වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -101

සිංහල සිනමා විස්තරය -101

සිංහබාහු

තිරගත වූ දිනය – 1980 නොවැම්බර් 22
ඉදිරිපත් කිරීම - හේමා ෆිල්ම්ස්
නිෂ්පාදනය – උපාලි සෙනරත්, ආනන්ද සෙනරත්
අධ්‍යක්ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද
කතාව, දෙබස්, තිර රචනය – දයා අල්විස්
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. විජයරත්න
කැමරා සහාය – යාපා ජයවර්ධන
සහාය අධ්‍යක්ෂණය – මර්වින් කථආරච්චි, දයා ෆිල්ම්ස්
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල, ලයනල් ලියනගේ
නිශ්චල ඡායාරූප – ජිනදාස පෙරේරා
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
නිෂ්පාදන කළමනාකරු - දෑල සෝමපාල රත්නායක
සංගීත අධ්‍යක්ෂණය - පේ‍්‍රමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත සංඛ්‍යාව - 02
මගේ පෙම්බර දරුවනේ – නීලා වික්‍රමසිංහ
පුතු සෙනේ පිය හද තුළ - ඩබ්ලිව්.ඩී. අමරදේව
ගීත පොත් - ශාන්ති පොත්හල -මරදාන

නථ නිළියන් - ජෝ අබේවික්‍රම (සිංහ), ස්වර්ණා මල්ලවාරච්චි (සුප්‍රා), අමරසිරි කලංසූරිය (සිංහබාහු), නදීකා ගුණසේකර (සිංහ සීවලී ), පියසේන අහංගම (වංග පොලිස් නිලධාරී ), උපාලි අත්තනායක (දඩයම්කරු), රුක්මණී දේවී, අනෝජා වීරසිංහ, රොබින් ප්‍රනාන්දු, ලයනල් දැරණියගල, විල්සන් කරුණාරත්න, වින්සන්ට් වාස්, වින්සන්ට් පේ‍්‍රමසිරි, ඩේසන් අමරසිංහ, අශෝක හේවාවිතාරණ, දයානන්ද සල්වතුර, අමරසේන දිසානායක, රාජා සුමනපාල, පියදාස විජේකෝන්, බන්දුල විතානගේ, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ආනන්ද වික්‍රමගේ, ආරියදාස සතරසිංහ, හයිසින්ත් විජේරත්න

ප්‍රදර්ශනය - රිට්ස්, අශෝකා, රොක්සි, ලැවීනියා ඇතු¼ථ 3 වැනි මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

හොඳින් ඉන්න

තිරගත වූ දිනය – 1980 දෙසැම්බර් 05
ඉදිරිපත් කිරීම - ටෝනි එන්ටර්ටේන්මන්ට්
නිෂ්පාදනය – හියුබට් ඇන්ටනි ප්‍රනාන්දු
අධ්‍යක්‍ෂණය – බන්දු ගුණසේකර
තිර නාටකය, කතාව, දෙබස් - ඇන්තනී සී. පෙරේරා, බන්දු ගුණසේකර
සහාය අධ්‍යක්‍ෂණය – ඇන්තනී සී. පෙරේරා
කැමරා අධ්‍යක්‍ෂණය – විලියම් ඔලම්ස්
කැමරා සහාය - නොයෙල් පෙරේරා
සංස්කරණය - ගෝපිනාත් පොන්නකෝන්, වින්සන් ඩේවිඩ්
අංග රචනය – ඩී. ඩී. ඇන්ටනි, එම්. සී. ගිල්බට්
කලා අධ්‍යක්‍ෂණය – නරේන්ද්‍ර ජේ. එඩ්වඩ්
සටන් අධ්‍යක්‍ෂණය - රොබින් ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු (බී.එස්. සී)
සැකසුම – එස්. පී. එම්. චිත්‍රාගාරය – කඳාන, විජය චිත්‍රාගාර – හැඳල
නිෂ්පාදන කළමනාකරණය – ඇන්තනී සී. පෙරේරා
සංගීත අධ්‍යක්‍ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර

ගීත – බලාපොරොත්තුවේ සිහින මලු - සුජාතා අත්තනායක
සුන්දරි ළඟට එන්නකෝ - මොරිස් දහනායක, ජේ. ඒ. මිල්ටන් පෙරේරා
දිවා රෑ දෙකේ හීන් සීරුවේ - සුජාතා අත්තනායක, හරුන් කුමාර් ලන්ත්‍රා

නළු නිළියන් - සේනාධීර රූපසිංහ, විජිත මල්ලිකා, හියුගෝ ප්‍රනාන්දු, සෝමා අයිරාංගනි, බන්දු ගුණසේකර, ඇන්තනී සී. පෙරේරා, අමිතා ලියනගේ, රොබින් ප්‍රනාන්දු, පිටිපන සිල්වා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එඩී. ජූනියර්, බන්දු මුණසිංහ

ප්‍රදර්ශනය – ගාමිණී, ෆ්ලාසා, සමුද්‍රා - වත්තල, විජයන්ති – කඩුවෙල, අනූෂා - මහරගම, රාජ් – මීගමුව, එස්. කේ. සිනමා - මාතර ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.


අපි දෙදෙනා

තිරගත වූ දිනය – 1980 දෙසැම්බර් 05
ඉදිරිපත් කිරීම – නිව් ජානකී චිත්‍රපට
නිෂ්පාදනය සහ අධ්‍යෂණය - මෙරිල් ඇල්බට්
කතාව, දෙබස් සහ තිර රචනය - සරත් කැල්ලපත
කැමරා අධ්‍යක්‍ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
කැමරා සහාය – මර්සලින් එස්. පෙරේරා, වී. හේමපාල
සහාය අධ්‍යක්‍ෂණය හා නිෂ්පාදන කළමනාකරණය – අමරනාත් සිරිනන්දන
සංස්කරණය – කාලිංග ද සිල්වා
සංස්කරණ සහාය - ජෝකින් අප්පුහාමි
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
සටන් අධ්‍යක්‍ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්‍ෂණය – චන්ද්‍රකලා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
ශබ්ද සහාය – ලයනල් ගුණරත්න, ඩී. එච්. පුංචිහේවා
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
රසායනාගාර සහාය - සමරසිංහ
සංගීත අධ්‍යක්‍ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත – අනාගතේ රන්වන් මඟ - එච්. ආර්. ජෝතිපාල - සරත් කැල්ලපත
හඳපාන වගේ අවුත් – මිල්ටන් මල්ලවආරච්චි – ධර්මසිරි ගමගේ
හරි හරි සීරුවට – එච්. ආර්. ජෝතිපාල, ශ්‍රීමතී රණසිංහ – ධර්මසිරි ගමගේ
අනාගතේ රන්වන් තරුපත – ත්‍යාගා එන්. එඩ්වඩ්, නිරංජලා සරෝජිනී, ශ්‍රීමතී තිලකරත්න - සරත් කැල්ලපත
දිස්නේ රැඳුණේ සරාගී - එච්. ආර්. ජෝතිපාල – ධර්මසිරි ගමගේ

ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන

නළු නිළියන් – තිස්ස විජේසුරේන්ද්‍ර (රවීන්ද්‍ර), ගීතා කුමාරසිංහ (හිමාලි), විමල් හලංගොඩ, ජෙනිටා සමරවීර, විමල් කුමාර් ද කොස්තා, ශාන්ති ලේඛා, බී. ඇස්. පෙරේරා, රත්මලී ගුණසේකර, පියදාස විජේකෝන්, යූ. ආරියවිමල්, බන්දුල විතානගේ, ඩබ්ලිව්, ජයසිරි

ප්‍රදර්ශනය – ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත, කුවින්ලන්, රීගල් - මීගමුව ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී.

මයුරිගේ කතාව

තිරගත වූ දිනය – 1980 දෙසැම්බර් 19
ඉදිරිපත් කිරීම – පතිරූ චිත්‍රපට
නිෂ්පාදනය – ආරියරත්න පෙරේරා
කතා තේමාව, අධ්‍යක්‍ෂණය සහ ගීත රචනය – ගාමිණී ෆොන්සේකා
සහාය අධ්‍යක්‍ෂණය -ෂෙල්ටන් කැකුණවල
කැමරා අධ්‍යක්‍ෂණය - වී. වාමදේවන්
සංස්කරණය – ලාල් දිසානායක, බර්නාඩ් රෙජිනෝල්ඩ්
වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජ්
සැකසුම – විජය චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
ශබ්ද පරිපාලනය – එස්. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු
නිෂ්පාදන කළමනාකරු - එල්රෝයි අල්මේදා
සංගීත අධ්‍යක්‍ෂණය – ලයනල් අල්ගම
ගීත ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව, සුජාතා අත්තනායක

ගීතය - සුදෝ මම ආදරෙයි (අවස්ථා දෙකක දී අමරදේව සහ සුජාතා විසින් ගැයේ)

නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා (මර්වින්), විනා ජයකොඩි (මයුරි), ටෝනි රණසිංහ (පාල), ශිරාණි නුගේරා, සොමී රත්නායක, ශාන්ති ලේඛා, විමල් කුමාර් ද කොස්තා, ධර්ම ශ්‍රී මුණසිංහ, අයිරාංගනී සේරසිංහ, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, සේනක පෙරේරා, නෙල්සන් පීරිස්, ජී. ගුණවර්ධන, දමිත් ෆොන්සේකා, රුක්සලා අල්මේදා, ඉනක්‍ෂි ඇලෙක්ස්

ප්‍රදර්ශනය – ලිබර්ටි, ක්‍රවුන්, මානිල්, ඕඩියන්, නිව් මෙට්රෝ, වෙම්බ්ලි ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.


කිඳුරු කුමාරි


තිරගත වූ දිනය – 1980 දෙසැම්බර් 26
ඉදිරිපත් කිරීම – තල්විල සුමංගල චිත්‍රපට
නිෂ්පාදනය – (12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි) රේමන් ප්‍රනාන්දු, මාෂල් ප්‍රනාන්දු, බැසිල් ප්‍රනාන්දු, එඩ්මන් නාමල්, සැම්සන් රුද්‍රිගු, ජෝන් ප්‍රනාන්දු, ජේ. ජේ. ජයසේකර, ග්‍රේෂන් බැසිල් ගුණසේකර, කැන්සියස් ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න
කතාව - දෙබස් - තිර රචනය - සුසිමා දමයන්ති
කැමරා අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි
කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, සෝමරත්න ඉඹුලේගම
නිෂ්පාදන කළමනාකාරිත්වය සහ සහාය අධ්‍යක්ෂණය – ජෙරාඩ් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල
වේශ නිරුපණය - රංජිත් මතඟවීර
වේශ නිරූපණ සහාය – එරල් කෙලී
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ගීත හා ශබ්ද පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් ඩී. ජයවර්ධන
සංගීත අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඩී. අමරදේව
වෙඩි පිපිරවීම් – එම්. ජී. කරුණාදාස, ජොනී ඩී. හූට්
ගීත සංඛ්‍යාව - 04

පෙම් සිහින තොටින් – නන්දා මාලිනී, අබේවර්ධන බාලසූරිය – පද – උදය මානවසිංහ
ආදරයට පිපුණු මල්වල – නන්දා මාලිනී – පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
ප්‍රාර්ථනා ගිලී ගියා සයුරේ – ඩබ්. ඩී. අමරදේව - පද – විමලේන්ද්‍ර වතුරේගම
හෙටක් ඇතත් නැතත් - ටී. එම්. ජයරත්න සහ පිරිස - පද සිරිල් ඒ. සීලවිමල
ගීත පොත්- ශාන්ති පොත්හල, මරදාන

නළු නිළියන් -
විජය කුමාරණතුංග, ජෙනීටා සමරවීර, රොබින් ප්‍රනාන්දු, වීණා ජයකොඩි, සිසිර කුමාරතුංග, දෙනවක හාමිනේ, මර්වින් ජයතුංග, විජය නන්දසිරි, හියුගෝ ප්‍රනාන්දු, ෂෙල්ටන් කුරේරා
ප්‍රදර්ශනය – රිට්ස්, අසෝකා, රොක්සි, ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමාශාලා 12 කදී ඇරැඹිණ.