වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

අපි කැමැතිම හඬ

එන් එෆ්. එම්. නාලිකාවේ අපි කැමැතිම හඬ තිබුණු අයේෂා අක්කේ කාලෙකින් ඔබේ කටහඬ ඇහුණේ නැත්තේ ඇයි?
 

අමාලි අනුරුද්ධිකා

ඇල්පිටිය

දිගු කලකට පසු

ජීවන් කුමාරතුංගයන් අපට සිටින කලාකරුවන් අතර ඉදිරියෙන්ම සිටින දක්ෂ රංගන ශිල්පියෙකි. දිගු කාලයකට පසුව ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා ඔහුගේ රංගනය දැක බලා ගැනීමට හැකිවීම භාග්‍යයකි.
 

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

වැඩි පිරිසක් ග්‍රහණය කළ සුජාත දියණිය

පසුගිය දිනවල ලංකාවේ රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂකයින් වැඩි පිරිසක් ග්‍රහණය කර ගත්තේ සුජාත දියණිය බවයි මාගේ විශ්වාසය. එය විකාශය වන වේලාව පිළිබඳ කතා කළොත්, විශේෂයෙන්ම පාසල් යන ළමුන් සිටිනා නිවෙස්වල ළමුන්ගේ මේ කාලය තුළ තරමක හෝ අධ්‍යාපනික කටයුතු අතපසු වන බවයි මගේ පෞද්ගලික අදහස.

එහෙත් මෙම ටෙලි නාට්‍යය විදේශයක එකක් වුවත් මෙරට නිර්මාණය වන ටෙලි නාට්‍යය අතර සුජාත දියණිය ඉතා රසවත් එකක් වූවා යැයි ද කියමි.
 

අජිත් ලක්මාල්

මීගමුව

අප සැමගේ ප්‍රශංසාව

දින සියයක් බොරලු පාරේ ඇවිද ගිය අපට කිසිදු පීඩාවක් අපහසුවක් නොදැනුණි. එය බොරලු අතුරන ලද පාරක් වුව ද මනා ලෙස පිළිවෙළකට අතුරා තිබූ නිසාම අපට දැනුණේ කාපට් පාරක යන බවකි. එතරම්ම එය අති සුන්දර එකක්ම විය.

බොරලු පාර මෙතරම් උසස් තත්ත්වයකට නිර්මාණය කිරීමට දායක වූ සියලුම දෙනාට අප සැමගේ ප්‍රශංසාව හිමිවීම සිකුරුයි.
 

තිලක් අබේකෝන්

පාදුක්ක

කෙතරම් අපූරුද?

ඇන්ජලින් ගුණතිලක,

දෙවියන් දුන් කටහඬින් සිනමාව පෝෂණය කළා වගේම සුජාත දියණිය ටෙලි මාලාවට ඇය ගායනා කළ ගීතය කොතරම් අපූරුද?
 

කොලොන්නාවේ

විජේසිරි

කාටත් තේරුම් ගත හැකියි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

ඉතාමත් විනීතව බුදු දහමට අනුකූලව විකෘතිවීමකින් තොරව කතාව ගලා ගියේය. චිත්‍රපටයේ පසුබිම පසුතල දර්ශන ඉතාම විශිෂ්ටය. ශාන්ත සුන්දර එළිමහන් දර්ශන කතාව පුරාවටම තිබිණ.

සිද්ධාර්ථ, දේවදත්ත, යශෝධරා යන චරිත සඳහා ඉන්දීය නළු නිළියන් මෙන්ම සුද්ධෝදන රජු ලෙස රන්ජන් ද හොඳ රඟපෑමක යෙදේ. පිටපතේ ඇති සරලකම නිසා නොමේරූ අයට වුව ද චිත්‍රපටය තේරුම් ගත හැකිය.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව

හොඳ කතාවක්

කොරියානු ටෙලි වෘතාන්තයක් වූ සුජාත දියණිය ඉතා අර්ථවත්, ගුණගරුක, ආචාරශීලී පණිවුඩයක් ගෙන දෙන්නකි. ජාතික රූපවාහිනියට පිං සිද්ධ වන්නට අවුරුදු ගාණකට පසුව හොඳ කතාවක් අපි නැරැඹුවෙමු.

ඉඳහිට කඩදොර, අප්පච්චි වැනි නාට්‍ය බිහි වුව ද කොටස් 200 ද ඉක්මවමින් ඉතාම පහත් ගණයට අප ටෙලි නාට්‍ය කලාව වැටී ඇති යැයි ද මෙහිදී සඳහන් කළ යුතුය.
 

ක්ලෝඩ් ද ලිවේරා

නාලිනී ද ලිවේරා

මීගමුව

මේ SMS ප්‍රතිචාර තීරයයි

සඳා නාට්‍යයේ සඳා හරිම ලස්සනයි.
 

නදී

ගම්පහ

ඉසුරු සංග්‍රාමයේ සුසිරිපාල ලෙස රඟන වසන්ත ගීතාරච්චිගේ රංගනය කදිමයි.
 

ගයාන්

බදුල්ල

රස සාගරයක් මැවූ යසපාලිත නානායක්කාර නම් සිනමාවේදියා නැති අඩුව තදින් අද දැනේ.
 

සුගත් ලාල්

ක්වේට්

වර්තමානයේ දුවා දරුවන්ට ගුරුවරුන්ගේ අගයත්, තමා ගුරුවරයාට හිමි තැන ලබා දිය යුතු අයුරු හදවතේ ගැඹුරුම තැනට දැනෙන්නට උගන්වන වේදිකා නාට්‍යයකි දිසාපාමොක්.

එහි ඇති අපූර්වත්වය පාසල් ගුරුවරයකු ලෙස මම හොඳින් අත් වින්දෙමි. එහි අධ්‍යක්ෂ ජගත් කරුණාසේනයන්ට තුති පුදමි.
 

චම්පිකා තිලකරත්න

කිරිඳිවැල

පෙර විකාශය අවසන් වූ හරවත් ටෙලි නාට්‍ය නැවතත් බලන්න ආසයි.
 

ජයනි, අනූෂා, මධුෂි

ගම්පහ

චාමර රණවක හොඳ හඬකින් හදවතට දැණෙන සිංදු කියනවා. ඒත් ඒවා ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය වන්නේ නැහැ.
 

චතු

මතුගම

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය මුළු රටටම ආඩම්බරයකි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය

 

තිලකසිරි රත්නායක,
ඔබගේ අලුත් ගීත එකතුවක් බලාපොරොත්තුවෙන් සිටින්නේ. ඇයි ප්‍රමාද?
 

තරංග ලංසක්කාර

උඩුබද්දාව

ආත්මා ලියනගේ ගේ ගීත ඉතාමත් රසවත්. හද පිනා යනවා.
 

සෙව්වන්දි

අනුරාධපුර

සුසිලා කෝට්ටගේ අපව සිනා සයුරේ ගිල්වනවා.
 

නිශාන්

බණ්ඩාරවෙල

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ කවීශ කවිරාජ්, චාමර වීරසිංහ, සතුට සුරංග තමයි මගේ ප්‍රියතම ගායකයෝ.
 

දිනේෂ්

හික්කඩුව

ටයිම් රේඩියෝහි ජීවිතයයි, ගීතයයි වැඩසටහන හරිම අගෙයි.
 

රත්නා කහඳව

අලව්ව

බෙස්ට් ඔෆ් ද සිංගර් අයි ලයික් ගයාන් පෙරේරා.
 

නදීරා

ගම්පහ

අවසඳ සහ සඳ කිඳුරු යන ටෙලි නාට්‍යයන් හි රඟපෑ ගෝතමී පතිරාජ ගැන යළිත් මතක් වුණා.
 

හෙන්රි

පෑලියගොඩ

දෙරණ නාලිකාවේ ‘නෝ පොලිටික්ස්’ වැඩසටහන අපි ගොඩක් ආසාවෙන් නරඹන්නෙමු.
 

අශෝකා

වත්සලා

චන්දන

අම්බලන්තොට

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා නිර්මාණය නිර්මාණාත්මක අගයෙන් ඉතාම ඉහළයි, පූජනීයයි. එහි රංගනයේ යෙදෙන ‘ගගන් මලික්, අන්චල් සිං’ ඇතුළු සියලු රංගන ශිල්පීන් සහ එයට සහභාගී වූ සියලුම කාර්මික ශිල්පීන්ට මාගේ ප්‍රණාමය පිරිනමමි.
 

ජනක ප්‍රසන්න

බද්දේගම

ගාල්ල

සැබෑ ගායකයකු යැයි කටපුරා කිව හැක්කේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ට පමණි.
 

මදුෂා රංගාලි

ගනේමුල්ල

අතුල සමිතා වෙන් වුණත් ගීත ලොවේදී එක් වී ගයනා ගීත හරිම සුන්දරයි.
 

ඉඳුනිල්

නුවර

සුරාජ් මාපා දැන් ඒකාකාරී බොළඳ චරිතවලට පමණක් කොටුවෙලා. ඉදිරියේදීවත් හොඳ රංගනයක් කරන්න පුළුවන් චරිත තෝරා ගන්න.
 

සාරංග

රත්මලාන

සඳා ටෙලි නාට්‍යයේ සදෙව්ගේ චරිතය මවන පැතුම් රුක්ෂාන් අයියේ, ඔබට හොඳ අනාගතයක් තියන බව නම් පැහැදිලියි.
 

දිනුෂා

ගම්පහ

කෝපි කඩේ හි රඟන කුමාර රණපුරගේ රංගනය ටොපේ ටොප්.
 

දයාරත්න ගණේගොඩ

කැලණිය

ආදරණීය විජය,

මොන තරම් තරු පෑයුවත් සිනමා අම්බරයේ හැමදාමත් නොඅඩුව දිලිසුන තරුව ඔබයි.

ඔබ සදාකල් අමරණීයයි.
 

රංජිනී අමරසිංහ

වල්පොළ

දමිත් අසංකගෙන් වෙනස් ගීතයක් අප බලාපොරොත්තු වෙමු.
 

පියුමි උදේශිකා

මහවැව

හිරු නාළිකාවේ ටොප් ටුවෙන්ටි වැඩසටහන ශලනි අක්කා සහ විරාජ් අයියා හොඳින් ඉදිරිපත් කරනවා.
 

පවිත්‍රා

බෙලිඅත්ත

මා කුඩා කල සිටම මගේ කැමැතිම නිළිය වූයේ චතුරිකා පීරිස්ය.
 

මධු

රත්නපුර

චංගුමි ආයෙත් එන්න. ඔබ එනකල් අපි ආසාවෙන් බලා සිටිමු.
 

සුජාතා ගුණවර්ධන

කඩවත

ආත්මය තම ගීතය කොටගෙන ස්වකීය මධුර හඬින් සිංහල සුභාවිත ගීතයේ මංපෙත් එලි පෙහෙළි කළ රසික හදවත් වීණා තත් සියුම් කම්පනයෙන් පිනවා අපේ කාලයේ ගීතයේ මහ ඇදුරාණෝ,

සුනිල් එදිරිසිංහ කලාකරුවාණෙනි,

ඔබ, ලක් මෑණියන්ට අමිල වස්තුවකි.
 

චතුරංග සම්පත්

තුන්නැන

හංවැල්ල

සේනානායක වේරලියද්ද නොමැති ප්‍රසංග ගණනාවක් නැරැඹුවෙමි. ඒවා තුළ පිරුණු බවක් නොවීය. ඔහු සිටිනවා නම් අප පිනා යන්නේ අසීමිතවය.

වේරලියද්ද, වේදිකාවට එන්න. යළිත් පෙර සේ ගයන්න.
 

වික්‍රම

මිද්දෙණිය

ප්‍රතිචාර තීරයට වැදගත් වන සිතැඟි ක්ෂණිකව 0752805047 යන අංකයට ක්ෂණකව එවිය හැකිය.

එමෙන්ම ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ සටහන් හෝ තැැපැල්පත් වෙනුවෙනි.

කුමන අන්දමේ ප්‍රතිචාරයක් එව්වද එහි ඔබේ නම හා ප්‍රදේශය සඳහන් කරන්නට ද මතක තබා ගන්න.