වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිටිසන් කේන් යට යයි වර්ටිගෝ උඩ එයි

සිටිසන් කේන් යට යයි වර්ටිගෝ උඩ එයි

වසර පනහකට පසු ලොව හොඳම චිත්‍රපටය වෙනස් වෙයි

වැඩිම ඡන්ද ලද චිත්‍රපට දෙසිය පනහ අතරින් මුල් තැනට පත් චිත්‍රපට පනහ මොනවාද?

ලොව මෙතුවක් බිහිවූ හොඳම චිත්‍රපට කවරේද?පුරා වසර දහයකට වරක් බ්‍රිතාන්‍ය සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාව මගින් ලොව පුරා පිළිගත් සිනමා විචාරකයන් සහ සිනමා ක්‍රියාකාරින් ට තමන් කැමැතිම චිත්‍රපට දහය තෝරා ගන්නට ආරාධනා කරති. එහෙත් වසර ගණනාවක් මුළුල්ලේ ලොව හොඳම චිත්‍රපටය ලෙස නම් දරා සිටි සිටිසන් කේන් චිත්‍රපටයට මෙවර සිය මුල් තැන අහිමි වගියේය.

ඒ ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ වර්ටිගෝ ලොව පුරා සිනමා විචාරකයන් විසින් මුල් තැනට තෝරා ගැනීමත් සමගය. ඡන්ද 191 ක් ඒ සඳහා හිමිව තිබිණ.දෙවැනි තැනට පත් වූ සිටිසන් කේන් සදහා ලැබී තිබුණේ ඡන්ද 157 කි.රටවල් 73කින් 847 දෙනෙකු මේ ඡන්ද විමසීම සඳහා සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාවේ ප්‍රකාශකවන් වන බ්‍රිතාන්‍ය සිනමා ආයතනය විසින් තෝරා ගෙන තිබිණ. මේ ඡන්ද දායකයන් තම තමන් විසින් තෝරා ගන්නා ලද එකිනෙකට වෙනස් චිත්‍රපට සංඛ්‍යාව 2045කි.

මෙහි පළවනුයේ ඔවුන් විසින් තෝරා ගන්නා ලද වැඩිම ඡන්ද ලද චිත්‍රපට දෙසිය පනහක් අතරින් මුල් තැනට පත් චිත්‍රපට පනහක නාමාවලියයිමේ.මේ අතර ලොව පුරා විශිෂ්ට ගණයේ සිනමාකරුවන් රැසකගේ ඡන්දයෙන් අධ්‍යක්ෂවරුන් විසින් තෝරා ගනු ලබන චිත්‍රපට සියයද ඒ සමග සමගාමිව ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේ වෙතත් මේ චිත්‍රපට තෝරා ගැනීමේ කර්තව්‍ය සඳහා මෙරටින් දායකවන්නට ඉඩ ලැබුණේ එක් සිනමාවේදියකුට පමණී.ඒ තවමත් මෙරට තිර ගත නොවූ නමුත් ඉගිලෙන මාළුවෝ නම් චිත්‍රපටය තැනීමෙන් ලොව පුරා සිනමා විචාරකයන්ගේ අවධානය දිනා ගත් සිනමාකරු සංජීව පුෂ්පකුමාර පමණී.

ලොව පුරා සිනමාකරුවන් විසින් තෝරා ගන්නා ලද චිත්‍රපට සියයයෙන් මුල් තැනට පත් චිත්‍රපට දහය

01- ටෝකියෝ ස්ටෝරි
02- 2001:අ ස්පේස් ඔඩිසි
03- සිටිසන් කේන්
04- 81/2
05- ටැක්සි ඩ්‍රයිවර්
06- ඇපකලිප්සේ නව්
07- ද ගෝඩ් ෆාදර්
08- වර්ටිගෝ
09- මිරර්
10- බයිසිකල් තීව්ස්