වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය නාට්‍ය උළෙල අද ඇරැඹෙයි

රාජ්‍ය නාට්‍ය උළෙල අද ඇරැඹෙයි
2012 - 2013

දිගු නාට්‍ය 05 යි

2013 - කෙටි නාට්‍ය 13 යි

සම්මාන ප්‍රදානය මාර්තු 15 දා
 

සංස්කෘතිත කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර පැවැත් වෙන්නේ 41 වැනි වතාවටය. 2013. 03. 15 දින සවස 5.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සංවිධානය කොට ඇති මෙම උළෙලේදී 2012 සහ 2013 වසරවල සම්මාන පිරිනැමීමට නියමිතය.

වට තුනකින් සමන්විත රාජ්‍ය නාට්‍ය උළෙලේ පළමු වටය ලෙස පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් සහ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංස්කෘතික නිලධාරීන් හරහා පිටපත් කැඳවීමට අදාළ දැන්වීම් බෙදා හරින ලදී. ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් නාට්‍ය පිටපත් රැගත් අනුමණ්ඩලය වෙත ලැබුණි.

2012 වසර සඳහා සිංහල නාට්‍ය 34 ක්ද දමිළ නාට්‍ය 06 ක්ද ලැබුණු අතර 2013 වසර සඳහා සිංහල දිගු නාට්‍ය 19 ක්ද, කෙටි නාට්‍ය 12 ක්ද ලැබී තිබුණි. 2013 සඳහා ලැබුණු දෙමළ නාට්‍ය ගණන 15 කි.

ලැබුණු පිටපත් අතරින් නිෂ්පාදනයට සුදුසු යයි විනිශ්චය මණ්ඩලය නිර්දේශ කළ නිර්මාණ නිෂ්පාදනය සඳහා තෝරා ගන්නා ලදී.

ඒ අනුව 2012 සඳහා සිංහල දිගු නාට්‍ය 19 ක්ද, දෙමළ දිගු නාට්‍ය 03 ක්ද, 2013 සඳහා සිංහල දිගු නාට්‍ය 19 ක්ද, කෙටි නාට්‍ය 4 ක් සහ දමිළ කෙටි නාට්‍ය 15 ක් ද නිෂ්පාදනය සඳහා තෝරා ගන්නා ලදී. ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවලට ගොස් දෙවන වටයේ විනිශ්චය කටයුතු සිදු කෙරිණි.

මෙසේ තෝරා ගත් නාට්‍ය යොදා ගනිමින් රාජ්‍ය නාට්‍ය උළෙල 2013 පෙබරවාරි 14 දින සිට 20 දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී 14 දින සිට 24 දක්වා 2012 – 13 වර්ෂවලදී රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා සුදුසුකම් ලත් දිගු නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට ඇති අතර 25 සිට 28 දක්වා දිනකට නාට්‍ය 4 බැගින් කෙටි නාට්‍ය ප්‍රදර්ශනය කෙරෙයි.

අවසන් වටයේ විනිශ්චය මණ්ඩලය සඳහා දිගු නාට්‍ය වෙනුවෙන් හත් දෙනකු ද කෙටි නාට්‍ය වෙනුවෙන් 9 දෙනකු ද සම්පත් දායකයන් ලෙස සහභාගි වෙයි.

මෙසේ තෝරා ගන්නා නාට්‍ය සඳහා සම්මාන ප්‍රදානය සිදුවන්නේ මාර්තු 15 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.