වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




මහේන්ද්‍රගෙන් රංගන පාසලක්

මහේන්ද්‍රගෙන් රංගන පාසලක්

මහේන්ද්‍ර පෙරේරා මෙහෙය වන රංගන පාඨමාලාවක් තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා නවකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මේ මස 14 වැනිදා එනම් එන බදාදා පැවැත්වේ.

තුන්මෝල්ලු ළඟදීම

විකල්ප පුවත්පතක් පවත්වාගෙන යන මාධ්‍යවේදින් දෙදෙනෙක් සහ රූමත් කාන්තාවක් අතර ඇති වන අපූර්වතම ප්‍රහසනාත්මක කතා තේමාවක් රැගත් බුද්ධික දමයන්තගේ නවතම නාට්‍ය නිර්මාණය ‘තුන්මෝල්ලු’ නව වසරේ වේදිකා ගතවීමට අවශ්‍ය පුහුණුවීම් මේ වනවිට නිම වෙමින් තිබේ.

මහේන්ද්‍ර වීරරත්න, අයේෂා දිසානායක, රජිත හේවාතන්ත්‍රි යන රංගන ශිල්පීන් හා ශිල්පිනිය රඟන ‘තුන්මෝල්ලු’ වේදිකා නිර්මාණය පිටුපස සිට නිර්මාණ දායකත්වය ලබාදෙන ශිල්පීන් රැසක් පුහුණුවීම් සඳහා සහභාගි වී සිටියි. සුසිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන මේ නිර්මාණය සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ රජන්ත ජයසිංහ විසිනි.