වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවි සම්මාන උළෙල 2016 පිළිබඳ මාධ්‍ය හමුව

සරසවි සම්මාන උළෙල 2016 පිළිබඳ මාධ්‍ය හමුව

 

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සිය කලා ප්‍රකාශනය වන සරසවිය පුවත්පත ප්‍රධාන කොට වසර අටකට පසු මෙවර පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙන 2016 සරසවිය සම්මාන උළෙලේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ජනමාධ්‍ය තොරතුරු තාක්ෂණ හා පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කදිරගාමන් ශාලාවේදී පවත්වන ලදි.