වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

ලහිරු සහ සුමිරුගෙන් පසු ගම්පහ මොඩල් බෑන්ක් නිමාවනු ඇත. එතැන් පටන් ආරම්භ වන්නේ රත්නපුර මොඩ්ල් බෑන්ක් චාරිකාවය. එය පැවැත් වූයේ රත්නපුර නිව් ඉම්පීරියල් සිනමා ශාලාවෙහිය. අප එතැනට යන විටත් සෑහෙන පිරිසක් මොඩ්ල් බෑන්ක් හා එකතුවීමට පාන්දර සිට ලක ලැහැස්තිව සිටියහ. ඇතැම් දෙනා පැමිණ සිටියේ බොහෝ දුර බැහැර ප්‍රදේශයන් නියෝජනය කරමිනි. අද පටන් ඒ නැවුම් මුහුණුවරයන් සරසවිය මොඩල් බෑන්ක් හරහා මෙසේ ඔබ වෙත ගෙන එනු ලබයි.

SMBRP 01

හිරුණි හංසමාලි - රත්නපුර

රත්නපුර මොඩල් බෑන්ක් එකට හා හා පුරා කියලා ගොඩ වැදුණේ මේ හිරුණි. ඇගේ වයස අවුරුදු දහ හතරයි. හිරුණි තවමත් පාසල් ශිෂ්‍යාවක්. රත්නපුර මල්වල නවෝද්‍යා මහ විද්‍යාලයේ තමයි ඇය ඉගෙනුම ලබන්නේ. සමස්ත ලංකා පාසල් නාට්‍යවලට හිරුණි තම දායකත්වය සපයලා තියෙනවා. ඇගේ පදිංචිය රත්නපුර. ආචාර්ය සෝමරත්න දිසානායකගේ නිර්මාණයකට දායකවීමට හිරුණි කැමැත්තෙන් ඉන්නවා.

SMBRP 02

දිල්ෂානි මල්ෂිකා - රත්නපුර

දිල්ෂානි, හිරුණීගේ හොඳම යෙහෙළිය. මේ දෙන්නටම ඇත්තේ එකම හීනයක්. ඒ කෙදිනක හෝ හොඳ රංගන ශිල්පිණියන් වීම. මේ සඳහා පාසලෙන් අනගි සහායක් ලැබෙන බව ඇය කිව්වා. දිල්ෂානිත් ඉගෙන ගන්නේ මල්වල නවෝද්‍යා විදුහලේ. ඇයගේ වයසත් අවුරුදු 14 යි. ජැක්සන් ඇන්තනී තමයි ඇගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයා. දිල්ෂානිගේ පදිංචිය රත්නපුර.

SMBGP 50

ලහිරු ගයාන් චින්තක - ගම්පහ

ලහිරුට නම් තවමත් රංගන අත්දැකීමක් නැහැ. එහෙත් ඔහු රංගන, සිනමා හා රූපවාහිනි පාඨමාලාවන් කිහිපයක් ද හදාරා තිබෙනවා. ජැක්සන් ඇන්තනි ශ්‍රියන්ත මෙන්ඩිස් ආදී නළු නිළියන් රංගනයේ යෙදෙනවා දැකලා තමයි ලහිරුට රඟපාන්න ආස හිතුණේ. ඔහුගේ වයස අවුරුදු විසි දෙකයි. පදිංචිය බදුරලිය. කැමැතිම අධ්‍යක්ෂවරයා වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක.

SMBGP 49

සුමිරු දිල්ෂ්‍යාත් - ගම්පහ

සුමිරුටත් තවමත් රංගන අත්දැකීම් නැහැ. කෙදිනක හෝ සිනමා ලොව ජය ගැනීමෙ අරමුණිනුයි ඔහු පසුවන්නේ. ජැක්සන් ඇන්තනිගේ නිර්මාණයකට එකතුවීමයි සුමිරුගේ එකම හීනය. දෙකටන පදිංචි ඔහුගේ වයස අවුරුදු විසි දෙකයි. කැමැතිම අධ්‍යක්ෂවරයා වන්නේ ජැක්සන් ඇන්තනි.