වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 212

සිංහල සිනමා විස්තරය 212

උමයංගනා

තිරගත වූ දිනය - 1992 ජූලි 17 ඉදිරිපත් කිරීම - පාඨලී චිත්‍රපට කතාව, දෙබස්, තිර නාටකය හා සහාය අධ්‍යක්ෂණය - ආනන්ද ෆොන්සේකා

නිෂ්පාදනය - ආනන්ද ෆොන්සේකා, පී. ඒ. උබේදාස, නිමල් විරසිංහ, මහින්ද බණ්ඩාර, සරත් ජයබාහු, රුවන් රේණුව වීරසිංහ

සහාය අධ්‍යක්ෂණය - ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ සහාය ඇන්ටන් සිල්වා සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්

අංග රචනය - රංජිත් මතඟවීර කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා

සටන් මෙහෙයුම - සරත් සිල්වා ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - සුනිල් උපාලි, පී. ජයවීර, උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, ඩබ්. ජී.පොඩිරත්න, රංජිත් පෙරේරා රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - චෙන්නායි

සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - රුවන් රේණුව වීරසිංහ

නිශ්චල ඡායාරූප - නිමල් ෆොන්සේකා, ආනන්ද ෆොන්සේකා ධාවන කාලය - පැය 2 විනාඩි 28 - පිටපත් ප්‍රමාණය 14 ප්‍රදර්ශනනය - රීගල් ප්‍රමුඛ පස්වන ප්‍රදර්ශන මණ්ඩලය නාමාවලිය - ප්‍රේම් දිසානානයක

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න

ගීත - දියණියේ මා ඔබ ළඟයි - මාලිනී බුලත්සිංහල

ළිය තඹරා ඔබයි තවුසන් සිල් බිඳිනා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල, කීර්ති පැස්කුවල්

නළු නිළියන් - ජෝ අබේවික්‍රම (මුදලි), මාලිනී ෆොන්සේකා (එලිසබෙත්), සොමී රත්නායක (ෆ්‍රැන්සිස්), ජයලත් මනෝරත්න (හෙන්රි), විමල් කුමාර ද කොස්තා (ජේමිස්), දමයන්ති ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස් (පාලිත), ප්‍රියංකර පෙරේරා (සුරේෂ්), සමනලී ෆොන්සේකා, නිහාල් ප්‍රනාන්දු

මංගල දර්ශනය රීගල් සිනමා ශාලාවේදී ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිනිය , ප්‍රවෘත්ති කටයුතු රාජ්‍ය ඇමැති ඒ. ජේ. රණසිංහ සහ චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ජිනදාස නිශ්ශංක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

විශේෂ - බැංග්ලෝර්හි 23 වෙනි ජත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළේය.

සිංහ රජා

තිරගත වූ දිනය - 1992 ජූනි 26 ඉදිරිපත් කිරීම - ත්‍රීස්ටාර් මූවීස් නිෂ්පාදනය - අනිල් විජේරත්න, ඩබ්ලිව්. බ්‍රියටිස් ඩෙප් කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම සහාය අධ්‍යක්ෂණය - ධනේෂ් ලංකා පීරිස් කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් කැමරා කි‍්‍රයා කිරීම - ජී. නන්දසේන කැමරා සහාය - නිලන්ත පෙරේරා, එච් අනුර, ඩබ්ලිව්. පියසේන, සුජිත් සුබසිංහ, ඊ. එම්. ප්‍රියන්ත, තංගයියා, සරත් කරුණාරත්න, වීරසිංහ සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය මහේෂ් ලංකා පීරිස් අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්ෂණය - මහින්ද ඩෙප් සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා, ලක්ෂ්මන් ද සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, පද්මසිරි ගමගේ

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන

රසායනාගාර අධිකාරි - ඒ. අයි. ජොහාර් සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය

රසායනාගාර සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් ලිමිටඩ්

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

ඇඳුම් නිර්මාණය - ඩබ්ලිව්. බ්‍රියටිස් ඩෙප්

කැමරා උපකරණ සැපයීම - සමරසිංහ ෆිල්ම්ස්, ඩිල් ෆිල්ම්ස්, ටී. කේ. ෆිල්ම්ස්

කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා

නිෂ්පාදන කළමනාකරණය - අනිල් වික්‍රමතිලක

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ, ආනන්ද එස්. විජේසිරි, සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගීත - සංසාරේ මොකක්ද මේ ජරමරේ - චන්ද්‍රිකා සිරිවර්ධන මේ වාරේ මගේ වගේ පැංචියේ - ග්‍රේෂන් ආනන්ද මල් මල් සිනා මල් - ෆ්‍රෙඩී සිල්වා, දිමුතු නානායක්කාර දෝලාවෙන් වඩින්නේ - චන්ද්‍රිකා සිරිවර්ධන, ග්‍රේෂන් ආනන්ද දන්නවාද මා රති කාමිණී - ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - ශෂි විජේන්ද්‍ර, වසන්ති චතුරානි, ක්ලීටස් මෙන්ඩිස්, මොරින් චාරුනි, හර්බට් අමරවික්‍රම, ලිලියන් එදිරිසිංහ, ෆ්‍රෙඩී සිල්වා, හියුගෝ ප්‍රනාන්දු, ලයනල් දැරණියගල, මියුරි සමරසිංහ, මාක් සැම්සන්, මානෙල් චන්ද්‍රලතා, ටෙනිසන් කුරේ, මහේෂ් ජයසිංහ, සුමනා ගෝමස්, විමලා කුමාරි, සරත් සිල්වා, ලාල් කුමාර්, හේමන්ත ඊරියගම