වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ගී ත ය

ගී ත ය

ප්‍රදීපේ මා වේවා

සඳ පානේ තුරු සෙවණැලි අතරේ
සැඟ වී සුරඟන සවන යොමා වී
කිසිවෙකු එය ඇසුවාදෝ
කුසගිනි ඇති වුණේ එය ඇසුවාදේ
මනමත් කරවන . . .

වරුණ දෙවිඳු දේදුන්නේ පැහැයෙන්
සිතුවම් ඇඳ බටහිර අහසේ
වැහි කළු තිරයෙන් වසා දමයි
කිසිවෙකු එය දුටුවාදෝ
මන්මත් කරවන . . .

දිලිඳුන් හෙලනා කඳුළු නිසාවෙනි
සොඳුරු සොබාසිරි බිහිවන්නේ
යස ඉසුරින් පිරි දින පමණයි
අම රසය නිබඳ විඳ ගන්නේ
මන්මත් කරවන . . .

අසිරි දකින නෙත් ඇතිවුන් යමෙකුට
දිව රෑ කුසගිනි ඇවිලේ නම්
දිවි සටනට සිත යොදනු විනා
සොඳුරු රස හඳුනාදෝ
මනමත් කරවන . . .

චිත්‍රපටය – ප්‍රදීපේ මා වේවා
අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
සංගීතය – ලයනල් අල්ගම
රචනය - ශ්‍රී නිහාල්
ගායනය - එච්. ආර්. ජෝතිපාල
රංගනය – විජය කුමාරණතුංග