වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

 

SARASAVIYA MODEL BANK

නළු නිළි වරම් පතා ගම්පහ දී අප සොයා ආ හෙට දකින තරු

SMBGP 09

හසිනි යෂාරා

අවුරුදු දහඅටක් වයසැති තාරුණ්‍යයේ ඉන්න හසිනි යෂාරාගේ ගම් පළාත කැලණිය ඉරියවැටිය. ඈ රංගනයට බෙහෙවින් ආදරය කළේ බොහොම පුංචි කාලයේ ඉඳලා. ඒ නිසා ම තමයි හසිනි ‘පැරෂුට්’ කියන චිත්‍රපටයට පළමු වරට රංගනයෙන් සහභාගි වන්නේ. ඒ විතරක් නොවෙයි ඇගේ රුව වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් සරසනවා. ඉදිරියේ දී රංගනයෙන් ඉදිරියට යන්නට සිතාගෙන සිටින හසිනිගේ ආදරයට පාත්‍රවුණු නිළියන් දෙදෙනකු ඉන්නවා. ඒ මාලනී ෆොන්සේකා හා සබීතා පෙරේරා.

 

SMBGP 10

උපුල් කුමාර

උපුල් කුමාර චන්ද්‍රරත්නගේ වයස අවුරුදු විසිහතක්. මහනුවර, උඩවෙල තරම් ඈත ප්‍රදේශයක පදිංචි ඔහු ඇවිත් තිබුණේ කාලයක පටන් ඔහුගේ සිතේ හීනයක් සැබෑ කරගන්න සිතාගෙන. ඒ රංගන ශිල්පියකු වීමේ ආශාව. රංගනයෙන් පාසල් වේදිකාවේ සමුදුන්නට පස්සේ උපුල්ට නැවතත් කිසිම දිනයක රඟපෑමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම වුණත් උපුල් ඔහුගේ අදහස අතහැරියේ නැහැ. ඔහු සරසවිය මොඩ්ල් බෑන්ක් එකට ගොඩවැඳුණේ කවදහරි තමන්ගේ ඒ හීනය සැබෑ කරගන්න සිතාගෙන. ඔහු වඩාත් කැමැත්තක් දක්වන්නේ උදයකාන්ත වර්ණසූරිය හා සෝමරත්න දිසානායක වැනි අධ්‍යක්ෂවරුන් යටතේ රඟපාන්නයි.

 

SMBGP 11

සුනිල් වේහැල්ල

හොරණ ගෝනපොල පදිංචි සුනිල් බී. වේහැල්ලට වයස අවුරුදු පනස් එකක්. සුනිල්ගේ රංගනය මේ වනතුරුත් සීමාවුණේ වේදිකාවට පමණයි. ‘ධවල හස්ති’, ‘ඝෝෂා’, ‘මුරුගසං වරුසාව’ කියන වේදිකා නාට්‍යවල සුනිල් රඟපෑ චරිත ඔහුගේ රංගන හැකියාවට අපූරු සාක්ෂි කිහිපයක්. මෙතෙක් වේදිකාවට පමණක් සීමාවුණු ඔහුගේ රංගන හැකියාව පුංචි තිරයටත්, රිදී තිරයටත් දායක කිරීමට සුනිල්ගේ සිතේ තිබෙන්නේ දැඩි කැමැත්තක්. ඔහුගේ සිත්ගත් අධ්‍යක්ෂරුන් වන්නේ සුදත් රෝහණ, ප්‍රසන්න විතානගේ ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්ෂවරියයි.

 

SMBGP 12

ඉම්ෂාන් මොහොමඩ්‍

රංගනයට උපන් හපන්කමක් දක්වන ඉම්ෂාන් මොහොමඩ්‍ මේ වනවිටත් ‘සෙල්ල දොරේ’, ‘කිරට හඬපු දරුවෝ’, ‘කවුද වෙදා’, ‘උමාගේ දරුවෝ’ යන වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වුණු තරුණයෙක්. විසිදෙහැවිරිදි වියේ පසුවන ඔහු ළඟ දී තිරගත වීමට නියමිත සුගත් සමරකෝන්ගේ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ නිරූපණය කළේ උන්මත්තකයකුගේ චරිතයක්. රංගනයෙන් ඉදිරියට යන්න සිතාගෙන සිටින ඉම්ෂාන් හොඳ චරිතයක් ලබාදෙන ඕනෑ ම අධ්‍යක්ෂවරයකු යටතේ රඟපෑමට කැමැති තරුණයෙක්.