස බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, රොෂාන් පිලපිටිය, සුසිලා කෝට්ටගේ, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, චරිත් සේනානායක, ජීවනී නිරූපා, අසංක දේවමිත්‍ර, අනෝජා වීරසේකර, රංජිත් රූබන්, නිලංගනී පෙරේරා, ප්‍රභාෂි පල්ලියගේ (ළමා) මෙලිෂා යෙනුලි (ළමා) යොහානි හංසිකා (ළමා) බිනුර නාගසිංහ (ළමා). කැමරා අධ්‍යක්ෂ - බුද්ධික මංගල අංග රචනය - තරංග රුක්මල්වල කලා අධ්‍යක්ෂණය - සනත් ජානක සහාය අධ්‍යක්ෂණය - අමිල ප්‍රේමරත්න, දිලුපා වීරසිංහ නිෂ්පාදන කළමනාකරණය - වසන්ත නිතුල්ගහමුදුන
නිශ්චල ඡායාරූප - උපුල් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණය - දර්ශන වික්‍රමතුංග ගායනය - ශෂිකා නිසංසලා, දර්ශන රුවන් දිසානායක, කුමාරි දසනායක, යොහානි මුනුශිකා (ළමා) ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ, සුසන්ත ධර්මප්‍රිය වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර සංස්කරණය - අනුර බණ්ඩාර නිෂ්පාදනය - ඉයෝන් ෆිල්ම්ස් වෙනුවෙන් - දම්මික අතපත්තු තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න
|